20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිරිමි සහ කාන්තා තරගාවලි ද්විත්වයටම සම අවස්ථා දීමට Cricket Australia ආයතනය තීරණය කර තිබේ.
2020 වසරේදී පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන කාන්තා හා පිරිමි ක්‍රිකට් තරගාවලි ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2020 වසරේ පෙබරවාරි සහ මාර්තු මාස වලදී කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද 2020 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී පිරිමි 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වේ.
මෙම තරගාවලි ද්විත්වයේම අවසන් මහා තරග ලොව ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (MCG) පැවැත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

ICC World T20 Media Opportunity Source: Getty Images

during the ICC World T20 media opportunity at on January 30, 2018 in Melbourne, Australia. Source: Getty Images
කාන්තා තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකම සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (SCG) පැවැත්වෙන අතර පිරිමි තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයක් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ද (SCG) අනෙක ඇඩිලේඩ් Oval ක්‍රීඩාංගනයේදී ද පැවැත්වෙන බව වාර්තා වේ.
2020 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක්ද පිරිමි 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක්ද සහභාගී වෙයි.
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Share

