Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ නගරයක් වන Dubbo නගරය lockdown කිරීමට තීරණය කරයි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදිතයින් 5 දෙනෙකුට වයිරසය වැළඳුනු අයුරු පිළිබඳ විමර්ශනය කෙරේ.
- සැලසුම් කළ පරිදි Cairns නගරයේ lockdown කිරීම අදින් අවසන් කෙරේ.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 20 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.
එමෙන්ම ආසාදිතයින් 20 දෙනාගෙන් 6 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.
මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට දැනට පනවා ඇති lockdown කිරීම තවත් සතියකින් දීර්ග කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (11/08) පැවසීය.
ඒ අනුව අගෝස්තු 19 දා බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය වනතෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති lockdown කිරීම ක්‍රියාත්මක වනු ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 344 ක් හමුවී තිබේ.
ඔවුන්ගෙන් අවම වශයෙන් 65 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.
ඊට අමතරව කොරෝනා මරණ 2 ක් වාර්තා වන අතර ඔවුන් දෙදෙනාම කොවිඩ් එන්නත ලබා නොගෙන සිටි බවත් සඳහන්.
විවිධ රෝගාබාධ වලින් පෙළෙමින් සිටි එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු 90 වන වියෙහි පසුවූ අතර අනෙකා 30 වන වියෙහි පසුවිය.
මේ අතර ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ නගරයක් වන Dubbo නගර සභා කලාපය අද පස්වරු 1 සිට lockdown කිරීමට තීරණය කර තිබේ.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 62 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල පසුවන බවත් ඉන් 57 දෙනෙකු කොවිඩ් එන්නත ලබා නොගත් අය බවත් සෙසු පස් දෙනා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Kerry Chant පැවසුවාය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවත් සියලු ආසාදිතයින් වයිරසය ශරීරගතව තිබියදී නිරෝධායනය වෙමින් සිටි බවත් සඳහන්.
Cairns සහ Yarrabah නගර සභා කලාප වලට පනවා තිබූ දින 3 ක lockdown කිරීම අද පස්වරු 4 ට අවසන් කෙරෙන නමුත් ඇතැම් කොරෝනා නීති තවදුරටත් බලාත්මක වේ.
බරපතල රෝග සහිත වයස අවුරුදු 12-15 අතර ළමුන්ට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Jeannette Young ඉල්ලා සිටී.
කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා වේලාවක් වෙන් කරවා ගන්නේ කෙසේදැයි මෙතැනින් දැනගත හැකිය.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

