එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඔස්ට්‍රේලියාවට රතු එළියක්.(SBS සිංහල / වාර්තා)

Human Rights

Source: AAP/Lucy Hughes Jones

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමිසම මගින් ළමා අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීම උදෙසා නව නිර්දේශයන් කිහිපයක් ඉදිරිපත්කර තිබේ. 


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඕස්ට්‍රේලියාවද මෙම නව නිර්දේශයන්ට අනුකුලව කටයුතු කලයුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික , නීතිඥ Shahleena Musk පවසයි.

එසේම ඕස්ට්‍රේලියාවේ බොහෝ නීති සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද පවසන්නේ ඕස්ට්‍රේලියාවද මෙම නව නිර්දේශයන්ට අනුකුලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.


Human Rights
Source: Supplied (Amnesty International)

ළමයකු බන්ධනාගාර ගත කළ යුතු වයස සංශෝදනයට නිර්දේශ

වයස අවුරුදු 16කට වඩා අඩු ළමයකු බන්ධනාගාර ගත නොකළ යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමිසම නිර්දේශ කර තිබේ.

තවද අපරාධයක් සම්බන්ධයෙන් වරදකරුවකු කිරීමේ දැනට පවතින අවම වයස අවුරුදු 12 සිට 14 දක්වා ඉහල නැංවීමටද නිර්දේශ කොට තිබේ.

වයස අවුරුදු 12ක් වන ඕස්ට්‍රේලියානු දරුවෙකු වන Dujuan Hoosen විසින් එක්සත් ජාතීන්ගේ කවුන්සිලය වෙත කල ඉල්ලීමකින් සති දෙකකට පසු මෙම මෙම නව නිර්දේශයන් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මෙහිදී Dujuan පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාව තුල ළමුන් බන්ධනාගාරගත කිරීම් තහනම් කලයුතු බවයි.

ඔස්ට්‍රේලියාව තුල දැනට පවතින නීති අනුව අවුරුදු 10ක ළමයකු අත්අඩංගුවට ගැනීමටත්, නඩු පැවරීමටත්, අධිකරණයක් හමුවට පැමිණවීමට සහ ළමා බන්ධනාගාරගත කිරීමටත් හැකියාවක් පවතින බව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික , නීතිඥ Shahleena Musk පවසයි.

මෙම නීතිය , ජාත්‍යන්තර නීති ප්‍රමිතීන්ට පටහැනි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි. දැනට පවතින ජාත්‍යන්තර නීතින් වලට අනුව ළමයකු සිරගත කිරීමේ අවම වයස අවුරුදු 14ක් වේ.


ඔස්ට්‍රේලියාව තුල අවුරුදු 10ත් 13ත් අතර ළමුන් 600ක් පමණ වසරකට බන්ධනාගාරයට

ඔස්ට්‍රේලියාව තුල අවුරුදු 10ත් 13ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ළමුන් 600ක් පමණ වසරකට බන්ධනාගාරගත කරන බව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික , නීතිඥ Shahleena Musk වැඩිදුරටත් පවසයි.

මෙලෙස බන්ධනාගාරගත කිරීම් තුලින් ළමුන් දැඩි අනතුරකට මෙන්ම , අධික අතතියකට පත්වන බවද ඇය පවසයි.තවද සිය දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් සමග ගත කලයුතු කාලය මෙලෙස බන්ධනාගාරයක් තුල ගත කිරීම හේතුවෙන් ළමුන් දැඩි හිංසනයකට ලක්වන බවත් ඇය සඳහන් කරයි.


ඔස්ට්‍රේලියාව තුල ළමා අපරාධ සම්බන්ධයෙන් පවතින නීති , වෛද්‍ය නිර්දේශයන්ට ද නොගැලපේ

ළමයකුගේ වර්ධනය කෙරෙහි බලපාන ධනාත්මක සාධකයන් වන දෙමාපිය, සාමාජයීය ,සංස්කෘතික සහ සමකාලීන වයස් කාණ්ඩයන් වල පසුවන ළමුන් ඇසුරු කිරීමේ අවස්ථාවන් අහිමි වීම තුලින් මෙලෙස බන්ධනාගාරගතවන ළමුන් අනාගතයේ දරුණු ගනයේ අපරාධකරුවන් වීමේ වැඩි ප්‍රවනතාවයක් පවතින බවද වෛද්‍ය Mick Creati පවසයි.

දැනට ඔස්ට්‍රේලියාව තුල ළමා අපරාධ සම්බන්ධයෙන් පවතින නීති , වෛද්‍ය නිර්දේශයන්ට ද නොගැලපෙන බවද ඇය වැඩිදුරටත් පවසයි.

සාම්ප්‍රදායික නඩු ඇසීමේ ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීම තුලින් ළමයකු නැවත වරක් අපරාධයකට යොමුවීම වලක්වා ගතහැකිබව තමන් හඳුනාගෙන තිබෙන බව උතුරු ප්‍රාන්තයේ ළමා ආරක්ෂාව සහ රදවාගැනීම් පිලිබඳ රාජකීය කොමිසමේ සාමාජික Alexby පවසයි.

SBS Sinhalese
Source: SBS Sinhala

 


3 min read

Published

By Amila Vidana Arachchige

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now