SKIP TO MAIN CONTENT

සිඩ්නි නගර මධ්‍යයේ හදිසි ගින්නක්. (වීඩියෝ)

Sydney's Circular Quay Fire
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අද (13/02) පෙරවරු 8.40 ට පමණ සිඩ්නි නුවර CBD  හෙවත් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති අතර මේ  සිඩ්නි නුවර ගිනි නිවීම් ඒකක එම ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්.

මහල් 10 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ පිටතින් තිබූ පලංචි ආවරණයක් ගිනිගෙන එය සිඩ්නි Circular Quay හි ආසන්නයේ පිහිටා ඇති Pitt වීදියට හා Alfred වීදියට පතිත වී ඇත.

සිද්ධිය සැලවූ සැනින් ගිනි නිවීමේ ඒකක 7 ක් එම ස්ථානයට ගොස් ඇති අතර අදාළ ගොඩනැගිල්ලේ සිටි සියලුම දෙනා එයින් ඉවත් කිරීමට ඔවුන් සමත් වී තිබේ.

සිද්ධියෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති බවද වාර්තා වේ.

Sydney Circular Quay fire
Source: Marton Dobras

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

මෙම ගින්න හේතුවෙන් අදාළ ගොඩනැගිල්ල අවට කළු දුමාරයකින් වැසී ගොස් තිබුණු අතර Circular Quay ආශ්‍රිතව පිහිටි දුම්රිය මාර්ග වල දුම්රිය ගමනාගමනයද තාවකාලිකව නවත්වා තිබුණි.

Sydney Circular Quay fire
Source: Twitter

නමුත් මේ වන විට තත්ත්වය සමනය කර ඇති බැවින් දුම්රිය ගමන් යථා තත්ත්වයට පත් කර ඇති බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now