SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඇති ඇතැම් පාර්ශව හට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමේදී මෙතෙක් ලැබුණු වරප්‍රසාදයක් රජය විසින් කපා දමයි.

Waziri wa maswala ya nyumbani wa Australia Peter Dutton
Waziri wa maswala ya nyumbani wa Australia Peter Dutton akiwa katika mkutano. Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ඕස්ට්‍රේලියාවේ දැනට Centrelink රජයේ  සුභසාදන දීමනා ලබන මෙරට ස්ථිර පදිංචිය ලබා ඇති සංක්‍රමණික විශ්‍රාමිකයින්, වයෝවෘධ පුද්ගලයින් සහ වැන්දඹුවන් හට මින් ඉදිරියට තම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම් පත්‍ර ඉදිරිපත්කිරිමේදී සම්පුර්ණ අයදුම්පත් ගාස්තුව ගෙවීමට සිදුවෙතැයි SBS ප්‍රවෘති අංශයට වාර්තාවේ. මේ වෙනතෙක් මොවුන් සඳහා, අයදුම් පත්‍ර වෙනුවෙන් ගෙවියයුතු මුළු මුදලින් ඩොලර් 20 හෝ 40 ක වට්ටමක් ලැබුනි. නමුදු සාමාන්‍ය පුද්ගලයෙකු මේ සඳහා ගෙවිය යුතු මුදල ඩොලර් 285 කි.

මෙරට පුරවැසිභාවය සම්බන්ද පනත සංශෝධනයට අදාළ ව්‍යවස්ථා සාධන පත්‍ර ඉදිරිපත් කිරීමේදී මෙතෙක් පැවති මෙම වට්ටම් මුදල් ලබාදීම අහෝසි කිරීමට සංක්‍රමණ අමාත්‍ය පීටර් ඩටන් පියවර ගෙන තිබේ. මෙය පසුගිය සතියේදී ඉදිරිපත්කොට ඇති අතර මෙම නිතිය ලබන ජූලි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

මේ අනුව මෙතෙක් මෙම ගාස්තු අඩුකරලීමේ සහනය ලද concession card හිමි විශ්‍රාමිකයින්, Newstart දීමනාව, විශ්‍රාම වැටුප, අබාධිත ව්ශ්‍රමික දීමනා සහ parenting payments ඇතුළු රජයේ ස්ථිර සුභසාධන දීමනා ලබන්නන් හට මෙම සහනය අහිමි වනු ඇත.

එහෙත් පැවති ක්‍රමය නැවත බලාත්මක කිරීමට අවශ්‍ය නීති ගෙන එම සඳහා ලබන සතියෙ පාර්ලිමේන්තුව නැවත රැස්වන විටදී ඉල්ලීම් සිදුකරන බව Greens පක්ෂය පවසා සිටී.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now