COVID 19 update 28 July: Greater Sydney කලාපයේ lockdown කාලය තවත් සති 4 කින් දීර්ග කෙරේ

2021 ජූලි 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Bentleigh Secondary College students are seen returning to school as COVID-19 restrictions are eased across Victoria, in Melbourne, Wednesday, July 28, 2021.  (AAP Image/Daniel Pockett) NO ARCHIVING

Bentleigh Secondary College students are seen returning to school as COVID-19 restrictions are eased across Victoria, in Melbourne, Wednesday, July 28, 2021. Source: AAP Image/Daniel Pockett

Highlights

  • Greater Sydney කලාපයේ lockdown කාලය අගෝස්තු 28 තෙක් දීර්ග කර තිබේ.
  • එක් කොරෝනා ආසදිතයෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජය විමර්ශනය කරමින් සිටියි.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසදිතයෙකු වාර්තා නොවේ.
  • ක්වීන්ස්ලන්තය මුහුණ දී ඇති COVID-19 තර්ජනය දෙගුණ වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

Greater Sydney කලාපයේ lockdown කාලය තවත් සති 4 කින් දීර්ග කර තිබේ.

ඒ අනුව Central Coast, Blue Mountains, Wollongong සහ Shellharbour ඇතුළු Greater Sydney කලාපයේ lockdown කාලය අගෝස්තු 28 තෙක් දීර්ග කර ඇත.

ඊට අමතරව Campbelltown, Parramatta සහ George's River කලාප සඳහා ද දැඩි කොරෝනා නීති පනවා ඇති අතර එම කලාප වල නිවසින් පිටව යා හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී කරන පුද්ගලයින්ට පමණි.

Fairfield ප්‍රදේශයේ සෞඛ්‍ය සහ aged care සේවකයින් සහ Canterbury-Bankstown හි අත්‍යවශ්‍ය රාජකාරී කරන පුද්ගලයින් සෑම දින 3 කට වරක්ම කොරෝනා පරීක්ෂාවක් සිදු කරගත යුතුය.

Greater Sydney කලාපයේ භාණ්ඩ මිලදී ගැනීමට මෙන්ම ව්‍යායාම කිරීමට අවසර දී ඇත්තේ නිවසේ සිට කිලෝමීටර 10 ක දුරකට පමණි.

මේ අතර ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 177 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 46 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ආසාදිතයින් 177 ට අමතරව එක් කොරෝනා මරණයක් ද වාර්තා වී ඇත.

Liverpool රෝහලේදී 90 වන වියෙහි පසුවූ කොවිඩ් එන්නත නොලැබූ කාන්තාවක් එලෙස මරණයට පත්ව තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 165 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් 56 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සඳහන්.

සංශෝධිත කොරෝනා නීති පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙතැනින්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 9 ක් හමුවී තිබේ.

ඉන් 8 දෙනෙකුම දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ නමුත් ඉතිරි පුද්ගලයාට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි විමර්ශනය කරමින් සිටියි.

ඊයේ (27/06) මධ්‍යම රාත්‍රියෙන් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්ත්වය ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති නමුත් ඇතැම් කොරෝනා නීති තවමත් බලාත්මක කර තිබේ.

අද සිට වික්ටෝරියා ප්‍රාන්තයේ බලාත්මක කොරෝනා නීති පිළිබඳ විස්තර මෙතනින් ලබාගත හැකිය.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සිටි කාර්ය මණ්ඩලයේ 21 දෙනාගෙන් 19 දෙනෙකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Jeannette Young පවසයි. ඒ අතර එක් පුද්ගලයෙකු වයිරසය ශරීරගත වී තිබියදී දින හයක් පුරාවට බ්‍රිස්බේන් ප්‍රජාව තුළ සිටි බව සඳහන්.
  • නොකඩවා දෙවැනි දිනයටත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ.

 

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service