Partner visa ලැබීමට රටින් පිටත සිටින්නැයි වන නීතී වෙනස් කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් (SBS සිංහල /වාර්තා)

Johan and Kentley are waiting for their partner visa application to be processed.

Johan and Kentley are waiting for their partner visa application to be processed. Source: Supplied

මෙම Partner visa නීතී වෙනස් කිරීම සඳහා කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජික Julian Hill සිය සහාය පලකොට තිබේ. ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිය යටතේ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට Partner visa ඉල්ලුම් කල පුද්ගලයින් එම වීසා ලැබෙන විට ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතු වේ.නමුත් එසේ ඉල්ලුම් කල, මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පිරිස සඳහන් කරන්නේ පවතින වසංගත තත්වය හමුවේ ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීම ගැටලු සහගත හෙයින් මේ සඳහා වන නීතීන් වෙනස් කරන ලෙසයි.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා සංක්‍රමණ නීති සංශෝධනය කරන ලෙස පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජික Julian Hill සුදානම් වී සිටී. පවතින වාතාවරණය හමුවේ Partner visa ඉල්ලුම් කල මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් හට රටින් පිට වීම දැඩි සෞඛ්‍ය අවදානමක් වන අතර ඒ සඳහා දැඩි වියදමක් ද දැරීමට සිදු වේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


සිඩ්නි හි වාසය කරන Johan සහ Kentley Erlandsson යුවල පසුගිය අප්‍රේල් මාසයේදී සිය මුලික වීසා අයදුම් පත් ඉදිරිපත් කොට ඇති අතර ඔවුන්ට මෙය මේ වනවිට අභියෝගයක්ව පවතී. පිලිපීන පුරවැසිභාවය හිමි Kentley මේ වන විට සංචාරක වීසා මත ඕස්ට්‍රේලියාවේ සිටින අතර ඇයට 6 වියැති දියණියක සහ වයස අවුරුදු 2ක් වන දරුවකු සිටී.

මේ වනවිට Johan ලියුකේමියා රෝගයෙන් පීඩා විදින අතර ඔහු පවසන්නේ තමාගේ අඩු ප්‍රතිශක්තීකරණය හේතුවෙන් පවතින සෞඛ්‍ය අවධානම මත ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීම සිදු නොකළ හැකි අතර පවතින නීතිය මත තම සහකාරියට දරුවන් දෙදෙනෙකුද සමග තනිව ඕස්ට්‍රේලියාවෙන් පිටවීමේ සියලු කටයුතු කිරීමට සිදුවන බවයි.
The couple say they are concerned about the requirement for Kentley to be offshore for her partner visa to be granted.
The couple say they are concerned about the requirement for Kentley to be offshore for her partner visa to be granted. Source: Supplied
ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතියට අනුව ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට Partner visa සඳහා ඉල්ලුම් කරන පිරිසට ඕස්ට්‍රේලියාව තුල රැකියා කිරීමේ අයිතියක් නොමැත. අයදුම්කරුවන් තම වීසා ලැබෙන තුරු තම මවු රටේ සිටිය යුතු අතර තාවකාලික සංචාරක වීසා මත පමණක් ඕස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව පවතී.

සිය අදහස් දක්වමින් Kentley සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ තමන්ට කිසිදු රැකියාවක් සිදු නොකල හැකි අතර දරුවන්ට හෝ රෝගී තම සහකරුට සහායක් දැක්වීමට පවා නොහැකි තත්වයකට පත්ව සිටින බවයි.

