ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශයට අනුව වසර 2021 අගෝස්තු මස 10 වැනිදාට යෙදී තිබෙන ඕස්ට්‍රේලියානු ජන සංගණනය තුලින් ලැබෙන දත්ත අනුව ඕස්ට්‍රේලියානු රජය, ව්‍යාපාර හා ලාභ නොලබන ආයතන විසින් ඔබේ ප්‍රදේශයේ ඔබට ගැලපෙන සේවාවන් සැපයීමට තීරණය කරයි.
මේ සම්බන්ධයෙන් සිංහල ප්‍රජා ක්‍රියාකාරීන් පිරිසක් SBS සිංහල වෙත එක් කල අදහස් මෙසේ ඔබට ගෙන එන්නෙමු.
ප්‍රධාන කරුණු
- වසර 2021 ඕස්ට්‍රේලියානු ජන සංගණනය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වේ.
- මෙහිදී අසන ඉංග්‍රීසි භාෂාවට අමතරව නිවසේදී කතා කරන භාෂාව පිළිබද ප්‍රශ්නයට සිංහල භාෂාව ලෙස යෙදීම වැදගත් වේ.
- එසේ සිංහල භාෂාව කතා කරන පිරිස වැඩි බව සංගණනයෙන් හෙළි වීමේදී අප ප්‍රජාවේ විවිධ ප්‍රජා කටයුතු සදහා රජයේ ප්‍රතිපාදන වෙන් කර ගැනීමේදී වාසි අත් වේ.
මුලින්ම අප සමග කතා බහට එක් වුයේ මෙල්බන් නුවර ශ්‍රී ලාංකික නර්තන කණ්ඩායම් ආචාර්යවරයෙකු වන තාල අසපුව නර්තන පාසලේ ප්‍රධානී චලංක අතලගේ මහතා.

ඔහු මීට පෙර වසර වලදී ශ්‍රී ලාංකික නර්තන කලාව අපේ සිංහල දරුවන් අතර ප්‍රචලිත කිරීමටත් ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය නර්තන ප්‍රසංග සදහා රජයේ ප්‍රතිපාදන සදහා අයදුම් කොට එම ප්‍රතිපාදන ලබා ගත් ප්‍රජා සාමාජිකයෙකි.
ඔහු පවසන්නේ මෙම සංගණනය මගින් මධ්‍යම හා ප්‍රාන්ත රජයන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙල, පරිවර්තන සේවා ආදිය ලබා දීමට බවයි.
"මම ශ්‍රී ලාංකික නර්තන සම්බන්ධයෙන් ප්‍රජා අරමුදලක් ලබා ගැනීමට අයදුම් කිරීමේදී ඔවුන් ඇසු ප්‍රශ්නයක් තමයි මේ ප්‍රතිපාදන ඔබේ ප්‍රජාවට අවශ්‍ය යැයි ඔබ පවසන්නේ කෙසේද යනුවෙන් , එවිට අපි මෙතරම් ප්‍රමාණයක් සිංහල භාෂාව කතා කරන ජනයා මෙහි වෙසෙන බවත් ඔවුන්ට ඔවුන්ගේ සංස්කෘතික අංග රැක ගැනීමට අවශ්‍ය බවත් පවසනවා . එවිට ඔවුන් සංගණන තොරතුරු හා මම ලබා දෙන තොරතුරු සසදනවා.ඒ අනුව තමයි එම මුදල් වෙන් කිරීමේදී අපේ ප්‍රජාවට අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන් ලබා දෙන්නේ "
මේ කරුණ නිසාම ජන සංගණනයේදී නිවසේදී සිංහල භාෂාව කතා කරන බව පැවසීමට අපි පසුබට නොවිය යුතු බව අතලගේ මහතා පවසයි . ඔහු අනාගතයේ ශ්‍රී ලාංකික නර්තන කලාව VCE විෂය මාලාවට ඇතුල් කර ගැනීමට කටයුතු කරමින් සිටී . ඒ නිසාම මෙවර ජන සංගණනයේදී සිංහල භාෂාව කතා කරන පිරිස වැඩි වීම ඔහු වාසිදායක වනු ඇතැයි අපේක්ෂා කරයි
අපිත් සමග මීලගට එකතු වුයේ මෙල්බන් නුවර කාවතා සහ Glen Waverley සිංහල භාෂා පාසල් වල ආචාර්යවරියක වන පුන්‍යා ලියනගේ මහත්මිය.

