මෙල්බර්න් නුවර ත්‍රස්ත ප්‍රහාරයකට සූදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට.

Police Station

Source: AAP

මෙල්බර්න් නුවර ත්‍රස්ත ප්‍රහාරයකට සූදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (20 Nov) පෙරවරුවේ අත්අඩංගුවට ගැනිණි.

වික්ටෝරියානු පොලීසිය, ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය සහ ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ නියෝජිතයින් එක්ව අද පෙරවරුවේ මෙල්බර්න් නුවර සිදුකළ හදිසි වැටලීම් වල ප්‍රතිඵලයක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුර්කි සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් බවත් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මේ වසර මුලදී අවලංගු කර ඇති බවත් පොලීසිය පවසයි.

එම පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙකු සහෝදරයින් බවද සඳහන්.

අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් අද (20) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙල්බර්න් නුවර ආරක්ෂාව පිණිස සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින බවත් නගරයේ ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ආරක්ෂක අංශ පවසයි.

2014 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් 90 දෙනෙකුට පමණ චෝදනා ගොනු කර ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය පවසයි.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

 


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now