COVID 19 update 12 August: NSW ප්‍රාන්තයේ තවත් කලාප lockdown කරන විට ACT ද සතියකට lockdown

2021 අගෝස්තු 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ACT

Overlooking Lake Burley Griffin with Dept. of Defence in the foreground, Captain Cook water jet centre and Black Mountain top right. (AAP Photo/Alan Porritt) Source: AAP Photo/Alan Porritt

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවත් කලාප කිහිපයක් lockdown කරයි.
  • lockdown නිසා පීඩාවට පත් මෙල්බර්න් ව්‍යාපාර සඳහා අමතර ආර්ථික සහන.
  • අද පස්වරු 5 සිට Australian Capital Territory ද lockdown කෙරේ.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන්ට ගුවනින් ක්වීන්ස්ලන්තයට යාමට අවසර.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 345 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 60 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව කොරෝනා මරණ 2 ක් වාර්තා වන අතර ඔවුන් දෙදෙනාම 90 වන වියෙහි පසුවූ බව සඳහන්.

මේ අතර Bogan, Bourke, Brewarrina, Coonamble, Gilgandra, Narromine, Walgett සහ Warren යන නගර සභා කලාප ද ඊයේ රාත්‍රියේ සිට lockdown කර තිබේ.

එමෙන්ම Bayside, Burwood සහ Strathfield යන නගර සභා කලාප ද අද පස්වරු 5 සිට lockdown කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට සිඩ්නි කලාපයේ නගර සභා කලාප 12 ක් lockdown කිරීමට හසුව තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 21 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් 17 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ වී ඇති බව හෙළිවී තිබෙන අතර සෙසු සිව් දෙනාට වයිරසය ආසාදනය වූ ප්‍රභවය සොයාගැනීමට නොහැකිවී ඇත.

එමෙන්ම ආසාදිතයින් 21 දෙනාගෙන් 6 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

මෙල්බර්න් කලාපයේ lockdown කාලය තවත් සතියකින් දීර්ග කිරීම නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සඳහා අමතර ආර්ථික සහන ලබාදෙන බව වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා, නවෝත්පාදන හා වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය Martin Pakula නිවේදනය කළේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • වසරකට අධික කාලයකින් පසුව Australian Capital Territory ප්‍රජාව තුළින් පළමු වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබේ. එනිසාම අද පස්වරු 5 සිට Australian Capital Territory ද සතියක් lockdown කිරීමට තීරණය කර තිබේ.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 10 ක් හමුවී ඇති අතර ඒ සියලු ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවත් සියලු ආසාදිතයින් වයිරසය ශරීරගතව තිබියදී නිරෝධායනය වෙමින් සිටි බවත් සඳහන්.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන්ට ගුවනින් ක්වීන්ස්ලන්තයට ඒමට අවසර ඇති නමුත් ක්වීන්ස්ලන්ත වැසියන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව හරහා සංචරණය නොකරන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk අනතුරු අඟවයි.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now