SKIP TO MAIN CONTENT

ජූලි 08 මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා නීති තවත් ලිහිල් වන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

ජූලි 08 මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ නිවසින් බැහැරව යන විට මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුත්තේ පොදු ප්‍රවාහන සේවා වලදී, සුපිරි වෙළෙඳ සැල්, සාප්පු සංකීර්ණ වැනි පොදු ගෘහස්ත ස්ථාන වලදී පමණි.

A person is seen wearing a face mask in Melbourne, Friday, June 4, 2021. Victoria has recorded four new locally acquired cases of coronavirus in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING
A person is seen wearing a face mask in Melbourne Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS



Skip to article content

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ජූලි 08 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තවත් ලිහිල් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (07/07) නිවේදනය කළේය.

ඒ අනුව ජූලි 09 වන දින සිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයේම එකම මට්ටමක කොරෝනා නීති බලාත්මක වනු ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ලිහිල් වන කොරෝනා නීති

  • නිවසින් බැහැරව යන විට මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුත්තේ පොදු ප්‍රවාහන සේවා වලදී, සුපිරි වෙළෙඳ සැල්, සාප්පු සංකීර්ණ වැනි පොදු ගෘහස්ත ස්ථාන වලදී පමණි.
  • කාර්යාල තුළදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.
  • දිනකදී නිවසකට පැමිණීමට අවසර ඇති අමුත්තන් සංඛ්‍යාව උපරිම 15 කි (මාස 12 ට අඩු ළදරුවන්ව මෙයට ඇතුළත් නොවේ.)
  • පොදු ස්ථාන වල උපරිම වශයෙන් රැස්විය හැකි පුද්ගල ප්‍රමාණය 50 කි.
  • විවෘත ක්‍රීඩාංගනවල පුද්ගලයින් 40,000 ක් දක්වා උපරිම ප්‍රේක්ෂක ධාරිතාවෙන් 75% ක් තෙක් සහභාගී කරවාගත හැකිය.
  • ගෘහස්ථ ක්‍රීඩාංගනවල පුද්ගලයින් 7,500 ක් දක්වා උපරිම ප්‍රේක්ෂක ධාරිතාවෙන් 75% ක් තෙක් සහභාගී කරවාගත හැකිය.
  • කලාගාර සහ සිනමා ශාලාවල පුද්ගලයින් 2,000 ක් දක්වා උපරිම ප්‍රේක්ෂක ධාරිතාවෙන් 75% ක් තෙක් සහභාගී කරවාගත හැකිය.
  • එමෙන්ම band room වැනි අසුන් නොගෙන ක්‍රියාත්මක වන විනෝදාස්වාද සපයන ස්ථානවල පුද්ගලයින් 300 ක් දක්වා උපරිම ලෙස සහභගී කරවාගත හැකි නමුත් වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතියට යටත් වේ.
  • hospitality ස්ථානවල, ආගමික උත්සවවල, ප්‍රජා ක්‍රීඩා, පිහිණුම් තටාක, ප්‍රජා මධ්‍යස්ථාන, විනෝද උද්‍යාන, සිල්ලර වෙළෙඳසල්, නිවාස වෙන්දේසි සහ රූපලාවන්‍යාගාර වැනි ස්ථානවල ද වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතියට යටත් වේ.
  • මුළු සේවකයින්ගෙන් 75% ක ප්‍රමාණයක් කාර්යාලවලට ගෙන්වා ගත හැකිය.
  • සේවා ස්ථානයේ මුළු සේවක සංඛ්‍යාව 40 ක් හෝ ඊට අඩු නම් වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය යටතේ උපරිම සේවකයින් 30 ක් දක්වා ගෙන්වා ගත හැකිය.
  • වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය යටතේ රාත්‍රී සමාජ ශාලා විවෘත කළ හැකි නමුත් නර්තනය සඳහා සහභාගී විය හැක්කේ එක් වෙලාවක උපරිම පුද්ගලයින් 50 කට පමණි.
  • විවාහ උත්සව සඳහා වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය යටතේ උපරිම 300 කට සහභාගී විය හැකිය.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now