Breaking : ලංකාවේ ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකු ඔස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය හැදෑරු අයෙක් බව හෙළිවෙයි.

Sri Lanka attacks

Image posted by the IS Aamaq news agency, purporting to show Mohammed Zahran (c) the man Sri Lanka says led the Easter attacks Source: AAP

පාස්කු ඉරිදා සිදුකළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම උපාධිය එක්සත් රාජධානියේ හදාරා පසුව පශ්චාත් උපාධිය ඔස්ට්‍රේලියාවෙන් හැදෑරු පුද්ගලයෙකු බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන පැවසීය.

පසුගිය ඉරිදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාර වලින් මේ වන විට 359 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාරගත් බවට ඊයේ වාර්තා වූ අතර මේ වන විට සිදුවීම් වලට සම්බන්ධව 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බොහෝ දෙනෙකු ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය බවත් ඔවුන් සියලු දෙනාම මධ්‍යම හෝ ඉහළ මධ්‍යම පන්ති පවුල් වල හොඳ ආර්ථික පසුබිමක් සහිත පවුල් වලින් පැමිණෙන අය බවත් අමාත්‍ය රුවන් විජේවර්ධන වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රහාර වලට සම්බන්ධ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබූ පුවත ඇත්තෙන්ම කම්පනයට පත් කළ පුවතක් බව කම්කරු පක්ෂ ඉදිරිපෙළ මන්ත්‍රී Mark Butler පැවසීය.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

 


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now