ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබට ඔබේ සංස්කෘතිය ගැන දන්නා ඔබේ භාෂාව කතා කරන මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු මේ වෙබ් අඩවියෙන් සොයාගන්න පුළුවන්

මානසික සෞඛ්‍ය සහය ලබා ගන්නා ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ භාෂාව කථා කරන හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ විශ්වාස (ඇදහිලි) බෙදාහදා ගන්නා මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු සොයා ගැනීමට HeartChat.com.au නමැති වෙබ් අඩවිය උපකාර කරයි.

Some of the professionals listed on HeartChat.

Some of the professionals listed on HeartChat. Source: HeartChat.com.au

Semonti ප්‍රථම වරට පාසැල් උපදේශකවරියකගෙන් ඇගේ මානසික සෞඛ්‍යය සඳහා උපකාර පතන විට ඇය යෞවන වියේ පසුවූවාය.

මෙල්බර්න් නුවර පදිංචි ඇය දැන් 20 වන වියෙහි පසු වෙයි.

අයගේ අධ්‍යාපනය හා අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ගේ පීඩනය සමඟ ඇය එකල පොරබදමින් සිටි බව පැවසුවාය.

"මට තනිකමක් දැනුණු අතර ඔස්ට්‍රේලියානු සංස්කෘතිය සහ බංග්ලාදේශ හින්දු සංස්කෘතිය අතර සංස්කෘතික ගැටුම් වල සැරිසැරීමට මට අපහසු වුණා." යනුවෙන් ඇය SBS පුවත් සේවයට පැවසුවාය.

නමුත් පසුව ඇයට වෙනස් සංස්කෘතික පසුබිමක් ඇති මනෝ විද්‍යාඥයෙකු හමු වූ විට, ඇය සහ ඇයගේ තත්ත්වය ඔවුන්ට නොතේරෙන බව ඇයට පෙනී ගියාය.

"ඇතැම්විට ඒ අපේ සංස්කෘතික බාධක නිසා වෙන්න ඇති” කියා ඇය පැවසුවාය.

"දකුණු ආසියානු සම්භවයක් ඇති හින්දු භක්තිකයෙකු වගේ කෙනෙකු මගේ අභියෝග නිරාකරණය කර ගැනීමට මට උදව් කිරීමට හැකිවූවා නම් හොඳයි." යනුවෙන් ද Semonti පැවසුවාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


එවැනි ආකාරයේ මානසික අභියෝග සඳහා තම භාෂාව කතා කරන සහ තම සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ඇති මානසික සෞඛ්‍ය සේවා උපදේශයකයින් සොයා දෙන online සේවාවක් පසුගිය ඔක්තෝබර් 03 වන දින දියත් කෙරිණි.

මානසික සෞඛ්‍ය සහය ලබා ගන්නා ඔස්ට්‍රේලියානුවාසීන්ට ඔවුන්ගේ භාෂාව කථා කරන හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ විශ්වාස (ඇදහිලි) බෙදාහදා ගන්නා මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සොයා ගැනීමට HeartChat.com.au නමැති වෙබ් අඩවිය ඒ අනුව උපකාර කරයි.

විවිධ භාෂාවන් කතා කළ හැකි හෝ විවධ පුද්ගලයින් ගේ සංස්කෘතිය හෝ විශවාස බෙදාහදා ගත හැකි මානසික සෞඛ්‍ය උපදේශකයින්ගේ සහ මනෝ විද්‍යාඥයින්ගේ online නාමාවලියක් සපයන මෙම ව්‍යාපෘතිය one-stop-shop සංකල්පය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

එම වෙබ් අඩවිය හරහා අදාළ මානසික සෞඛ්‍ය උපදේශකයින්ගෙන් සහ මනෝ විද්‍යාඥයින්ගෙන් appointment එකක් සඳහා ලැබෙන කාලය සහ ඔවුන් ගේ ගාස්තු මෙන්ම telehealth හමුවීමක් වෙන්කරවා ගැනීමේ විකල්පයක් ද ඇත.

මෙය සායනික ස්නායු මනෝ විද්‍යාඥ වෛද්‍ය Judy Tang ගේ සංකල්පයකි.

ඇය මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයා ඇති වික්ටෝරියානු බහු සංස්කෘතික කොමිෂන් සභාවේ කොමසාරිස්වරියකි.

මෙම ව්‍යාපෘතිය ආසියානු පසුබිමකින් පැමිණි අයෙකු ලෙස ඇය සිය ක්ෂේත්‍රයේ වැඩ කළ අත්දැකීම්වල ප්‍රතිඵලයකි.

