ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියා පරිපාටිය යලිත් ඇරඹුනා : ඕස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක් ( SBS සිංහල/වාර්තා)

Australian citizenship certificate

Citizenship appointments resume in all states and territories Source: AAP

සංක්‍රමණ, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිලිබඳ වැඩබලන අමාත්‍ය Alan Tudge විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කොට තිබේ.

සියලුම ප්‍රාන්ත තුල යලිත් සාමාන්‍ය පරිදි පුරවැසි පරීක්ෂණ සිදුකිරීම ඔස්සේ වැඩි පිරිසක් සඳහා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


වික්ටෝරියා ප්‍රාන්තය තුල කොරෝනා සීමා ලිහිල් කිරීමත් සමග මෙල්බර්න් හි සාමාන්‍ය පරිදි පුරවැසි පරීක්ෂණ සහ එම පරීක්ෂණ වෙන්කරවා ගැනීම නැවත ඇරඹින.

එමෙන්ම සෙසු ප්‍රාන්තයන් තුලද මෙම පුරවැසි පරීක්ෂණ ක්‍රමයෙන් ආරම්භ කොට ඇති අතර 2020 වසරේ ජූලි මාසයේදී පරීක්ෂණ නැවත ආරම්භ කිරීමෙන් පසු පරීක්ෂණ 30,000 කට අධික සංක්‍යාවක් සිදු කොට තිබේ.

මේ වන විටත් රට පුරා පුරවැසි පරීක්ෂණ වෙන්කරවා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් පුද්ගලයින් 117,000 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් 40%ක් පමණ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වේ. ඒකාබද්ධ සිඩ්නි මධ්‍යස්ථාන වලට පසු දෙවන විශාලතම පරීක්ෂණ මධ්‍යස්ථානය ලෙස මෙල්බර්න් සැලකේ.

COVID-19 වසංගත සමය තුල ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීම අඛණ්ඩව සිදු වූ අතර එම කාලය අතරතුර ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වූ ඉල්ලුම්පත් ද ඉහල ගොස් තිබේ.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීම සඳහා රජයෙන් සහාය
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීම සඳහා ඒ සඳහා අතිරේක සම්පත් සපයන අතර ප්‍රධාන ස්ථාන වල එම සේවාව ලබාදෙන ස්ථාන වැඩි වෙලාවක් විවුර්තව තැබීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

2020 මාර්තු 31 දින සිට, COVID-19 වසංගත තත්වය නොතකා පුද්ගලයින් 90,000ක් පමණ අන්තර්ජාලය ඔස්සේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා තිබේ. එමෙන්ම මෙම වසරේ ජුනි මස සිට යලි ක්‍රියාත්මක වූ සාමාන්‍ය පරිදි පුරවැසිභාවය ලබාදීමේ වැඩසටහන ඔස්සේ ඔක්තෝබර් 31 වන විට තවත් පුද්ගලයින් 14,000ක් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට හිමිකම් කියා තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි තුල කොරෝනා සීමා ලිහිල් වී තිබේ. මේ හේතුවෙන් COVID-19 ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ඔස්සේ සෑම ප්‍රාන්තයකම යලිත් සාමාන්‍ය පරිදි පුරවැසිභාවය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රාදේශීය සභාවන් දිරිගන්වන බවද එම නිවේදනයේ සඳහන්.
Alan Tudge at Parliament House in Canberra
Alan Tudge at Parliament House in Canberra Source: AAP
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණ යාවත්කාලීන කෙරේ
ඕස්ට්‍රේලියානු පුරවැසි පරීක්ෂණය යාවත්කාලීන කොට තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියානු සාරධර්ම, නීතියේ ආධිපත්‍යය, ආගමික නිදහස, කතා කිරීමේ නිදහස, ඇසුරු කිරීමේ නිදහස සහ ඕස්ට්‍රේලියාවේ සියලුම ජනතාවට සමානාත්මතාවය පිළිබඳව එම පරීක්ෂණයේ දැඩි අවධානයක් යොමුව තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන පරීක්ෂණයට අවශ්‍ය වන "Our Common Bond" ඉංග්‍රීසි ඇතුලු භාෂා 40කට පරිවර්තනය කොට තිබේ.


යාවත්කාලීන කල Our Common Bond සිංහල භාෂාවෙන් ලබාගැනීමට මෙතනින්  පිවිසෙන්න

පුරවැසි පරීක්ෂණ සහ එම පරීක්ෂණ වෙන්කරවා ගැනීමට වැඩි විස්තර සඳහා මෙතනින්  පිවිසෙන්න


Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියා පරිපාටිය යලිත් ඇරඹුනා : ඕස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක් ( SBS සිංහල/වාර්තා) | SBS Sinhala