ඔස්ට්‍රේලියාවේ COVID 19 - කොරෝනා වෛරසය හා බැඳුනු කරුණු පිලිබඳව ඔබ අනිවාර්යයෙන් දැනගතයුතු දේ SBS සිංහල සේවයෙන්

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරස තත්වය සම්බන්ධව ඔබ අනිවාර්යයෙන් දැනගතයුතු දේ සම්බන්ධයෙන් මෙම ලිපිය ඔස්සේ ඔබට සමීප කෙරේ.

Covid-19 checking

Source: Getty Images

 

Highlights

  • ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත
  • Covid-19 ආශ්‍රිත මානසික සෞඛ්‍ය සහාය
  • COVID-19 පැතිරීම සහ එය වළක්වාගැනීම සිදුකරන්නේ කෙසේද?
  • වෛරසයට වැඩි අවදානමක් සහිත පිරිස
  • මුව ආවරණයක් (mask) පැළදිය යුතුද?
  • ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සහ පිටත්වීම

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත

සියලුම ඔස්ට්‍රේලියානුවන් හට ආරක්ෂිතව සහ ඵලදායී ලෙස COVID-19 එන්නත් කඩිනමින් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කැපවී සිටී.

ඔබ කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුද යන්න සම්බන්ධයෙන් දැනගැනීම සහ එන්නත වෙන්කරවාගැනීම සඳහා https://covid-vaccine.healthdirect.gov.au/ යන වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ සිදු කල හැක.

ඔබ වයස අවුරුදු 40 හෝ ඊට වඩා වැඩි අයකු නම් කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි. එමෙන්ම වයස අවුරුදු 16ත් 39ත් අතර ඇතැම් පිරිස කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි.

කොරෝනා එන්නත සම්බන්ධයෙන් ඔබගේ පවුල් වෛද්‍යවරයා හමුවීමෙන් දැනගැනීමට හැකි අතර https://www.health.gov.au/initiatives-and-programs/covid-19-vaccines/covid-19-vaccine-information-in-your-language යන වෙබ් අඩවියට පිවිසීම මගින්ද කොරෝනා එන්නත සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් තොරතුරු දැනගැනීමටද හැකියාව පවතී.

ඕස්ට්‍රේලියාවේ නිර්දේශිත කොරෝනා එන්නත්

The Australian Technical Advisory Group on Immunisation හෙවත් ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම වයස අවුරුදු 16ත් 59ත් අතර පිරිස සඳහා Pfizer එන්නත නිර්දේශ කොට තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

එමන්ම වයස අවුරුදු 18ත් 59ත් අතර පිරිස සඳහා AstraZeneca එන්නත ලබාගැනීමටද හැක.

ඔබ මේ වනවිට වයස අවුරුදු 18ට වඩා වැඩි නමුත් තවමත් කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් නොලබයි නම්, ඔබ එන්නත ලබාගැනීමට සුදුසු කාලය එළඹි විට එය දැනුම් දෙන ලෙස ඉල්ලීමට හැකියාව පවතී.

කෙසේ නමුත් වයස අවුරුදු 16ට වඩා අඩු පිරිස කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව තුල තවමත් සුදුසුකම් නොලබයි.

Covid-19 ආශ්‍රිත මානසික සෞඛ්‍ය සහාය

2020 වසරේදී

සුදුසුකම් සහිත රෝගීන් හට මනෝ චිකිත්සකයින්, මනෝ විද්‍යාඥයින් සහ පවුලේ වෛද්‍යවරයාගෙන් සෑම වසරකම Medicare සහන ලැබෙන මනෝ චිකිත්සක සැසි 10 ක් mental health care plan ඔස්සේ ලබාගැනීමේ අවකාශය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදී තිබේ.

කොරෝනා වසංගතය අතරතුර සහ ස්වයං නිරෝධායනය අතරතුර යහපත් මානසික සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු සහ මග පෙන්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් "Head to Health" වෙබ් අඩවිය හරහා Covid-19 ආශ්‍රිත මානසික සෞඛ්‍ය සහයෝගය ලබා දී ඇත.

ඔබේ භාෂාවෙන් මානසික සෞඛ්‍ය සහාය අවශ්‍ය නම් 131 450 ට TIS National අමතන්න . පරිවර්තකයකුගේ සහාය ලබාගැනීම සඳහා tisnational.gov.au යන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. TIS National හි භාෂා 100කට අධික සංක්‍යාවක් අන්තර්ගත වන අතර එම සේවාව පැය 24 පුරා දින 7ක් තුලම ක්‍රියාත්මක වේ.