“මගේ භාෂාව කථා කිරීමට හෝ මගේ සංස්කෘතිය දැන ගැනීමට හෝ හැකි ඔබ වැනි අයෙකු සොයා ගැනීම මට ඉතා අපහසුයි. ඔබ සමග මෙම කාලය වෙන් කර ගැනීම සඳහා මට බොහෝ කාලයක් ගත වුණා" යනුවෙන් සේවාදායකයින් බොහෝ පිරිසක් මා වෙත පැමිණ පැවසුවා.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ මානසික සෞඛ්‍ය සහය ලබා ගැනීම සඳහා අපගේ ප්‍රජාවන්ට ඉතා පහසු ප්‍රවේශයක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බව වෛද්‍ය Judy Tang පැවසුවාය.
HeartChat
هارت‌چت حاوی معلوماتی چون زبان و باورهای مذهبی متخصصان نیز می‌باشد. Source: HeartChat.com.au

සංස්කෘතිකමය වශයෙන් සුදුසු වූ මානසික සහාය

ඇතැම් විට ඔබට ආගමික සම්මතයන්, සංස්කෘතික කාරණා, දේශපාලන හෝ ලිංගික රුචිකත්වය පැහැදිලි කිරීමට අවශ්‍ය නැති කෙනෙකු සමඟ කතා කිරීම වැදගත් විය හැකි සේම ජීවිතය බේරාගැනීමට පවා උදව් වේ.

ආසියානු පසුබිමක සිටින සේවාදායකයෙකුට ඔවුන්ගේ ජීවිතයේ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට දිරිගැන්වීමේදී “එය ඔබ වෙනුවෙන් කරන්න” යැයි පැවසූ මනෝ විද්‍යාඥයෙකුගේ කතාවක් වෛද්‍ය Tang පැවසුවාය.

“හොඳයි, ඇත්ත වශයෙන්ම, මම ආසියානු පසුබිමක සිට, මගේ පවුල වෙනුවෙන් එය කරන්නැයි ඔහු මට කීවා නම් එය වඩාත් ඵලදායී වනු ඇත” යනුවෙන් වෛද්‍ය Tang පැවසුවාය.

සංස්කෘතික අවබෝධයක් නොමැති මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට කළ හැකි වඩාත් නූගත් යෝජනා ද ඇය ඉස්මතු කළාය.

කැලයෙන් එළියට ගොස් ඔබේ ජනතාව සමඟ සිටින ලෙස එක් මානසික සෞඛ්‍ය සේවා උපදේශකයෙකු ස්වදේශික පසුබිමකින් පැමිණෙන පුද්ගලයෙකු හට පවසා ඇති බව වෛද්‍ය Tang පැවසුවාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


එවැනි ආකාරයේ යෝජනා සහ විසඳුම් කිසි ලෙසකින් හෝ නොගැලපෙන බව ඇය පෙන්වා දුන්නාය.

සංස්කෘතින් හෝ ඇදහිලි සම්බන්ධයෙන් ඇතැම් විට මානසික සෞඛ්‍ය වෘත්තිකයින්ට වැරදි උපකල්පන තිබීම අවාසනාවක් බවද වෛද්‍ය Tang පැවසුවාය.

බොහෝ විට සංස්කෘතික හා භාෂා බාධක නිසා මිනිසුන් හට මානසික සෞඛ්‍ය උපකාර පැතීමට බාධක නිර්මාණය වන බව ද ඇය පැහැදිලි කළාය.

"සමහර අවස්ථාවලදී, ඔවුන් අදාළ කාරණාව වැරදියට වටහා ගත් විට පුද්ගලයෙකුට මානසික සෞඛ්‍ය සේවාවලට දිගටම පිවිසීමට ඇති උනන්දුව හා පෙළඹවීම නැති වෙනවා. එයයි අපට නැවැත්වීමට අවශ්‍ය වී ඇත්තේ. එවැනි ආකාරයේ ඍණාත්මක අත්දැකීමක් අපගේ බහු සංස්කෘතික ප්‍රජාවන්ට ලබා දීමට අපට අවශ්‍ය නැහැ" යනුවෙන් වෛද්‍ය Tang වැඩි දුරටත් පැහැදිලි කළාය.
Some of the professionals listed on HeartChat.
Some of the professionals listed on HeartChat. Source: HeartChat.com.au

ඔවුන් කොහේ සිට පැමිණියා දැයි මම දනිමි

සංස්කෘතිකමය වශයෙන් විවිධ වූ ඔස්ට්‍රේලියානුවන් දිගු කලක් තිස්සේ මානසික සෞඛ්‍ය උපකාරක සේවාවන් ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත.

භාෂාව හෝ සංස්කෘතික බාධක, මානසික රෝග පිළිබඳ ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ඇති අපකීර්තිය හෝ රැකවරණය කරා යන ගමන ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න නොදැන සිටීම ඊට හේතු වී තිබේ.

