ගර්භනී සහ මව්කිරි දෙන කාන්තාවන්ට COVID හැදුනොත් ප්‍රතිවෛරස් ඖෂධ පෙති ලබා ගත හැකිද?

Paxlovid යනු COVID-19 ට එරෙහි සටනේ දී දෛවය වෙනස් කරන ඖෂධයක් ලෙස විස්තර කර ඇති ප්‍රතිවෛරස් පෙති වර්ගයකි. එය දරුණු නොවන COVID-19 රෝගීන්ගේ රෝහල්ගත වීම් සහ මරණ අවදානම අඩු කරන බව වාර්තා වේ.

Mother with protective mask breastfeeding her baby son at home

WHO recommends Paxlovid in pregnant and breastfeeding mothers, but Australians will have to wait. (Representative image.) Credit: South_agency/Getty Images

Key Points
  • Paxlovid ප්‍රතිවෛරස් ඖෂධය ලබා ගැනීමට පෙර වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ගර්භනී සහ කිරි දෙන මව්වරුන්ට උපදෙස් දෙයි
  • ඔස්ට්‍රේලියාව ගර්භනී, මව්කිරි දෙන සහ දරු ගැබ් දැරීමේ හැකියාව ඇති කාන්තාවන් සඳහා Paxlovid ඖෂධය නිර්දේශ නොකරයි
  • Johns Hopkins Medicine ආයතනයෙන් සිදුකළ පර්යේෂණයකින් පෙනී යන්නේ Paxlovid ඖෂධය ගර්භණී සමයේදී ආරක්ෂිත බවයි
ලෝක සෞඛ්‍ය සංවිධානය, ජනවාරි 13 වන දින එහි නවතම නිර්දේශය අනුව, දරුණු නොවන COVID-19 සහිත ගර්භණී සහ මව්කිරි දෙන කාන්තාවන්ට Paxlovid ප්‍රතිවෛරස් ඖෂධය ලබා දීම සලකා බලන ලෙස ඉල්ලා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කළේ ගර්භණී සහ මව්කිරි දෙන කාන්තාවන් මෙම ඖෂධ මගින් ලැබෙන ප්‍රතිලාභ සහ මෙතෙක් වාර්තා වූ අහිතකර සිදුවීම් නොමැතිකම සලකා බලා මෙම ඖෂධය ලබා ගත යුතුද යන්න තීරණය කිරීම සඳහා තමන්ගේ වෛද්‍යවරුන් හමු විය යුතු බවයි.
කෙසේ වෙතත්, රටේ ඉහළම ඖෂධ නියාමකයා වන ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (Therapeutic Goods Administration-TGA )විසින් , ගර්භණී , කිරි දෙන මව්වරුන් සහ දරු ප්‍රසූතියේ හැකියාව ඇති කාන්තාවන් සඳහා Paxlovid භාවිතයට ඉඩ නොදෙන බැවින් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට තවදුරටත් බලා සිටීමට සිදුවනු ඇත.

යාවත්කාලීන කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොතකා ඔස්ට්‍රේලියාව සිය ස්ථාවරය දිගටම පවත්වාගෙන යයි.

2022 ජනවාරි 18 වන දින ඔස්ට්‍රේලියාව Paxlovid ඖෂධයේ මුල් භාවිතය අනුමත කරන විටදීත් Pfizer ආයතනය විසින් ගර්භණී කාන්තාවන් සඳහා Paxlovid භාවිතය පිළිබඳ දත්ත තමා වෙත් ලබා නොදුන් බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් එම ඖෂධය ගර්භණී සහ මව්කිරි දෙන කාන්තාවන් සඳහා භාවිතා කිරීම නිර්දේශ නොකරයි
Australian Department of Health
ඔස්ට්‍රේලියානු සෞඛ්‍යය දෙපාර්තමේන්තුව ගත් මෙම තීරණය යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) සහ එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) යන ආයතන සපයනු ලබන උපදෙස් සමඟද එකඟ වේ.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සෞඛ්‍ය නියෝගයක් මගින් ගර්භණී කාන්තාවන්ට හෝ දරුවෙකු සැලසුම් කරන අයෙකුට මෙම Paxlovid ප්‍රතිවෛරස ඖෂධය නොගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇත.

"මෙම ඖෂධය ලබා ගනිමින් සිටියදී ඔබ ගැබ් ගත්තේ නම් වහාම ඔබේ වෛද්‍යවරයා අමතන්න. උපත් පාලන පෙති, පැච් සහ යෝනි වළලු යන උපත් පාලන ක්‍රම ක්‍රියා කරන ආකාරය කෙරෙහි Paxlovid ඖෂධය බලපෑම් ඇති කළ ,හැකිය" යනුවෙන් එම නියෝගයේ සඳහන් වේ.

