ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම ලිහිල් කරන්න මේ දක්වා රජයෙන් ප්‍රකාශ කර ඇති සහන මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම සඳහා පසුගිය ෆෙඩරල් අයවැයෙන් පොරොන්දු වූ පියවර පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

A woman withdrawing money from an ATM

Treasurer Jim Chalmers said many Australians were doing it tough and the measures were designed to help. Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ක්‍රමිකව ඉහළ යමින් පවතින අතරේ පවුල්වට එම ආර්ථික පීඩනය දරාගත නොහැකි මට්ටමක පවතී.

නමුත් එම පීඩනය ලිහිල් කිරීමට පියවර ගන්නා බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පොරොන්දු වෙමින් සිටී.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම සඳහා පසුගිය ෆෙඩරල් අයවැයෙන් පොරොන්දු වූ පියවර පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

නිවාස

First home guarantee සහ regional first home guarantee වැඩසටහන් සඳහා සුදුසුකම් ලැබීමට දැන් විවාහක සහ de facto යුවළවලට අමතරව ඕනෑම දෙදෙනෙකුට හැකියාව ඇත.

ඒ අනුව මවකට සහ දරුවෙකුට, සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට වුවද ඒ සඳහා අයදුම් කළ හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

පසුගිය වසර 10 තුළ ඔස්ට්‍රේලියාවේ දේපලක් හිමි කරගැනීමට නොහැකිවූ පළමු නොවන නිවාස ගැනුම්කරුවන්ට ද එය අදාළ වේ.

වැටුප් ඉහළ දැමීම්

Aged care ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින්ගේ වැටුප් ජූලි 01 සිට 15% කින් වැඩිකරන බවට පසුගිය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අය වැයේදී ප්‍රකාශ කෙරිණි.

මේ අනුව Aged care ක්ෂේත්‍රයේ හෙදියන්ට වසරකට අමතර ඩොලර් 10,000 ක් උපයා ගත හැකිය.

එමෙන්ම personal care සේවකයින්ට වසරකට අමතර ඩොලර් 7,000 ක් උපයා ගත හැකි වනු ඇත.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 8.6% කින් ද award වැටුප් ලබන සේවකයින්ගේ වැටුප් 5.75% කින්ද වැඩි කිරීමට Fair Work කොමිසම ජුනි 02 වන දින තීරණය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අවම වැටුප පයකට $23.23 ක් වන අතර සතියකට පැය 38 ක සේවක පැය ගණනක් මත සතියකට $882.80 ක් වේ.

බලශක්ති බිල් ගෙවීමට සහන

ඔස්ට්‍රේලියාවේ මිලියන පහක පවුල් ඩොලර් 500 දක්වා විදුලි බිල්පත් ගෙවීමේ සහන සඳහා සුදුසුකම් ලබන අතර සුළු පරිමාන ව්‍යාපාර මිලියනයක් පමණ ඩොලර් 650 දක්වා සහනයකට හිමිකම් කියනු ඇත.

ඔබේ ප්‍රාන්තයේ බලශක්ති බිල්පත් ගෙවීමේදී ලබාදෙන සහන ගැන මෙතනින් දැනගන්න.

Childcare සහනධාරය වැඩි කිරීම සහ වැටුප් සහිත parental නිවාඩු

ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ පවුල් මිලියන 1.2 ක් පමණ Childcare සඳහා අඩු මුදලක් ගෙවනු ඇත.

වසරකට ඩොලර් 80,000 ට වඩා අඩු ආදායම් ලබන පවුල් ඔවුන්ගේ Childcare ගාස්තුවෙන් 90% ක් රජය විසින් ආවරණය කිරීමට සුදුසුකම් ලබයි.

මේ අතර වසරකට පවුල් 180,000කට ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂිත සති 20ක තනි යෝජනා ක්‍රමයක් බවට දැනට පවතින parental නිවාඩු සහ dad and partner වැටුප් ඒකාබද්ධ කෙරේ.

මෙම වෙනස්කම් කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට උත්සාහ කරන ව්‍යාපාරවලට සහ ශ්‍රම බලකායට ආපසු පැමිණීමට අවශ්‍ය දෙමාපියන්, විශේෂයෙන් මව්වරුන් සඳහා උපකාර වන බව අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසුවේය.

ඉදිරි මාසවලදී අමතර නීති සම්පාදනය කිරීමෙන් 2026 වන විට අමතර සති හයක වැටුප් සහිත parental නිවාඩු ලබා දෙන බව සමාජ සේවා ඇමති Amanda Rishworth පැවසුවාය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now