Highlights
- අගෝස්තු අවසානය වන විට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 6 ක් ලබාදීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉලක්ක කරයි.
- ක්වීන්ස්ලන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47 දක්වා ඉහළට.
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 ක්.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අතිරේක COVID උපකාරක ගෙවීම් ලබා දෙයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 199 ක් හමුවී තිබේ.
ඔවුන්ගෙන් අවම වශයෙන් 50 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.
අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර lockdown කර ඇති නගර සභා කලාප අටට සංචරණය නොකරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant ප්‍රාන්ත වැසියන්ට සිහිපත් කරයි.
මේ අතර අගෝස්තු අවසානය වන විට ප්‍රාන්ත වාසීන් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 6 ක් ලබාදීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian හට අවශ්‍ය වී තිබේ.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 3.9 ක් ලබාදී ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 ක් හමුවී තිබෙන අතර එම සියලුම ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවට වාර්තා වේ.
මේ වන විට ක්වීන්ස්ලන්තයේ lockdown කර ඇති නගර සභා කලාප 11 වැසියන්ට නිවසේ රැදී සිටින ලෙසත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Jeannette Young ඉල්ලා සිටියි.
ක්වීන්ස්ලන්ත පොලීසිය මහජන සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 21 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් දඩ පත්‍රිකා 70 ක් නිකුත් කළ බවත් ක්වීන්ස්ලන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Steve Gollschewski පවසයි.
කොරෝනා පරීක්ෂා කරගත හැකි ඔබට ආසන්නම ස්ථානය මෙතනින්.
කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ තවත් තොරතුරු ඔබේ භාෂාවෙන් ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.
පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 ක් හමුවූ ඇති අතර ඒ සියලුම ආසාදිතයින් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවත් වාර්තා වේ. ඔවුන් සියල්ලම වයිරසය අසාදනය වූ කාලය අතරතුර නිරෝධයනයේ සිටි බවත් වාර්තා වේ.
ප්‍රාන්ත මහජන සෞඛ්‍ය නියෝග හේතුවෙන් අවම වශයෙන් පැය 8 ක සේවා පැය ගණනක් අහිමි වූ සේවකයින් තම සාමාන්‍ය ගෙවීමට අමතරව COVID-19 ආපදා ගෙවීමටද සුදුසුකම් ලබයි. මෙම අතිරේක ගෙවීම් සඳහා අද සිට අයදුම් කළ හැකිය.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