Embrace Mental Health යනු culturally and linguistically diverse හෙවත් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ පුද්ගලයින් ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන ඔස්ට්‍රේලියාව මෙහෙයවන ව්‍යාපෘතියකි. මේ ඔස්සේ සම්පත්, සේවා සහ තොරතුරු සඳහා සංස්කෘතියට අදාළ වශයෙන් ප්‍රවේශ වීමට හැකියාව පවතී.

වැඩි විස්තර සඳහා Mental health services in Australia in your language යන වෙබ් අඩවියට පිවිසෙන්න.

මූල්‍ය දුෂ්කරතා (Pandemic Leave Disaster Payment හෙවත් වසංගත නිවාඩු ආපදා ගෙවීම්)

ඔබ මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ නම්  Covid19 Money Smart වෙත පිවිසෙන්න එසේ නොමැතිනම් National Debt Helpline - 1800 007 007 අමතන්න.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් හඳුන්වා දී ඇති  pandemic leave මගින් ආපදා ගෙවීම් සිදුකරේ.

ස්වයං නිරෝධායනය වීම , ස්වයං හුදකලා වීම හේතුවෙන් සහ COVID-19 වැළඳුනු පුද්ගලයෙකු රැක බලාගැනීම හේතුවෙන් හෝ ආදායම අහිමිවූ සේවකයින් හට මෙම ගෙවීම සඳහා අයදුම් කළ හැක.

ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල වසංගත නිවාඩු ආපදා ගෙවීම් පිළිබඳ විස්තර පහත වෙබ් යොමු වලින් දැනගත හැකිවේ:

COVID-19 පැතිරීම සහ එය වළක්වාගැනීම සිදුකරන්නේ කෙසේද?

COVID-19 වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පහත ආකාර වලින් පැතිරිය හැකියි

ආසාදිත පුද්ගලයෙකු අසල සිටීම හෝ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පෙන්වීමට පෙර ඔවුන් අසල ගැවසීමෙන්

ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයෙකු කසින විට හා කිවිසුම් හරින විට ඔවුන් අසල සිටීමෙන්

ආසාදිතයෙකුගේ කැස්ස හෝ කිවිසුම් නිසා පතිත වූ කෙල බිඳිති සහිත මතුපිටවල් , දොර , මේස ආදිය ස්පර්ශ කොට ඔබේ මුඛය හෝ මුහුණ අතින් ඇල්ලීම මගින්

රෝගය පැතිරීම වැලක්වීමට කල හැකි දේ

මීටර් 1.5ක පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු අතර වර්ග මීටර් 4 කට එක් පුද්ගලයකු බැගින්වූ නීතිය අනුගමනය කිරීම

ඔබ ආහාර ගැනීමට පෙර හා පසුවත් , වැසිකිලි යාමෙන් පසුවත් අත සොදින් සබන් හා ජලයෙන් සෝදා ගැනීම

ඔබ කසින හා කිවිසුම් යන විට මුඛය ආවරණය කර ගත යුතු අතර එම අවස්ථාවේ භාවිත කල tissues ඉවත දැමීම යුතු වේ. එසේත් නැත්නම් ඇල්කොහොල් සහිත hand sanitizer එකක් භාවිතා කරන්න

ඔබට අසනීප තත්වයක් පෙන්නුම් කරයි නම් අනෙක් පුද්ගලයින්ගෙන් ඇත්ව සිටීම (අනෙක් පුද්ගලයින් ගෙන් මීටර් 1.5ක් දුරින්)

COVIDSafe app එක download කරගන්නා ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සියලු වැසියන්ට යෝජනා කරයි.

ඔබ රෝග ලක්ෂණ මතුවේ නම් කොරෝනා පරීක්ෂාවක් සිදුකරගන්න

මෙම රෝග ලක්ෂණ ඉතා සුළු මට්ටමේ සිට නිව්මෝනියාව දක්වා වර්ධනය විය හැකිය. Covid -19 රෝග ලක්ෂණ ඉන්ෆ්ලුඑන්සා රෝග ලක්ෂණ වලට සමාන විය හැකි අතර එම ලක්ෂණ පහත දැක්වේ.

  • උන 
  • ශ්වසන රෝග ලක්ෂණ
  • උගුරේ අසීරුතා 
  • කැස්ස 
  • ශ්වසන අපහසුතා

නාසයෙන් දියර ගැලීම්, හිසරදය, මස්පිඩු හෝ සන්ධි වේදනාව, වමනය, අතීසාරය, ඔක්කාරය, ගඳ සුවඳ නොදැනීම, රස වෙනස් වීම, ආහාර අරුචිය සහ තෙභෙට්ටුව අනෙකුත් රෝග ලක්ෂණ ලෙස දැක්වේ.

සෞඛ්‍ය බලධාරීන් ඔබට නිවසේ සිට භාවිතා කළ හැකි COVID19 Symptom Checker එකක් නිර්මාණය කොට තිබේ.

