Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියා- චීන සබඳතා පලුදු වීමට ඕස්ට්‍රේලියාව වගකිවයුතුයි, චීනයෙන් චෝදනා (SBS සිංහල/වාර්තා)

Spokesperson from China's foreign ministry, Wang Wenbin, has accused Australia of stirring up "anti-China" sentiment.

Source: AAP

චීනයේ ස්වදේශීය කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ වන මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පල කරන චීනය සඳහන් කොට ඇත්තේ, චීන ස්වෛරීභාවයට මැදිහත් වීම සහ අගෞරව කිරීම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට හානි කොට ඇති බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


පසුගිය මාස හතක කාලය තුල තුළ දෙරට අතර උග්‍ර වී ඇති ගැටුම සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය පිළිබඳව සඳහන් කරන චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin පෙන්වා දෙන්නේ සින්ජියැන්ග්, තායිවානය සහ හොංකොං හි දේශපාලන ගැටලු පිළිබඳව ඕස්ට්‍රේලියාව අධික ලෙස විවේචන සිදුකරන අතර සාක්ෂි නොමැතිව ඒ සම්බන්ධයෙන් චීනයට අපහස සිදු කරන බවයි.

මෙම ක්‍රියාවලිය දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසයට දැඩි ලෙස හානි කොට ඇති අතර චීන-ඕස්ට්‍රේලියානු සහයෝගීතාවයේ මූලධර්මවලටද හානි කරන බව ප්‍රකාශක Wang Wenbin සඳහන් කරයි.

වැඩිදුර අදහස් ඉදිරිපත් කරමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා ඇත්තේ මෙම ගැටලුව සඳහා මුහුණ දෙමින්, පවතින ගැටුම් නැවත්වීම සඳහා චීනයට සාධාරණ හා ගෞරවනීය ලෙස සලකන ලෙසයි.

මේ අතර ඕස්ට්‍රේලියානු වන නිෂ්පාදන සංගමය (AFPA) පසුගියදා කියා සිටියේ පළිබෝධකයෙකු සොයා ගැනීම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් චීනයට "ලොග් දැව" නැව්ගත කිරීම පසුගිය බදාදා සිට තහනම් කර ඇති බවයි. පසුගිය ඔක්තෝබර් මස අගදීද මේ ආකාරයෙන් ක්වීන්ස්ලන්තයෙන් චීනයට අපනයනය කල "ලොග් දැව" තොගයක සිටි පළිබෝධකයෙකු සොයාගත් අතර චීනය පෙන්වා දෙන්නේ පළිබෝධකයන් චීනයේ කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ පාරිසරික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වී ඇති බවයි.

Suav txwv tsis pub nws tej neeg yuav Australia cov cawv txiv
China's lost its love for Australian wine - Mal Fairclough Source: AAP, AP

ඉන් පසුව චීනය විසින් බාර්ලි, ගල් අඟුරු, කපු, සීනි, තඹ, වයින් වැනි ඕස්ට්‍රේලියානු අපනයන භාණ්ඩ වර්ග රැසක් මිලදී ගැනීමද නවතා දැමිණ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin සඳහන් කොට ඇත්තේ 2018 සිට මේ දක්වා “නොපැහැදිලි සහ පදනම් විරහිත‘ ජාතික ආරක්ෂක අවශ්‍යතා ’මුල් කරගනිමින් චීන ආයෝජන ව්‍යාපෘති ගණනාවක් ඕස්ට්‍රේලියාව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෘජු ලෙස අදහස් පල නොකලද ඕස්ට්‍රේලියානු වෙළඳ අමාත්‍ය Simon Birmingham සඳහන් කොට සිටියේ කිසිදු ඕස්ට්‍රේලියානු ආනයනික භාණ්ඩයක් චීනයෙන් විධිමත් ලෙස තහනම් කර ඇති බවට චීන බලධාරීන්ගෙන් තහවුරු කිරීමක් තවමත් තමන්ට ලැබී නොමැති බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


පසුගිය ජූලි මාසයේදී ආනයනය කරන ලද ඉස්සන් මත කොරෝනා වෛරසය සොයාගත් බැවින්, චීනය විසින් ආහාර ඇසුරුම්වල කොරෝනා වයිරස් පරීක්ෂාව දැඩි ලෙස සිදුකරනු ලබයි. එමෙන්ම පවතින කොරෝනා තර්ජනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මස් සැකසුම් කම්හල් දෙකක් ඇතුළුව ගෝලීය වශයෙන් මස් සැකසුම් කම්හල් 54කින් සිදුකරන ආනයන නැවත්වීමටද චීනය පියවර ගෙන තිබේ.

චීන-ඕස්ට්‍රේලියානු වෙළඳ සම්බඳතා පිරිහීමට හේතු

කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවට පසුගිය අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාව විසින් චීනයට සඳහන් කිරීමත් සමග මෙම ගැටළු සහගත තත්වය මතුවිය. කෙසේ වුවද මීට වසර දෙකකට පමණ පෙර චීනයේ Huawei Technologies Company සඳහා ඕස්ට්‍රේලියාව තුල 5G විදුලි සංදේශ ජාලය ගොඩනැගීමට උපකාර කිරීමට ඉඩ ලබනොදීමත් සමග දෙරට අතර සම්බන්ධතාවයන්හි පලුදු වීම් ඇරඹින.

චීනයෙන් උපදෙස් නොගෙන කොරෝනා වෛරස ආරම්භය විමර්ශනය සඳහා සහයෝගය ලබා දෙන බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison නායකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා ලිපියක් යවා තිබිණ. එමෙන්ම ඇතැම් ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් චීන ඔත්තුකරුවන් හා ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවට පුවත් වාර්තා කිරීමද චීනයේ කෝපයට හේතු විය.

 


3 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now