Breaking News : ලංකාවේ ස්ථාන 6 ක පිපිරීම් 6 ක්. 141 ක් මරුට.

Scores dead as multiple explosions rock Sri Lanka hotels and churches on Easter

Source: AAP

ශ්‍රී ලංකා වේලාවෙන් අද (21/04) පෙරවරුවේ ස්ථාන 6 ක ඇතිවූ බෝම්බ පිපිරීම් සිද්ධි හේතුවෙන් මේ වන විට 141 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

කොළඹ කොච්චි කඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ශැන්ගිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කොළඹ කින්ග්ස්බරි හෝටලය යන ස්ථාන හයෙහි මෙම පිපිරීම් සිදුව ඇත.

අද පෙරවරුවේ පාස්කු දේව මෙහෙය පවත්වන වෙලාවේ මෙම පිපිරුම් සිදුවී ඇති අතර ඒවා සංවිධානාත්මකව සිදුකළ පිපිරුම් බවට ආරක්ෂක අංශ සැක කරයි.

AAP
Sri Lankan Army soldiers secure the area around St. Anthony's Shrine after a blast in Colombo, Sri Lanka, Sunday, April 21, 2019. Source: AAP

ජීවිතක්ෂයට පත්ව ඇති පිරිසෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ කටාන කටුවාපිටිය දේවස්ථානයෙන් බවද ශ්‍රී ලංකා පුවත් වාර්තා කරයි.

තුවාල ලැබූ පිරිස් කොළඹ, මීගමුව, මඩකලපුව සහ රාගම යන රෝහල් වලට කඩිනමින් ගෙන යමින් පවතින අතර ඔවුන් වෙත කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සිදුකරමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොළඹ හෝටල් තුනෙහි ඇතිවූ පිපිරීම් වලින් විදේශිකයින් 9 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් විදේශිකයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

A general view after a explosion hit at St Anthony's Church in Kochchikade in Colombo, Sri Lanka, 21 April 2019.
A general view after a explosion hit at St Anthony's Church in Kochchikade in Colombo, Sri Lanka, 21 April 2019. Source: AAP

මෙම පිපිරීම් සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විටත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති අතර තවමත් මේ සිදුවීමට සම්බන්ධ කුමන පාර්ශවයක්ද යන්න හෙළිවී නොමැත.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now