SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ප්‍රකාශ කිරීමත් සමග ප්‍රධාන පක්ෂ වැඩ අරඹයි.

Kampeni ya uchaguzi mkuu wa Australia
Viongozi wa vyama vikuu nchini Australia, waanza kampeni za uchaguzi mkuu wa uchaguzi wa shirikisho 2019 Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය එළඹෙන මැයි 18 වන දින පැවැත්වෙන බව ඊයේ ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ සමගම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ත්‍රිත්වය තම මැතිවරණ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ.

ලිබරල් සන්ධානය

ලිබරල් සන්ධාන රජයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරමින් අගමැතිවරයා පැවසුවේ තම රජය ඉදිරි මහ මැතිවරණයත් ජයගතහොත් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය තව දුරටත් ශක්තිමත් කරන බවය.

ඔස්ට්‍රේලියානු දේශපාලනය සම්බන්ධ ක්‍රියාත්මක ප්‍රධාන දේශපාලන මත විමසුම් වල ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂය තවමත් ලිබරල් සන්ධානයට වඩා ඉදිරියෙන් සිටියි.

එම පරතරය නැති කරමින් සහ පාවෙන ඡන්ද තම පක්ෂය වෙත ලබා ගැනීමට ඉදිරි මාසයක වැනි කාලයේදී තම පක්ෂයට හැකිවෙතැයි අගමැති මොරිසන් විශ්වාස කරයි.

මෙවර මැතිවරණයේදී ඔස්ට්‍රේලියාවේ අනාගතය පිළිබඳ ඡන්ද දායකයින් නිවැරදි තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, SBS පුවත් වෙත පැවසීය.

කම්කරු පක්ෂය

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ප්‍රකාශ කිරීමත් සමග කම්කරු පක්ෂය තම මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරය දියත් කිරීමට යුහුසුළුව දියත් කර තිබේ.

වඩා හොඳ ඔස්ට්‍රේලියාවක් බිහි කිරීමට සහ එය පාලනය කිරීමට කම්කරු පක්ෂයට ඇති ශක්තිය සහ හැකියාව පිළිබඳ කම්කරු පක්ෂයේ සෙනට් සභික Penny Wong ඊයේ (11/04) දිනයේ දකුණු ඔස්ට්‍රේලියාවේදී පැවසුවාය.

මෙවර මැතිවරණයේදී යහපත් ඔස්ට්‍රේලියාවක් බිහිකරන සුබවාදී පක්ෂයකට ඡන්දය දීමට ඔස්ට්‍රේලියානු ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ඇය එහිදී වැඩි දුරටත් පැවසුවාය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් ඔස්ට්‍රේලියාවේ පිළිකා සම්බන්ධ පර්යේෂකයින් හට ඩොලර් මිලියන 125 ක අමතර මුල්‍ය ප්‍රතිපාදන ලැබෙනු ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ නිල නිවේදනය අද (12/04) දිනයේ කම්කරු පක්ෂ නායක Bill Shorten විසින් සිදුකිරීමට නියමිතය.

සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ 150,000 ක් පමණ පිරිසකට පිළිකා රෝගයක් වැළඳී ඇති බව සොයා ගැනෙන අතර පිළිකා පිළිබඳ පර්යේෂණ සිදුකරන පර්යේෂකයින් හට ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන ඉහළ දැමීමෙන් ජීවිත රාශියක් බේරාගැනීමට හැකි වන බව කම්කරු පක්ෂ නායක Bill Shorten පවසයි.

එම ප්‍රතිපාදන වලින් ඩොලර් මිලියන 20 ක් අග්න්‍යාශයික පිළිකා පර්යේෂණ සඳහා යොමු කෙරෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම පිළිකා මාරයා ලෙස වාර්තා වන්නේ අග්න්‍යාශයික පිළිකා බවට හෙළිවී තිබීම ඊට හේතුව වේ.

ග්‍රීන්ස් පක්ෂය

මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සඳහා සහය පළ කරන ලෙසත් ගල් අඟුරු බලශක්තිය බැහැර කරන ලෙසත් ග්‍රීන්ස් පක්ෂය ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ග්‍රීන්ස් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ දිනයේදී ඇරඹුණු අතර මෙවර මැතිවරණයේදී තම පක්ෂය පරිසරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව එහිදී ග්‍රීන්ස් පක්ෂ නායක Richard Di Natale පැවසුවේය.

පුනර්ජනනීය බලශක්තිය අපනයනය කිරීමේ කර්මාන්තයක් බිහිකරමින් නව රැකියා බිහි කිරීමට ග්‍රීන්ස් පක්ෂය අපේක්ෂා කරන බව  ග්‍රීන්ස් පක්ෂ නායක Richard Di Natale වැඩි දුරටත් පැවසුවේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now