SKIP TO MAIN CONTENT

COVID 19 update 13 August: ඉදිරි සති පහ තුළදී මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්

2021 අගෝස්තු 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Friday, August 13, 2021
Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Friday, August 13, 2021. Source: AAP Image/James Ross

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

  • තරුණ වැඩිහිටියන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා වයිරසයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ අය අතර.
  • වික්ටෝරියා ප්‍රාන්තය සති පහක් තුළදී ප්‍රාන්ත වැසියන් මිලියනයකට එන්නත් ලබා දීමට සැලසුම් කරයි.
  • ACT වලින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි.
  • ACT වලින් ක්වීන්ස්ලන්තය වෙත පැමිණෙන්නන් නිරෝධායනයට.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 390 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 60 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

Dubbo සහ Walgett ප්‍රදේශ වලින් නව ආසාදිතයින් 25 ක් හමුවී ඇති අතර එයින් වැඩි ප්‍රමාණයක් ළමයින් ඇතුළු ස්වදේශික ජනතාව බවට හඳුනාගෙන ඇත.

පසුගිය සති දෙක තුළ කොරෝනා වයිරසයෙන් බලපෑමකට ලක්වූ අය අතර වයස අවුරුදු 20-29 අතර තරුණ තරුණියන් වැඩියෙන් ඇති බව NSW Health හි වෛද්‍ය Maryanne Gale පවසයි.

එනිසාම කොවිඩ් එන්නත ලබගන්නා ලෙස ඇය සියලු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 15 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් සිව් දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු හට AstraZeneca එන්නත දැන් ලබාගත හැකි බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

එමෙන්ම ඉදිරි සති 5 තුළ ප්‍රාන්ත වැසියන් මිලියනයකට කොවිඩ් එන්නත ලබාදීමටද ප්‍රාන්ත රජයට අවශ්‍ය වී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 7 ක් හමුවී තිබේ. අගෝස්තු 14 සිට ACT වලින් ක්වීන්ස්ලන්තය වෙත පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු හෝටල් නිරෝධායනය විය යුතුය.
  • ACT හි මේ වන විට සක්‍රීය කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු සිටින අතර පළමු පෙළ ආශ්‍රිතයින් 3,000 කට අධික පිරිසක් සිටින බව සඳහන්.
  • අනෙක් ප්‍රාන්තවල lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම් නිසා ආර්ථික පීඩාවට පත්වූ ටස්මේනියා ප්‍රාන්තයේ ව්‍යාපාර වලට අගෝස්තු 17 සිට ආර්ථික සහන දීමනාවකට අයදුම් කළ හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now