SKIP TO MAIN CONTENT

Breaking News : ජේසුතුමන්ට පැළඳු කටු ඔටුන්න තැන්පත් කර තිබූ ලෝක ප්‍රකට Notre-Dame දේවස්ථානය ගිනිබත් වෙයි.

Notre-Dame Cathedral
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලොව ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන වලින් එකක් වන ප්‍රංශයේ පැරිස් නුවර Notre-Dame දේවස්ථානය හදිසි ගිනි ගැනීමකට ලක් විය.

ප්‍රංශ වේලාවෙන් ඊයේ (15/04) පස්වරුවේ මෙම ගින්න ඇතිවූ අතර එය දරුණු ලෙස දේවස්ථානයේ ඉහළ කොටසේ පැතිරී ගොස් තිබේ.

12 වන සියවසේදී බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්ප සහිත ගොඩනැගිල්ලක වන Notre-Dame දේවස්ථානයේ සුප්‍රසිද්ධ කොත සහිත වහලය මෙම ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.

ගින්න හටගත් අවස්ථාවේදීම ගිනි නිවන භටයින් සිය ගණනක් ගින්න නිවා දැමීමට පැමිණි නමුත් ඔවුන්ට ගින්න නිසි පරිදි මැඩලීමට නොහැකිවී තිබේ.

මේ අතර දේවස්ථානයේ පිහිටුවා ඇති මිල කළ නොහැකි ප්‍රතිමා සහ අනෙකුත් චිත්‍ර ගින්නෙන් බේරාගැනීමට මේ වන විට ගිනි නිවන භටයින් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

ගින්න ඇතිවුයේ කුමන හේතුවක් නිසා දැයි තවමත් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

ජේසුස් වහන්සේව කුරුසබත් කිරීමට පෙර පැළඳු කටු ඔටුන්න තැන්පත් කර ඇත්තේද මෙම Notre Dame දේවස්ථානයේ වන අතර වසරකට මිලියන 13 ක පමණ සංචාරකයින් මෙය නැරඹීමට පැමිණෙන බව වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now