Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

BREAKING NEWS - මෙල්බර්න් නගර මධ්‍යයේ මෝටර් රථයක් පදිකයින් වෙතට ධාවනය කිරීමෙන් සිදුකිරීමට තැත්කළ ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ : දෙදෙනෙකු අත්අඩංගුවට

Terror attack in Melbourne

Source: SBS

UPDATE - 21/12/2017 - 9.30 EAST

මෙම ප්‍රහාරය සිදුකල මෝටර් රථයේ රියදුරු වයස අවුරුදු 32 ක ඇෆ් ඝනිස්ථාන සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බවට මේ වන විට හඳුනාගෙන තිබේ. ඔහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු මානසික ව්‍යාධි තත්වයෙන් පසුවුණු පුද්ගලයෙකු බවද, ඔහු පොලිස් පරීක්ෂාවනට යටත්ව සිටි එහෙත් කිසියම් වරදකට හසුව ඇපමත මුදාහැර සිටි පුද්ගලයෙකු නොවන බවද පොලීසිය කියයි.

අත් අඩංගුවට පත් වයස අවුරුදු 24 ක් වන අනෙක් පුද්ගලයා මෙම සිදුවීම වීඩියෝ කරමින් සිට ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ තිබී තියුණු පිහි වර්ග කිහිපයක් තිබී හමුවීම හේතුවෙන් සැකපිට ඔහුවද අත් අඩංගුවට ගෙන ඇත. නමුත් මෙම සිදුවීමට ඔහුගේ සෘජු සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ කරමින් පවතින බව පොලීසිය පවසයි.

මේ අතර තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල නැඟ ඇත. ඉන් 15 දෙනෙකුගේ තත්වය එතරම් බරපතල නොවුවද අනෙක් 4 දෙනා බරපතල තත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේවුවද මෙය ත්‍රස්ත කියාවක්ද යන්න පිළිබඳව නිශ්චිතවම ප්‍රකාශයට පත්කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තවමත් නොමැති බව වික්ටෝරියානු පොලිසිය පවසයි. එහෙත් මෙය හිතාමතාම එල්ල කල ප්‍රහාරයක් ලෙසට නම් කල හැකි බව වැඩබලන පොලිස් කොමසාරිස් Shane Patton පැවසීය

 

 

මුල් පුවත  - 21/12/2017 5.30 EAST

මෙල්බෙර්න් නගරයේ Flinder Street සහ Swanston Street අතර මෝටර් රථයක් පදිකයින් වෙත පදවාගෙන යාමෙන් සිදුකිරීමට තැත්කළ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට පොලිසිය සමත් වෙයි. සිදුවීමට සම්බන්ද රියදුරා සහ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මේ වන විට මෙල්බෙර්න්  හි Filnder Street , Swanston street ඇතුළු මෙල්බෙර්න් federation square ආශ්‍රිතව ඇති CBD කලාපය ආශ්‍රිත මාර්ග වසා දමා තිබේ.

සිදුවීමෙන් දැනට වාර්තා වන අන්දමට තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු රෝහල් ගත කොට ඇත. ඉන් The Alfred Hospital වෙත තිදෙනෙකු ඇතුලත් කොට ඇති අතර ඔවුනගේ තත්වය කෙසේද යන්න පිළිබඳව කිසිඳු තොරතුරක් මේ වනවිට වාර්තා වී නොමැත.  තවත් තිදෙනෙකු Royal Melbourne Hospital වෙත ඇතුලත් කොට ඇත. එසේම පෙර පාසල් වයසේ දරුවෙකුද හිසට සිදුවූ තුවාල සහිතව Royal Children's Hospital වෙත ඇතුලත් කොට ඇති බව වාර්තා වේ.

පිවිසෙන්න අපගේ Facebook පිටුවටwww.facebook.com/sbssinhalese

මේ පිළිබඳව ඇසින් දුටු සාක්ෂි ඇත්නම් මෙම ආසන්නයේ ඇති Spencer Street හි 313 ස්ථානයේ පිහිටා ඇති පොලිස් ස්ථානය වෙත වහාම පැමිණෙන ලෙසට හෝ Crime Stoppers දුරකථන අංකය 1800 333 000 අමතන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

 

************************************************************************************************

!!...SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන...!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now