Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2020 විස්සයි විස්ස ලෝක කුසලානයේදී MCG එකට වෙන්න යන දේ.

ICC World T20 2020

MCG Source: AAP

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිරිමි සහ කාන්තා තරගාවලි ද්විත්වයටම සම අවස්ථා දීමට Cricket Australia ආයතනය තීරණය කර තිබේ.

2020 වසරේදී පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන කාන්තා හා පිරිමි ක්‍රිකට් තරගාවලි ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

ICC World T20 2020
ICC World T20 Media Opportunity Source: Getty Images

ඒ අනුව 2020 වසරේ පෙබරවාරි සහ මාර්තු මාස වලදී කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද 2020 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී පිරිමි 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද ඔස්ට්‍රේලියාවේ දී  පැවැත්වේ.

ICC World T20
during the ICC World T20 media opportunity at on January 30, 2018 in Melbourne, Australia. Source: Getty Images

මෙම තරගාවලි ද්විත්වයේම අවසන් මහා තරග ලොව ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (MCG) පැවැත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

කාන්තා තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකම සිඩ්නි  ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (SCG) පැවැත්වෙන අතර පිරිමි තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයක් සිඩ්නි  ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී  ද (SCG) අනෙක ඇඩිලේඩ් Oval ක්‍රීඩාංගනයේදී  ද පැවැත්වෙන බව වාර්තා වේ.

2020 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක්ද  පිරිමි 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක්ද සහභාගී වෙයි.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now