මෙම වෛරසය සඳහා ස්ථිර ඖශධයක් නොමැති අතර සහාය දැක්වීමේ ප්‍රතිකාර ලබාදීම පමණක් සිදු කල හැක. ප්‍රතිජීවක ඖශධ වයිරස සදහා බල නොපායි.

ඔබට කොරෝනා රෝග ලක්ෂණ මතු වුවහොත් ඔබ කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතුය.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වගකිවයුතු පුද්ගලයෙකු සමග කතා කිරීමට අවශ්‍ය නම් 1800 020 080 යන දුරකතන අංකය ඔස්සේ ජාතික කොරෝනා වයිරස් සහය සේවය (National Coronavirus Helpline) අමතන්න. එම දුරකතන සේවාව සතියේ දින හතේම පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

කොරෝනා පරීක්‍ෂාව සිදුකරගත හැකි ස්ථාන

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

ඔබට COVID-19 වැළදී ඇති බවට තහවුරු වී ඇත්නම් ඔබේ වගකීම කුමක්ද?

ඔබට Covid -19 ආසාදනය වී ඇත්නම් ඔබ විසින් පහත දේවල් අනුගමනය කළ යුතුය:

පාසල්, සාප්පු , විශ්ව විද්‍යාල හා ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යාමෙන් වලකින්න

වෙනත් අයෙකුට ඔබට අවශ්‍ය ආහාර ආදිය ගෙනවිත් ඔබේ නිවසේ දොර අසල තබන ලෙස පවසන්න

සාමාන්‍යයෙන් ඔබේ නිවසේ ඔබ සමග සිටින අය හැර වෙනත් අයෙකු නිවාස තුලට ගැනීමෙන් වලකින්න

වෛරසයට වැඩි අවදානමක් සහිත පිරිස

මෙම වෛරසය ආසාදනය වන ඇතැම් පුද්ගලයින් හට රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැම් පිරිසට සුලු රෝග ලක්ෂණ පෙන්වයි.

නමුත් ඇතැම් පුද්ගලයින් හට දරුණු රෝග ලක්ෂණ ඇති විය හැක.

මීට පෙර ඇති වූ කොරෝනා වයිරස දත්ත ප්‍රතිපල වලට අනුව පහත පුද්ගලයින් හට අවදානම් තත්වයක් ඇති විය හැක.

  • ප්‍රතිශක්ති පද්ධතිය ට බලපෑම් ඇති රෝගීන් (පිළිකා රෝගීන් )
  • වැඩිහිටියන් 
  • නිදන්ගත රෝග වැඩිපුර ඇති වයස 50 හෝ ඊට වැඩි ඇබෝරිජිනල් හා Torres දුපත් වාසීන් 
  • නිදන්ගත රෝග ඇති වයස 65හෝ ඊට වැඩි පුද්ගලයින් 
  • වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින් 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළු සහිත පුද්ගලයින්

මුව ආවරණයක් (mask) පැළදිය යුතුද?

ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි දැන් මුව ආවරණ පැළඳීම නිර්දේශ කර හෝ අනිවාර්ය කර තිබේ.

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ තත්ත්වයන් වෙනස් වුවහොත් මුව ආවරණ පැළඳීම පිළිබඳ උපදෙස් වෙනස් විය හැක.

 

එම හේතුවෙන් ඔබගේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ උපදෙස් පිළිබඳව යාවත්කාලීන වීම වැදගත් වේ.

මුව ආවරණ පැළඳීම පිළිබඳ නවතම උපදෙස් සහ යාවත්කාලීන තොරතුරු

ඔබ මුව ආවරණයක් පළඳින විට එය මනාව පැළඳීම වැදගත් වේ

  • මුව ආවරණය පැළඳීමට හෝ ගැලවීමට පෙර දෑත් සෝදන්න/ sanitise කරන්න
  • ඔබේ නාසය, මුඛය සහ නිකට පහලට වන තෙක් මුව ආවරණයෙන් හොඳින් ආවරණය විය යුතු අතර නාස් පොල්ලෙන් උඩට සහ ඔබේ මුහුණේ දෙපැත්තට එය හොඳින් සවි වී තිබිය යුතුය
  • පැළදීමේදී සහ ගැලවීමේදී ඔබේ මුව ආවරණයේ ඉදිරිපස ස්පර්ශ නොකරන්න
  • ඔබේ ගෙල ප්‍රදේශයේ හෝ නාසයට පහළින් මුව ආවරණය එල්ලීමට ඉඩ නොතබන්න
  • එක් වරක් පැළඳිය යුතු මුව ආවරණ නැවත භාවිතා නොකරන්න; නැවත නැවත භාවිතා කළ හැකි මුව ආවරණ භාවිතා කළ පසු හොඳින් සෝදා වේලා පිරිසිදු වියළි ස්ථානයක තැන්පත් කරන්න

ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සහ පිටත්වීම

ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්ට ප්‍රාන්ත සීමාවන් වසා දැමීම වැනි තමන්ට අනන්‍ය වූ නීති හා සීමාවන් පැනවිය හැකිය.

