SKIP TO MAIN CONTENT

බලාගෙනයි. දහස් ගණනින් ව්‍යාජ ඩොලර් 50 නෝට්ටු ඔස්ට්‍රේලියාව පුරා සැරිසරන බවට අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

Australian Money
Australian Money Source: RBA

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ව්‍යාජ ඔස්ට්‍රේලියානු ඩොලර් 50 නෝට්ටු ඔස්ට්‍රේලියාව පුරා සැරිසරන බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඉතා උසස් තත්ත්වයෙන් වලංගු ඩොලර් 50 නෝට්ටු මෙන්ම සකස් කර ඇති මෙම ව්‍යාජ නෝට්ටු පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

counterfeit Money
Source: AAP

ව්‍යාජ ඔස්ට්‍රේලියානු ඩොලර් 50 නෝට්ටු

මෙවැනි අන්දමේ ව්‍යාජ ඔස්ට්‍රේලියානු ඩොලර් 50 නෝට්ටු දහස් ගණනින් ඔස්ට්‍රේලියානු සමාජයේ දැන් සැරිසරන බව වාර්තා වේ.

නමුත් සැලකිල්ලෙන් බැලූ කල එම ව්‍යාජ නෝට්ටු හඳුනාගත හැකි බවද සඳහන්.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දී ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් සොයාගෙන ඇතැයි Daily Mail වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉතා ඉහළ මුදල් ප්‍රමාණ වලින් ගනුදෙනු කරන ව්‍යාපාරික ගනුදෙනු සඳහා සඳහා මෙවැනි අන්දමේ ව්‍යාජ මුදල් නෝට්ටු යොදාගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවද පොලීසිය අනතුරු අඟවයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela නගරයේ සිදුකළ හදිසි වැටලීමකදී වටිනාකමින් ඩොලර් 8000 ක් වන ව්‍යාජ නෝට්ටු මෙන්ම ආයුධ, කන්සා සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ උපකරණ කිහිපයක් සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

counterfeit Money
counterfeit $50 note Source: Queensland Police

ව්‍යාජ මුදල් රට පුරා

මෙම වැටලීමත් සමග මෙවැනි අන්දමේ ව්‍යාජ මුදල් ඔස්ට්‍රේලියාව පුරාම සැරිසරන බවට පොලීසිය සැක පහළ කරයි.

ඩොලර් 50 ව්‍යාජ මුදල් නෝට්ටුවේ විනිවිද පෙනෙන කොටසේ නිල් පැහැති විදේශීය අකුරු දක්නට ඇති බව වාර්තා වේ.

එම අකුරු තරමක් විශාල ලෙස මුද්‍රණය කර ඇති අතර එම ව්‍යාජ නෝට්ටු ඉතා උසස් තත්ත්වයෙන් වලංගු මුදල් නෝට්ටු හා සමානවම නිර්මාණය කර ඇතැයි එකවරම පෙනී යයි.

මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඇතැම් ව්‍යාපාර තමන්ට මෙවැනි අන්දමේ ව්‍යාජ මුදල් නෝට්ටු ලැබුණු බවට පැමිණිලි කර ඇතැයිද වාර්තා වේ.

යම් වැසියෙකුට මෙවැනි අන්දමේ ව්‍යාජ නෝට්ටු ලැබුණහොත් ඒවා ලැබුණු අන්දම පිළිබඳ සටහනක් තබාගනිමින් අදාළ ප්‍රාන්තයේ පොලීසියට හෝ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට වහාම දැනුම් දෙන ලෙසටද ඉල්ලයි.

counterfeit Money
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now