SKIP TO MAIN CONTENT

"ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016" - ඡන්දයෙන් පසු Medicare මුළුමනින්ම ජනතා අයිතියට ; Bill Shorten ගෙන් පොරොන්දුවක් ; ග්‍රීන්ස් පක්ෂයේ ද සහය

කම්කරු පක්ෂයේ සහ ග්‍රීන්ස් පක්ෂයේ මැතිවරණ පොරොන්දු

Bill Shorten
Leader of the Opposition Bill Shorten speaks at a press conference in the federal seat of Burt in Perth, Tuesday, May 24, 2016. Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

කම්කරු පක්ෂයේ මැතිවරණ පොරොන්දු

එළඹෙන ජූලි 2 වන දින පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් තම පක්ෂය ජය ගතහොත් ඩිම්බ කෝෂ පිළිකා මර්දනයට ඩොලර් මිලියන 8 ක් වෙන් කරන බවට කම්කරු පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලබා දී තිබේ.

විපක්ෂ නායක බිල් ශෝටන් මහතා අද දින (25/05/2016) මෙල්බන් හීදී  පැවැති මැතිවරණ රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම මුදල් උපයෝගී කරගෙන  ඩිම්බ කෝෂ පිළිකා කලින් හඳුනා ගැනීමට පහසුකම් සලසාගත හැකි බව ඒ මහතා වැඩි දුරටත්  පැවසීය.

මීට අමතරව මැතිවරණයෙන් තම පක්ෂය ජය ගතහොත් Medicare අයිතිය නැවතත් ජනතාව සතු කරන බවටද කම්කරු පක්ෂය ඡන්ද පොරොන්දුවක් දී තිබේ.

කම්කරු පක්ෂ රජයක් යටතේ දින 100ක් ඇතුලත Medicare පෞද්ගලීකරණය කිරීම වහා නවත්වන බවටද  විපක්ෂ නායක බිල් ශෝටන් මහතා පවසා තිබේ. 

ඒ මහතා මේ බව කියා සිටියේ බටහිර ඕස්ට්‍රේලියානු මැතිවරණ ව්‍යාපාරයකදීය.

ග්‍රීන්ස් පක්ෂයේ මැතිවරණ පොරොන්දු

කම්කරු පක්ෂය  Medicare සම්බන්ධව ලබා දී තිබෙන මැතිවරණ පොරොන්දුව සඳහා ග්‍රීන්ස් පක්ෂය  සහය පළ කර තිබෙනවා. ඔවුන් මේ බව පැවසුවේ අද දින (25/05/2016) තම සෞඛ්‍ය සැලැස්ම ඉදිරිපත් කිරීම අතරතුරේදීය.

මෙම නව සැලැස්ම යටතේ ප්‍රාදේශීය දුෂ්කර ප්‍රදේශ වල සෞඛ්‍ය නගා සිටුවීමට ඩොලර් මිලියන 280 ක් සහ Medicare ප්‍රතිලාභ සඳහා  ඩොලර් බිලියන 2.4 ක් වෙන් කර තිබේ.

 ග්‍රීන්ස් පක්ෂයේ නායක ඩි නටාල් මහතා  පවසා සිටියේ  ප්‍රාදේශීය දුෂ්කර ප්‍රදේශ වල සිටිනා රෝගීන් වෙනුවෙන් මහජන රෝහල් පද්ධතිය නගා සිටුවීම සඳහා ඩොලර් බිලියන 4 ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමටද  තම පක්ෂය  කැපවෙන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now