COVID 19 update 27 July: වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown එක ඉවතට, සති දෙකකට පැනවූ අලුත්ම නීති මෙන්න

2021 ජූලි 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Polisi waonekana nje ya jengo ambalo liko chini ya makatazo yakutoka, katika mtaa wa Devitt Street, katika kitongoji cha Magharibi Sydney cha Blacktown

Polisi waonekana nje ya jengo ambalo liko chini ya makatazo yakutoka, katika mtaa wa Devitt Street, katika kitongoji cha Magharibi Sydney cha Blacktown Source: AAP Image/Mick Tsikas

Highlights

  • බටහිර සිඩ්නි කලාපයේ Walk-in vaccine clinics විවෘත කර තිබේ.
  • වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල lockdown තත්ත්වය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කෙරේ.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ.
  • වයස අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලයින් කොවිඩ් එන්නත් ලබාගැනීමේ අනුපාතය ඉතා අවම මට්ටමක.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 172 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 60 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

Blacktown හි මහල් නිවාස සංකීරණයක පදිංචිකරුවන් 6 දෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම මහල් නිවාස සංකීරණයට පොලිස් රැකවල් දමා ඇත.

බටහිර සිඩ්නි කලාපයේ Merrylands සහ Guilford ප්‍රදේශ වල විවෘත කර ඇති කොවිඩ් එන්නත් ලබාදෙන walk-in clinics හරහා වයස අවුරුදු 40 හෝ ඊට වැඩි සියලු දෙනා හට AstraZeneca එන්නත ලබාදීමට NSW Health කටයුතු කර තිබේ.

හෙට (28/07) සිට ඔසුසැල් වල ඖෂධවේදීන්ගෙන් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට AstraZeneca එන්නත ගත හැකිය.

හැකි ඉක්මණින් ප්‍රාන්තයේ සියලු දෙනා කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian ඉල්ලා සිටියි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 10 ක් හමුවී තිබේ.

එමෙන්ම අද (27/06) මධ්‍යම රාත්‍රියෙන් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්ත්වය ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

නමුත් ඇතැම් කොරෝනා නීති තවත් සති දෙකක් යනතෙක් බලාත්මක කෙරේ.

ඒවා පහත පරිදි වේ.

  • වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට වෙනත් නිවෙස් වලට යාමට අවසර නැත.
  • පොදු ස්ථාන වල උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට රැස්විය හැකි ලෙස සීමා කර ඇත.
  • එමෙන්ම ගෘහස්ථව සහ එළිමහනේ මුව ආවරණ පැළඳීම තව දුරටත් අනිවාර්ය වේ.
  • අවන්හල් සහ ආපනශාලා වැනි hospitality ස්ථාන සිය භූමි ප්‍රමාණයට අනුකූල නීති මත විවෘත කිරීමට අවසර ලැබේ.
  • වර්ග මීටර 4 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය මත නර්තන පන්ති, කායවර්ධන මධ්‍යස්ථාන, සජීවී සංගීත පවත්වන ස්ථාන විවෘත කළ හැකිය.
  • කිලෝ මීටර් 5 සීමාව ඉවත් කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වසා දමා ඇති පාසල් යළි විවෘත කෙරේ.
  • විවාහ උත්සව සහ අවමංගල උත්සව සඳහා අමුත්තන් 50 කට සහභාගී විය හැකිය.
හෙට (27/07) සිට වික්ටෝරියා ප්‍රාන්තයේ බලාත්මක කොරෝනා නීති පිළිබඳ විස්තර මෙතනින් ලබාගත හැකිය.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

Wagga Wagga, Hay, Lockhart සහ Murrumbidgee යන ප්‍රදේශ තවදුරටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමග ක්‍රියාත්මක වික්ටෝරියා හි cross-border bubble හෙවත් ප්‍රාන්ත සීමා බුබුලට ඇතුළත් නොවේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත වලට අනුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගෙන් කොවිඩ් එන්නත ලබාගෙන ඇත්තේ මේ වන තෙක් 15% ක පමණ පිරිසකි.


 

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 27 July: වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown එක ඉවතට, සති දෙකකට පැනවූ අලුත්ම නීති මෙන්න | SBS Sinhala