වසංගතය අතරතුර තාවකාලික සහන

මෙම කරුණු මත, පවතින වසංගත තත්වය තුල Subclass 309 Partner (Provisional) වීසා අයදුම් කල, මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පිරිස සඳහා තාවකාලිකව වීසා ලබාදෙන ලෙස Julian Hill සඳහන් කරයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දැමීම සහ ජාත්‍යන්තර දේශ සීමා වසාදැමීම මත මෙවැනි පුද්ගලයින් දැඩි පීඩාවට පත්ව සිටින බව පෙන්වාදෙමින් ඔහු සඳහන් කොට ඇත්තේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින Partner visa ඉල්ලුම් කල පිරිසට තම පවුල් සමාජිකයින් සමග සිටීමට හැකියාව ලබාදීම තම ඉල්ලීම වන බවයි. එමන්ම මේ වනවිට රටින් පිටව ගොස් නැවත පැමිණීම සඳහා දෙරටෙහිදීම අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු වන අතර එය මෙවැනි පවුල් සඳහා දැඩි ආර්ථික බරක් බවද Julian Hill පවසයි.
Labor MP Julian Hill.
Labor MP Julian Hill. Source: AAP
තම දෙපාර්තමේන්තුව මෙම ගැටලුව පිළිබඳව දැනුවත් අතර මේ වනවිට ඒ සඳහා නිසි පිළියම් සොයමින් පසුවන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි. වසංගත තත්වය මධ්‍යයේ වුවද ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වීසා අයදුම්පත් කැඳවීම අඛණ්ඩව සිදු කරන අතර ඕස්ට්‍රේලියාවේ සිටියදී Partner visa ඉල්ලුම් කල පිරිසට Bridging visa ඔස්සේ ඕස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට ඉඩ ලබා දේ.

කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජික Julian Hill සඳහන් කරන්නේ සෞඛ්‍ය සහ ආර්ථික ගැටළු මෙන්ම මෙම වීසා ඉල්ලුම් කල පිරිස ඕස්ට්‍රේලියාවෙන් පිටව නැවත පැමිණීමේදී, මේ වනවිටත් ගැටලුවක්ව පවතින නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තවත් පීඩනයක් එල්ල වන බවයි. තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියානුවන් 36,000ක් පමණ සිටින බවද ඔහු පෙන්වා දේ.

2019-2020 මුල්‍ය වර්ෂය තුලදී ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට Partner visa අයදුම්පත් 96,000කට වඩා වැඩි සංක්‍යාවක් ලැබී ඇති අතර ඊට පෙර මුල්‍ය වර්ෂයේදී ලැබී ඇත්තේ අයදුම්පත් 88,000ක් පමණ වේ.මෙම වීසා මාස 23ක පමණ කාලයකින් ලබාදෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.
Melbourne woman Amelia Elliott and her husband Bowie Domingo.
Amelia Elliott e o marido Bowie Domingo, que teve que voar para a Cingapura para obter o visto partner Source: Supplied
මෙල්බර්න් හි වාසය කරන Amelia Elliott සඳහන් කරන්නේ Partner visa ක්‍රමය යහපත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෙනස්කම් සිදු කරන ලෙසයි. වීසා ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව නැවතත් ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින ඇයගේ සහකරු වන පිලිපීන ජාතික Bowie Domingo මේ වන විට පර්ත් හි හෝටල් නිරෝධායනයේ පසුවේ. වීසා ලබාගැනීමේ අරමුණින් සිංගප්පුරුව වෙත සිදු කල ගමන සඳහා $6,000ක් පමණ වියදම් වූ අතර සිය සහකරු ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව මිනිත්තු 40කටත් වඩා අඩු කාලයක් තුලදී ඔහුට වීසා ලබාදුන් බව ඇය පවසයි. Amelia සඳහන් කරන්නේ නමුත් ඒ සඳහා මාස 25ක පමණ කාලයක් බලා සිටි බවයි.

ඇය පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවලියේ කිසිදු විනිවිදභාවයක් නොමැති අතර වීසා අයදුම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන බවයි. එමෙන්ම ඇය සඳහන් කරන්නේ මේ වසංගත තත්වය මත ඕස්ට්‍රේලියාවේ සිටින පිරිස රටින් පිට කොට නැවතත් ගෙන්වාගැනීම හාස්‍යජනක වන අතර එය කණගාටුවට කරුණක් ද වන බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


ඕස්ට්‍රේලියානු සංක්‍රමණික ආයතනයක සේවයේ නියුතු George Lombard, පවතින මෙම Partner visa නීති වෙනස් කරන ලෙස පවසයි. ඔහු සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු රජය සාධාරණත්වයක් නොමැති වසර ගණනක් තිස්සේ පවතින පදනම් රහිත නීති මාලාවකට යටත්ව සිටින බවයි.

මේ වනවිට මෙම වීසා අයදුම්කරුවන් සහනයක් බලාපොරොත්තුවෙන් සිටින අතර ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු සඳහන් කරයි.



Share

Published

Updated

By Tom Stayner, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service