"ඔබ Paxlovid ගන්නා අතරතුර විකල්ප උපත් පාලන ක්‍රම හෝ උපත් පාලන කොපු වැනි අමතර බාධක ක්‍රමයක් භාවිතා කළ යුතුය. ඵලදායී උපත් පාලන ක්‍රම පිළිබඳව ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න," යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.
Melbourne හි සිටින ප්‍රසව විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය Nisha Khot විශ්වාස කරන්නේ WHO නිර්දේශ සහ නවතම අධ්‍යයනයන්ට අනුකූලව ඔස්ට්‍රේලියානු රජය ඉක්මනින්ම එහි මාර්ගෝපදේශ යාවත්කාලීන කරනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තිකයන්ට ෆෙඩරල් රජයේ අනුමැතියකින් තොරව Paxlovid හෝ වෙනත් ඖෂධයක් නිර්දේශ කළ නොහැකි බව වෛද්‍යවරිය පැවසුවාය.
Paxlovid, අනුමත වූ පසු, ගර්භණී සහ මව් කිරි දෙන කාන්තාවන් සඳහා අතිරේක ප්‍රතිකාර විකල්පයක් ලෙස එය යොදාගත හැක. එය ඔවුන්ගේ ආතතිය සහ කාංසාව ද අඩු කරනු ඇත.
Melbourne-based specialist obstetrician Dr Nisha Khot
වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ගර්භණී හෝ කිරි දෙන මව්වරුන් දැන් මෘදු රෝග ලක්ෂණ සහිත COVID-19 ආසාදනය වීම් වාර්තා කරන බව වෛද්‍ය Khot පැවසුවාය.

"මෙසේ මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති වන්නේ ඉහළ එන්නත් සහ බූස්ටර අනුපාත නිසා විය හැකියි. ඒ නිසා අපට COVID-19 එන්නත් කිරීමේ වැදගත්කම කොපමණ දැයි කිව නොහැකියි. " යනුවෙන් වෛද්‍ය Khot පැවසුවාය.

JAMA Network Open හි Johns Hopkins Medicine Research ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ SARS-CoV-2 ආසාදිත ගර්භණී කාන්තාවන්ට රෝගය දරුණු වීමට ඇති හැකියාව අවම කිරීම සඳහා ආරක්ෂිතව Paxlovid යන ප්‍රතිවෛරස් ඖෂධය ගත හැකි බවයි.
මෙම ඖෂධය ලබා ගැනීමෙන් මව්වරුන්ට හෝ උපදින දරුවන්ට බලපාන සංකූලතා වැඩි වීමක් පිළිබඳ සාක්ෂි නොමැති වේ.
Johns Hopkins Medicine Research
Nirmatrelvir සහ ritonavir (Paxalovid) යන ප්‍රතිවෛරස් ඖෂධ යොදා ගනිමින් ප්‍රතිකාර කිරීමෙන් පසු සිදු වූ දරු ප්‍රසූතිවලින් ආසන්න වශයෙන් අඩක් පමණ සිසේරියන් ප්‍රසූතිය හරහා සිදු වූ දරු ප්‍රසූති වන බව මෙම අධ්‍යයනයෙන් වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු රජය පැවසුවේ රජයේ ඖෂධ නියාමන අධිකාරිය ගර්භණී කාන්තාවන් සඳහා Paxlovid භාවිතය පිළිබඳ සිදු කරන කුඩා අධ්‍යයනයන් පිළිබඳව දැනුවත්ව සිටි බවයි.

නමුත් Paxalovid ඖෂධයේ යෙදීම් පිළිබඳව නව හෝ යාවත්කාලීන කරන ලද නිර්දේශ Pfizer ආයතනය විසින් නිකුත් කරනු ලැබුවොත් පමණක් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව ද රජය පවසා සිටී.

කෙසේ වෙතත්, මෙමගින් ඖෂධයේ නව යෙදීම් නිකුත් කිරීමට Pfizer ආයතනයට බල කළ නොහැක.
Pfizer ආයතනය SBS මාධ්‍ය වෙත පැවසුවේ ගර්භණී සමයේදී සහ මව්කිරි දෙන කාලය තුළ මව්කිරි බොන දරුවන් සඳහා Paxlovid ආරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳ දත්ත ඔවුන් සතුව නොමැති බවයි.

"දරු ගැබ් දැරීමේ හැකියාව ඇති කාන්තාවන් ප්‍රතිකාර අතරතුර සහ Paxlovid ඖෂධය නැවැත්වීමෙන් දින හතක් ගතවන තුරු ගැබ් ගැනීමෙන් වැළකී සිටිය යුතුය" යනුවෙන් Pfizer ආයතනයේ නිර්දේශ වල සඳහන් වේ.

"Paxlovid යොදා ගනිමින් ප්‍රතිකාර කිරීමේදී සහ Paxlovid හි අවසාන මාත්‍රාවෙන් දින හතක් සඳහා මව්කිරි දීම නතර කළ යුතුය. පුද්ගලයින්ගේ සරු බව මත Paxlovid වල බලපෑම පිළිබඳ මානව දත්ත නොමැත"යනුවෙන්ද එහි සඳහන් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජාවන්ට COVID-19 සම්බන්ධ සියලුම තොරතුරු යාවත්කාලීන කර සැපයීමට SBS මාධ්‍ය ආයතනය කැපවී සිටී. SBS Coronavirus portal, with the latest in your language වෙත නිතර පිවිසෙමින් ඔබේ භාෂාවෙන් නවතම කොවිඩ් තොරතුරු පිළිබඳව දැනුවත් වෙමින් ආරක්ෂිතව සිටින්න.

Share

Published

Updated

By Sahil Makkar, Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service