" දැනට අපි වික්ටෝරියා ප්‍රාන්තය සලකා බැලුව හොත් වික්ටෝරියානු භාෂා පාසල මගින් සිංහල භාෂා පාසල් 8ක් දැනට පවත්වා ගෙන යනවා. නමුත් වැඩි ශ්‍රී ලාංකික පිරිසක් සිටින මෙම ප්‍රාන්තයේ තවත් සිංහල භාෂා පාසල් වැඩි කර ගැනීමට මෙසේ සංගණනයේදී නිවසේදී කතා කරන භාෂාව සිංහල ලෙස සදහන් කිරීම තුලින් රුකුලක් විය හැකි " ඇය පවසයි.
ඕස්ට්‍රේලියාවේ හැදෙන අපේ දරුවන්ට VCE විභාගයට සිංහල භාෂාව ඉගෙන ගැනීමෙන් ඔවුන්ට වැඩි ලකුණු ප්‍රමාණයක්ද ලබා ගැනීමට හැකි වීමෙන් ඔවුන්ට විශ්ව විද්‍යාලයට යාමට පහසු වීමක් ඇති වන හෙයින් සිංහල භාෂා පාසල් වැඩි කර ගැනීමට මෙම සංගණනයේ දත්ත මගින් හැකි වීම බලාපොරොත්තු වන බවත් ඇය පවසයි.
මීලගට අපිත් සමග කතා බහට එක් වුනේ පර්ත් නුවර සිංහල භාෂා පාසල සමග වසර ගණනාවක් ඉතා සමීපව කටයුතු කරන , Edith Cowan විශ්ව විද්‍යාලයේ ආචාරිනී දිල්හානි කපුආරච්චි මහත්මිය.

ඇය පවසන්නේ ජන සංගණනයේදී නිවසේදී කතා කරන භාෂාව සිංහල ලෙස යෙදීම තුලින් විවිධ ප්‍රජාවන්ට වෙන් වන ප්‍රතිපාදන , පහසුකම් ආදිය වෙන් කිරීමේදී සිංහල ප්‍රජාවට වාසියක් අත් වනු ඇති බව.
"ප්‍රජා මධ්‍යස්ථාන , ඒ සදහා ඉඩ පහසුකම් , ලබා දීමේදී එම ප්‍රජාවේ කෙතරම් පිරිසක් එම ප්‍රදේශයේ සිටීද යන කරුණ නිර්ණය කිරීමට ජන සංගණන දත්ත රජයන් යොදා ගන්නවා. එහිදී සිංහල ප්‍රජාව කෙතරම් ප්‍රමුඛ ප්‍රජා කන්ඩායමක්ද යන බව පෙන්වීමට එහිදී සිංහල භාෂාව කතා කරන බව පැවසීම වැදගත් වේ. එසේම ප්‍රධාන පාසල් වල උගන්වන භාෂා අතර ප්‍රංශ වැනි බොහෝ භාෂා ඇතුලත් වුවද ලගදී ම දමිල , හින්දි ආදී භාෂා ද ප්‍රධාන පාසල් වලට එකතු කරන බව බටහිර ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා . ඒ එම ප්‍රජාවන් ඔවුන්ගේ භාෂාව භාවිතා වීම සදහන් කල නිසා "
එසේ සිංහල භාෂාවත් ප්‍රධාන පාසල් වෙත ගෙන යාමට නම් අපි එය කෙතරම් භාවිත කරනවාද යන කරුණ ජනගත කල යුතු බව ඇය පවසයි.
මීලගට අපි සමග කතා බහට එක් වුනේ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රජා නායකයෙකු වන ආචාර්ය රසික ජයසේකර මහතා .

ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාවන් සදහා වූ ප්‍රතිපාදන වෙන් කිරීමේදී ඔවුන් කතා කරන භාෂාවට ප්‍රධාන තැනක් ලැබෙන බව.
"Multicultural grants නම් මෙම අරමුදල් ලබා දීමේදී රජයට එම ප්‍රජාව කෙතරම් පිරිසක් සිටිනවාද යන තොරතුරුත් පුරවා යැවිය යුතු වේ, එමගින් රජය එම ප්‍රජාවේ ප්‍රතිශතය පිලිබදව දැනුවත් වේ. එබැවින් සිංහල බස නිවසේදී කතා කරන බවට පැවසීම තුලින් grant අයදුම් පත ඉදිරිපත් කිරීමේදී අපේ ප්‍රජාවේ වැඩි වීම පිළිබද සාක්ෂි අපට ඉදිරිපත් කල හැකියි "
මීලගට අප සමග කතා බහට එක් වුයේ සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ සභාපති නිහාල් ප්‍රනාන්දු මහතා.

සිඩ්නි නුවර සිංහල ප්‍රජාව වෙනුවෙන් වූ සිංහල සංස්කෘතික කේන්ද්‍රය සිඩ්නි නුවරට හිමි වීම අපේ ප්‍රජාව අත් කර ගත ජයග්‍රහණයක් .
නිහාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම සංගණන දත්ත මධ්‍යම රජය, ප්‍රාන්ත රජය හා ප්‍රාදේශීය රජයන් ද භාවිත කරන බවයි.
"අපිට පසු ගිය වසරේ අපේ ප්‍රජාවට අවශය වූ covid 19 ප්‍රතිපාදනයක් ලබා ගැනීමට හැකි වුනා. එම ප්‍රතිපාදන අනුව ලැබෙන මුදල තීරණය වන්නේ ප්‍රාන්තයේ කෙතරම් සිංහල භාෂාව කතා කරන පිරිසක් සිටීද යන අදහසින්.එසේම මෙම සිංහල සංස්කෘතික කේන්ද්‍රය පිහිටා තිබෙන Blacktown city council එක මගින්ද අපට සහය දීමට මේ ප්‍රදේශයේ කෙතරම් ජන පිරිසක් සිංහල භාෂාව කතා කරනවාද යන කරුන වැදගත් වේ."
NSW හි මෙම ප්‍රජා කටයුතු සදහා Multicultural NSW මගින් ප්‍රතිපාදන හිමි වන අතර NSW හි සිංහල භාෂා පාසල් වලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එම ප්‍රතිපාදන ලැබේ.
එසේම ප්‍රනාන්දු මහතා පවසන්නේ සිංහල සංස්කෘතික කේන්ද්‍රය කුමන ස්ථානයක පිහිටුවීමට අවශ්‍ය දැයි සලකා බැලීමටත් සිංහල භාෂාව කතා කරන පිරිස වෙසෙන ප්‍රදේශ පිළිබද සංගණන දත්ත උපයෝගී කර ගත් බවයි
මේ කරුණු අනුව මෙවර ඕස්ට්‍රේලියානු සංගණනයේදී ඉංග්‍රීසි භාෂාව අමතරව නිවසේදී කතා කරන භාෂාව "සිංහල " ලෙස යෙදීමෙන් අපේ සිංහල ප්‍රජාවේ සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන ලබා ගැනීම පහසු වන බව පෙනී යයි.
ඒ සදහා සංගණනයේදී පහත ඇති ප්‍රශ්නයේ වෙනත් භාෂාව ඇති තීරයේ ඔබ සිංහල ලෙස සදහන් කල යුතු වේ.

** මේ පිලිබඳ අපගේ ප්‍රජාවේ අදහස් වලට සවන්දෙන්න පහත ලින්ක් එකෙන්
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
- SBS සිංහලවෙබ්අඩවියෙන් www.sbs.com.au/sinhalese
- SBS Radio APP එකෙන් (Free download)

