තාවකාලික වීසා හිමියන්ට සහ සරණාගතයින්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ලබාදෙන කොරෝනා සහන මුදල දෙගුණ කෙරේ (SBS සිංහල/වාර්තා)

Temporary migrants in Victoria will now be able to access a one-off $800 emergency payment if they are in severe financial hardship.

Temporary migrants in Victoria will now be able to access a one-off $800 emergency payment if they are in severe financial hardship. Source: Supplied

කොරෝනා වෛරසයෙන් ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටින තාවකාලික වීසා හිමියන්ට / සරණාගත වීසා හිමියන්ට සහ ලේඛණගත වී නොමැති සංක්‍රමණිකයින් සඳහා වික්ටෝරියා ප්‍රාන්තය මගින් ලබාදෙන හදිසි සහන මුදල මෙම වසරේ මුලදී හඳුන්වා දෙනු ලැබීය. මේ වනතෙක් $400ක් වූ මෙම සහන මුදල මේ වන විට $800 දක්වා ඉහල දමා ඇති අතර මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පලකරන සංක්‍රමණ පිලිබඳ නීතිඥයින් සඳහන් කරන්නේ එළඹෙන අයවැය මගින් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයද මොවුන්ට සහාය ලබාදිය යුතු බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ වනතෙක් සහන මුදල් ලබාගත් තාවකාලික වීසා හිමියන්ද මෙම නව මුදල ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන අතර මධ්‍යම රජයේ JobSeeker සහ JobKeeper වැඩසටහන් යටතේ සහන නොලබන වික්ටෝරියානු ප්‍රාන්ත තාවකාලික වීසා හිමියන් 8,000 ක් පමණ මෙමගින් ආවරණය කෙරේ. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.3ක් පමණ වන බව වික්ටෝරියානු ප්‍රාන්ත ප්‍රකාශකයකු සඳහන් කොට තිබේ.

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා මේ වනවිට තාවකාලික වීසා හිමියන් මිලියන 1.1ක් පමණ සිටී

වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews පවසා ඇත්තේ මෙම වෛරසය කිසිවෙකුට වෙනස් ලෙස නොසලකන නමුත් ඉතිරි කිරීමක් හෝ රැකියාවක් නොමැති පිරිස මෙමගින් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි. එමෙන්ම සෑම වික්ටෝරියානුවකුම රැකබලා ගැනීම සඳහා ප්‍රාන්ත රජය කටයුතු කරන බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා අවධාරණය කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය ලබාදෙන හදිසි සහන මුදල ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට නම්, අයදුම් කරුවන් තමාට අදායමක් නොමැති හෝ ඉතා අඩු අදායමක් ලබන බවට ඔප්පු කල යුතු අතර අඩු ඉතුරුමක්, තම ප්‍රජාවෙන් අඩු සහායක් සහ මධ්‍යම රජයේ JobSeeker සහ JobKeeper වැඩසටහන් යටතේ කිසිදු සහනයක් නොලබන බවට සනාථ කල යුතු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Migrant Workers Centre හි අධ්‍යක්ෂ Matt Kunkel සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාව තුල මේ වනවිට කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින මිලියන 1.1ක් පමණ වන තාවකාලික වීසා හිමියන්ට සහාය දක්වන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙන්වියයුතු බවයි.

මේ වන විට රජයේ එම සහාය තාවකාලික වීසා හිමියන්ට අත්‍යාවශ්‍ය වන අතර මොවුන් නිවාස අහිමි වීමේ සහ අහාර සහ අත්‍යාවශ්‍ය දෑ ලබාගැනීමට නොහැකිවීමේ දැඩි අවධානමක් පවතින බවද Matt Kunke සඳහන් කොට තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


සිය අදහස් දක්වමින් Asylum Seeker Resource Centreහි ප්‍රධාන විධායක Kon Karapanagiotidis අවධාරණය කොට ඇත්තේ $800ක් වැනි වූ එක් වරක් පමණක් වන ගෙවීමක් ඔස්සේ ඕස්ට්‍රේලියාව තුල සිටින පුද්ගලයකුට කොරෝනා වසංගතයෙන් බේරී සිටීමට කිසිදු ලෙසකින් නොහැකි බවයි.


එමෙන්ම වසර 20ක් පමණ වන සිය සේවා කාලය තුල මෙවැනි අකාරයේ මානුෂීය අර්බුධයක් දැක නොමැති බව සඳහන් කරමින් Kon Karapanagiotidis පෙන්වා දී ඇත්තේ මෙය විශාල ඉදිරි පියවරක් වුවද මධ්‍යම රජයේ වගකීමක් වන තීරණාත්මක අවශ්‍යතා සපුරාලීම මෙමගින් සිදු නොවන බවයි.

කොරෝනා වසංගත තත්වයත් සමග බොහෝ තාවකාලික වීසා හිමියන්ට සහ ලේඛණගත වී නොමැති සංක්‍රමණිකයින් බොහෝමයකට දැඩි පහරක් එල්ලව ඇති අතර තම මවු රටට යාමට නොහැකිවීම හේතුවෙන් බොහෝ දෙනෙකු නිවාස අහිමි නොහොත් Homeless තත්වයට පත්ව සිටී.
SBS Radio
Source: SBS Radio

Share

Published

Updated

By SBS News, Nipuna Dodangoda
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
තාවකාලික වීසා හිමියන්ට සහ සරණාගතයින්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ලබාදෙන කොරෝනා සහන මුදල දෙගුණ කෙරේ (SBS සිංහල/වාර්තා) | SBS Sinhala