Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Tamworth නගරය lockdown කිරීමට තීරණය කර ඇති අතර Byron Bay පිළිබඳවද දැඩි අවධානයකින් පසුවෙයි.
- අද මධ්‍යම රාත්‍රියෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල lockdown නීති අවසන් වේ.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රථම drive through කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානය මෙල්බර්න් නුවරදී විවෘත කෙරේ.
- ටස්මේනියාවේ සියලුම කුලී රථ සේවාවන් සඳහා QR කේත check-in ක්‍රමය අනිවාර්ය කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 283 ක් හමුවී තිබේ.
ඔවුන්ගෙන් අවම වශයෙන් 64 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.
ඊට අමතරව එක් කොරෝනා මරණයක් ද වාර්තා වේ.
මේ අතර Tamworth නගරය අද පස්වරු 5 සිට දින 7 කට lockdown කෙරේ.
Newcastle ප්‍රදේශයේ ආසාදිතයෙකු Tamworth නගරයේ සංචරණය කිරීම නිසා වයිරසය ආසාදනය වීමේ සම්භාවිතාවක් සහිත ස්ථාන කිහිපයක් හඳුනාගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
එක් පුද්ගලයෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා Byron Bay ප්‍රදේශයේ ද සිදුකරන කොරෝනා පරීක්ෂණ වැඩි කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ඉල්ලා සිටියාය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බව හෙළිවී ඇත.
මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල lockdown නීති අවසන් වේ.
නමුත් වලංගු හේතුවක් නොමැතිව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල සංචාරය නොකරන ලෙස මෙල්බර්න් වැසියන්ට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අනතුරු අඟවයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රථම drive through කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානය බටහිර මෙල්බර්න් කලාපයේ Melton හි අද විවෘත කෙරිණි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
පසුගිය පැය 24 දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 ක් හමුවී තිබේ. ගිනිකොනදිග ක්වීන්ස්ලන්තය සඳහා පනවා ඇති කොරෝනා නීති පිළිබඳ විස්තර මෙතැනින්.
- Cairns සහ Yarrabah නගර සභා කලාප සඳහා ඊයේ ආරම්භ වූ Lockdown නීති අගෝස්තු 11 බදාදා පස්වරු 4 ට අවසන් කෙරේ.
- අගෝස්තු 13 සිකුරාදා පස්වරු 6 සිට ටස්මේනියා ප්‍රාන්තයේ Uber ඇතුළු සියලුම කුලී රථ සේවාවන් සඳහා QR කේත check-in ක්‍රමය අනිවාර්ය කෙරේ.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

