COVID 19 update 30 July: නිවැසියන් සමග පවත්නා සම්බන්ධතා සීමා කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය ඉල්ලයි

2021 ජූලි 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People cross an empty street in The Rocks, Sydney, Thursday, July 8, 2021. NSW has recorded 38 new locally acquired COVID-19 cases overnight, the highest daily number of new cases in 14 months. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING

People cross an empty street in The Rocks, Sydney. Source: AAP Image/Bianca De Marchi

Highlights

  • මහජන සෞඛ්‍ය නීති බලාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු යුධ හමුදාව නිව් සවුත් වේල්ස් පොලීසිය සමග එක්වෙයි.
  • වයිරසය ආසාදනය වූ අයුරු සොයාගැනීමට නොහැකිව සිටි ආසදිතයාගේ ප්‍රභවය වික්ටෝරියා ප්‍රාන්ත රජය සොයාගනී.
  • බ්‍රිස්බේන් පාසල් සිසුවෙකුට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම පාසල විෂබීජහරණය කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයට ටස්මේනියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමා විවෘත කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 170 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 42 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

කොරෝනා වයිරසය නිවෙස් සහ සේවා ස්ථාන වල අඛණ්ඩව සම්ප්‍රේෂණය වෙමින් පවතින නිසා නිවැසියන් සමග පවත්නා සම්බන්ධතා සීමා කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලයි.

සති අන්තයේ lockdown විරෝධී විරෝධතාවලට සහභාගී වීමට එරෙහිව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Mick Fuller අනතුරු අඟවා තිබේ.

එම විරෝධතා මැඩපැවැත්වීම සඳහා දහස් ගණනක් පොලිස් නිලධාරීන් යොදවන බව ඔහු පැවසීය.

lockdown කාලය තුළ ප්‍රාන්ත වැසියන් නිවෙස්වල රැදී සිටිනවාද යන්න සහ තමන්ගේ නිවසෙන් බැහැරව සිටින පවුලේ සාමාජිකයින්ව හමුවනවාද යන්න පරීක්ෂා කිරීම සඳහා සඳුදා සිට ආරක්ෂක භටයින් 300 ක් යෙදෙවීමට නියමිතය.

සංශෝධිත කොරෝනා නීති පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙතැනින්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 3 ක් හමුවී තිබේ.

එම සියලු දෙනාම දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවත් ඔවුන් නිරෝධායනය වෙමින් සිටි බවත් සඳහන්.

ප්‍රභවය සොයාගැනීමට නොහැකිවී සිටි ආසාදිතයාගේ වයිරසයේ ජාන අනුක්‍රමණය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය දැනට පවතින කොරෝනා පොකුරටම සම්බන්ධ යයි සොයාගැනීමට හැකිවූ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තයේ බලාත්මක කොරෝනා නීති පිළිබඳ විස්තර මෙතනින් ලබාගත හැකිය.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • කොරෝනා වයිරසය ආසාදනය වූ බ්‍රිස්බේන් පාසල් සිසුවා ජූලි 27 සිට දින 3ක් වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිට ඇති බව ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීහු විශ්වාස කරති.
  • සති දෙකක් වසා දැමීමෙන් පසුව අද සිට වික්ටෝරියා ප්‍රාන්තයට ටස්මේනියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමා යළි විවෘත කළේය.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now