COVID 19 update 04 August: NSW ප්‍රාන්තයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන විට ක්වීන්ස්ලන්තය පොදු නිවාඩු දිනයක් අවලංගු කරයි

2021 අගෝස්තු 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Premier Gladys Berejiklian arrives to speak to the media during a press conference in Sydney, Wednesday, August 4, 2021. (AAP Image/Joel Carrett) NO ARCHIVING

Source: AAP Image/Joel Carrett

Highlights

  • Newcastle කලාපයේ අපජලය තුළ කොරෝනා වයිරසයේ ඉහළ වයිරස් අනුපාත හඳුනාගෙන ඇත.
  • බ්‍රිස්බේන් නුවර Ekka පොදු නිවාඩු දිනය අවලංගු කෙරේ.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අලුතින් එක් කොරෝනා ආසාදිතයෙක්.
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 233 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 47 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව කොරෝනා මරණ දෙකක් ද වාර්තා වේ.

නිරිතදිග සිඩ්නි කලාපයේ 20 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයෙකු සහ තවත් 80 වන වියෙහි පසුවූ කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබේ.

Newcastle කලාපයේ අපජලය තුළ කොරෝනා වයිරසයේ ඉහළ වයිරස් අනුපාත හඳුනාගෙන ඇති බැවින් එම කලාපයේ ජනතාවට ඉදිරියට පැමිණ කොරෝනා පරීක්ෂණ සිදුකරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය Kerry Chant ඉල්ලා සිටියි.

Birmingham Gardens, Shortland, Maryland, Fletcher, Minmi, Cameron Park, Mayfield, Stockton, සහ Fern Bay උප නගර පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුව ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 17 ක් හමුවී තිබෙන අතර එයින් ආසාදිතයින් 16 ක් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවට වාර්තා වේ.

ඉතිරි ආසදිතයා අගෝස්තු 3 දා පස්වරුවේ Cairns හිදී වාර්තා වුණු අයෙකි.

මේ සති අන්තයේදී ආරම්භ වීමට තිබූ බ්‍රිස්බේන් නුවර Ekka  පොදු නිවාඩු දිනය මේ වන විට අවලංගු කර ඇති අතර එය මේ වසර අවසානයට කල් දමා තිබේ.

ප්‍රජාව තුළ කාලය ගත කිරීම වෙනුවට online සාප්පු සවාරි යාම හෝ භාණ්ඩ මිලදී ගැනීම් ප්‍රමාද කිරීම ගැන සලකා බලන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි Jeannette Young ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ තවත් තොරතුරු ඔබේ භාෂාවෙන් ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අලුතින් එක් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති අතර නිරෝධායනය වෙමින් සිටි ඔහු 20 වන වියෙහි පසුවන අයෙකි.
  • සති තුනක කාලයකින් පසුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now