අනිවාර්ය දත්ත එකතු කිරීම

කොරෝනා ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා යාමේ ප්‍රාන්ත හා ටෙරිටරි වල කාර්ය බාරයට සහය වීමක් වශයෙන් 2020 ඔක්තෝබර් 01 වන දින සිට දේශීය ගුවන් ගමන් වල (domestic flights) ගමන් කරන සියලු ගුවන් මගීන් ගේ තොරතුරු අනිවාර්යෙන් එකතු කරගැනේ.

එහිදී අදාළ ගුවන් මගියා ගේ නම, ඊමේල් ලිපිනය, ජංගම දුරකතන අංකය සහ පදිංචි ප්‍රාන්තය යන තොරතුරු ලබා දිය යුතුය.

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු දේ 

පොදු ප්‍රවාහන සේවා වල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රාන්ත, ටෙරිටරි සහ ජාතික කැබිනට් මණ්ඩලය මූලධර්ම ගණනාවක් එළිදක්වා තිබේ.

තමන් අසනීප තත්ත්වයෙන් පෙළෙන විට පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් නොයාම, රියදුරු සහ අනෙක් මගීන් සමග පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම, අත්පිට මුදල් හුවමාරු නොකිරීම වැනි ක්‍රියා මෙහිදී අනුගමනය කළ යුතුය.

සංචාරක සීමා කිරීම්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගී ගුවන් ගමන් වලට තාවකාලිකව සීමා පනවා ඇති අතර ඒවා නිරන්තරයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සමාලෝචනය කරනු ලැබේ.

මෙය ඔස්ට්‍රේලියාව තුලට පැමිණීමේ ගමනට බලපෑම් සිදු කරයි.

මේ සම්බන්ධයෙන් වන තොරතුරු නිරන්තරයෙන් වෙනස් වේ.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

  • මානුෂීය ආධාර වැනි කොරෝනා වසංගතයට යම් අන්දමක ප්‍රතිචාර දැක්වීම සඳහා ඔබේ සංචාරය වැදගත් වනවානම්;
  • තීරණාත්මක කර්මාන්ත හා ව්‍යාපාර කටයුතු සඳහා ඔබේ සංචාරය අත්‍යවශ්‍ය නම්;
  • ඔබ සංචාරය කරන්නේ ඕස්ට්‍රේලියාවේ නොමැති හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නම්;
  • ඔබ සංචාරය කරන්නේ හදිසි සහ නොවැලැක්විය හැකි පුද්ගලික කටයුත්තකට නම්;
  • ඔබ සංචාරය කරන්නේ සානුකම්පිත හෝ මානුෂීය හේතු මත නම්
  • ඔබේ සංචාරය ජාතික අවශ්‍යතාවයන් සඳහා නම්.

ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට ඇති කොන්දේසි පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න


රජයේ තොරතුරු

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය COVID-19 කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට Government response වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්න.

ඉංග්‍රීසි භාෂාවෙන් වැඩි දුර විස්තර ලබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔස්ට්‍රේලියානු සමාජය පිළිබඳ ඔබේ භාෂාවෙන් තොරතුරු ලබාගැනීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේතු වෙබ් අඩවියට පිවිසෙන්න.


ඔස්ට්‍රේලියාව තුල පුද්ගලයින් අවම වශයෙන් එකිනෙකාට මීටර 1.5ක් ඈතින් සිටිය යුතුය

ඔබට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගලක්ෂණ පෙන්වයි නම් වහාම කොරෝනා පරීක්ෂාව සඳහා යොමුවීම සහ නිවසේම රැඳී සිටීම සිදු කලයුතුය

කොරෝනා වයිරසය හා සම්බන්ධ ප්‍රවෘත්ති සහ තොරතුරු භාෂා 63 කින්  www.sbs.com.au/language/coronavirus වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

ඔබගේ ප්‍රාන්තය හෝ භූමිය සඳහා අදාළ මාර්ගෝපදේශ මෙතනින් පරීක්ෂා කරගන්න: වික්ටෝරියා ප්‍රාන්තයනිව් සවුත් වේල්ස් ප්‍රාන්තයක්වීන්ස්ලන්ත ප්‍රාන්තයදකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයබටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටස්මේනියා ප්‍රාන්තයNorthern TerritoryAustralian Capital Territory

SOURCE : AUSTRALIAN GOVERNMENT DEPARTMENT OF HOME AFFAIRS


10 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now