කොරෝනා වෛරස රෝග ලක්ෂණ මතු වීමේදී නිශ්චිත අනුපිළිවෙලක් පවතින බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි (SBS සිංහල /වාර්තා)

Medical staff prepare to take a swab

Source: AFP

කොරෝනා වෛරසය පාලනය කිරීමේ කාර්යය ඉතා අපහසු වීමට බොහෝ හේතු පවතින අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ වෙනත් උණ ඇතුලු අනෙකුත් වෛරස වල රෝග ලක්ෂණ හා සමාන වීම එය පාලනය කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන බාධකයක් වේ.

University of South California හි සමීක්ෂකයින් පිරිසක් කොරෝනා රෝගීන් 55,000ක් අනුසාරයෙන් මේ පිළිබඳව කල සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ පහත දැක්වෙන පරිදි නිශ්චිත අනුපිළිවෙලකට අනුව මතුවන බවයි.

1. උණ
2. කැස්ස
3. ඔක්කාරය සහ / හෝ වමනය
4. පාචනය

මෙම රෝග ලක්ෂණ මතු වීමේ අනුපිලිවෙල සෙසු ශ්වසන රෝග හේතුවෙන් මතුවන රෝග ලක්ෂණ වලට වඩා තරමක වෙනස් අනුපිළිවෙලක් ගන්නා අතර මෙම තත්වය කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා තරමක පහසුවක් ගෙන දෙන බවද එම පර්යේෂකයින් පෙන්වා දී තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කෙසේ නමුත් කැස්ස ඇති වීම ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ පළමු රෝග ලක්ෂණය වන අතර මේ වනවිට කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග වෛරසයේ මුල් අවධියේදී මෙම රෝග ලක්ෂණ වෙන් කොට හඳුනාගැනීමට තරමක අපහසුවක් මතුව ඇතැයිද එම පර්යේෂකයින් සඳහන් කොට තිබේ.

එමෙන්ම මේ වන විට පවතින තත්වය මත මෙම කොරෝනා රෝග ලක්ෂණ අනුපිලිවෙල පිළිබඳව අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වන බව University of South California හි ඖෂධ සහ ජීව විද්‍යා ඉන්ජිනේරු මහාචාර්ය Peter Kuhn අවධාරණය කොට තිබේ.

ඕස්ට්‍රේලියානු සෞක්‍ය දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 42% කට කැස්ස පැවතී ඇති අතර 30% උණ තත්වයක් පැවතී තිබේ.
Victoria COVID-19 Testing
Victoria Increases COVID-19 Testing As Government Considers Easing Coronavirus Lockdown Restrictions Source: Getty Images AsiaPac
මෙම COVID-19 වෛරසය Middle East Respiratory Syndrome (MERS) සහ Severe Acute Respiratory Syndrome (SARS) වෛරසයට වඩා තරමක වෙනස් ක්‍රියාවලියක් හඳුනාගැනීමටද සමීක්ෂකයින් සමත්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ COVID-19 වෛරසයෙන් මුලින්ම ඉහල ආමාශ ආන්ත්‍රයික පත්‍රිකාවට බලපෑම් සිදුවන අතර ඉන් පසුව එහි බලපෑම පහල ආමාශ ආන්ත්‍රයික පත්‍රිකාවට සිදු වන බවයි.ඇතැම් රෝගීන්ට පාචනය ඇති වීමට පෙර වමනය හෝ ඔක්කාරය ඇති වීමට මෙය හේතු වන අතර මෙම තත්වය මීට ප්‍රතිවිරුද්ධ අයුරින් සෙසු ශ්වසන අබාධ වලදී සිදු වන බව ඔවුන් පෙන්වා දී තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


චීනයේ කොරෝනා රෝගීන් 55,924 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදු කොට ඇති අතර දරුණු සහ සාමාන්‍ය යන රෝගී අවස්ථා දෙකෙහිදීම මෙම රෝග ලක්ෂණ අනුපිලිවෙල වෙනස් නොවන බව සමීක්ෂකයින් අවධාරණය කර සිටී.

මේ අනුව කොරෝනා වෛරස රෝග ලක්ෂණ අනුපිළිවෙලින්

1. උණ
2. කැස්ස
3. උගුරේ අමාරුව, හිසරදය හෝ මාංශ පේශි කැක්කුම ඇතිවීමේ සම්භාවිතාව
4. ඔක්කාරය / වමනය
5. පාචනය

ඉන්ෆ්ලුවෙන්සා වෛරස රෝග ලක්ෂණ අනුපිළිවෙලින්

1. කැස්ස හෝ මාංශ පේශි කැක්කුම
2. හිසරදය
3. උගුරේ අමාරුව
4. උණ
5. වමනය / ඔක්කාරය හා පාචනය ඇතිවීමේ සම්භාවිතාව

University of NSW හි ජ්‍යෙෂ්ඨ වෛරස අධ්‍යන විද්‍යාඥාවරියක වන Sacha Stelzer-Braid පෙන්වා දී ඇත්තේ මෙම සමීක්ෂණ ප්‍රතිඵල පූර්ව පර්යේෂණයන්ට අනුකුල වන බවයි.

ඇය සඳහන් කොට ඇත්තේ වෛරසය වැළඳුනු විට ශරීරය ප්‍රතිශක්තිය සඳහා ප්‍රතික්‍රියා කිරීම මගින් උණ වැළඳෙන අතර වෛරසය නාසය ඔස්සේ පෙනහලු වෙත ගමන් කරද්දී කැස්ස හටගන්නා බවයි. එමෙන්ම ඉන් පසුව මෙම වෛරසය පුද්ගල ශරීරයේ අමාශ ආන්තරායික පද්ධතියේ සෛල වලට ඇතුලු වීම මගින් පාචනය තත්වයක් ඇති වන බවද ඇය සඳහන් කොට තිබේ.
pasanger
Source: AAP
කෙසේ නමුත් මෙම දත්ත රෝහල් ගත කල රෝගීන් අනුසාරයෙන් ලබාගෙන ඇති අතර කොරෝනා රෝගලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණයේ කරුණු අඩංගු නොවන බවද ඇය අවධාරණය කොට තිබේ.

කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණය උණ තත්වය වීම මත බොහෝ පොදු ස්ථාන වල සිදුකෙරෙන උෂ්ණත්ව පරීක්ෂාව ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් වන අතර උණ රෝගය පවතින පුද්ගලයින් වහාම රෝග පරීක්ෂාව සිදුකරගැනීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා කටයුතු කලයුතු බව සමීක්ෂකයින් සඳහන් කොට තිබේ.


Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service