කොරෝනා වසංගතය අතරතුර, මානසික සෞඛ්‍ය උපකාරක සේවා සඳහා වන ඇමතුම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර මානසික සෞඛ්‍ය සේවා සපයන වෘත්තිකයෙකු හමුවීම සඳහා බලා සිටීමේ කාලය වැඩි වී ඇත.

"කොරෝනා වසංගතය සෑම දෙනාටම අනිසි ලෙස බලපා තිබෙනවා. විශේෂයෙන්ම අපගේ බහු සංස්කෘතික ප්‍රජාවන්ට. බොහෝ සංස්කෘතීන් සඳහා ඔවුන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක් වන තමන්ගේ පවුලේ උදවිය බැලීමට යාමට මේ නිසා අපහසු වීම බරපතල කරුණක්" යනුවෙන් වෛද්‍ය Tang පැවසුවාය.

සිඩ්නි නුවර මනෝ විද්‍යාඥවරියක් වන සර්බියානු පසුබිමකින් පැමිණෙන Jelena Zeleskov Doric HeartChat සමග එක්ව මානසික සෞඛ්‍ය සේවා සැපයීමට ගිවිසගත් අයෙකි.

වෛද්‍ය Doric හට බෝල්කන් භාෂා පහක් මෙන්ම බල්ගේරියානු භාෂාවද කතා කළ හැකිය.

තම භාෂාවෙන් කථා කළ හැකි මනෝ වෛද්‍යවරයෙකු අවශ්‍ය සේවාදායකයින්ගෙන් ඇයට බොහෝ විට ඇමතුම් ලැබේ.

ඔවුන්ගෙන් සමහරක් ඉංග්‍රීසි නොදන්නා අතර ඔවුන් ට තම අදහස් ද ප්‍රකාශ කළ නොහැකි බව වෛද්‍ය Doric පැවසුවාය.

විශේෂයෙන් මනෝවිද්යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන කල ඔබේ සිතිවිලි සහ සම්බන්ධතා, හැඟීම් ගැන කතා කිරීමට ඔබට අවශ්‍ය වූ විට සමහර විට එය ඇත්තෙන්ම දුෂ්කර බව ඇය පෙන්වා දුන්නාය.
Dr Jelena Doric
یکی از روان‌شناسانی که نامش را درج هارت‌چت کرده، جِلِنا زلسکوف دوریک است. Source: Supplied
සංස්කෘතික කාරණා හෝ සිරිත් විරිත් පැහැදිලි කිරීමකින් තොරව හෝ ඔවුන්ගේ වෙනස්කම් පිළිබඳව විනිශ්චය කිරීමකින් තොරව තම සේවාදායකයින් සමඟ සම්බන්ධ වීමට ඇයට හැකි බව වෛද්‍ය Doric පැවසුවාය.

ඔවුන් පැමිණියේ කොහේ සිටදැයි මා දන්නා බැවින් ඔවුන්ව අවබෝධ කරගැනීම තමන්ට ඉතා පහසු බව ඇය පැහැදිලි කළාය.

"ඔබට විවිධ සංස්කෘතීන් ගැන කියවිය හැකි නමුත් ඔබ කිසියම් සංස්කෘතියකින් නොපැමිණෙන්නේ නම්, එම පුද්ගලයින් අත්විඳින දේ ඔබට කිසි විටෙකත් වැටහෙන්නේ නැත." යනුවෙන්ද ඇය ප්‍රකාශ කළාය.

සංක්‍රමණික පසුබිමකින් පැමිණෙන මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙකු සමඟ කතා කිරීම තමන්ට උපකාර වන බව පවසන ආසියානු පසුබිමකින් පැමිණෙන සේවාදායකයින්ට ද වෛද්‍ය Doric උපකාර කරයි.

"ඔවුන් මා වෙත පැමිණෙන්නේ ඔවුන්ට සංස්කෘතික අනන්‍යතා ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසාත්, මම විවිධ සංස්කෘතීන්ගෙන් පැමිණි නිසාත් ය. මම මෙහි ජීවත් වන අතර හැදී වැඩුණේ එහි ය. ඉතින්, එම විවිධත්වය මා ළඟ තිබෙනවා" යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

මානසික සෞඛ්‍ය සේවා සපයන වෘත්තිකයින් ගේ සම්පූර්ණ නාමාවලිය සොයා ගැනීමට හෝ මානසික සෞඛ්‍ය සේවා සපයන වෘත්තිකයෙකු ලෙස ලියා පදිංචි වීම සඳහා HeartChat.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම SBS ගුවන්විදුලි වෙබ් අඩවිය ඔස්සේ විවිධ භාෂා හරහා ඔස්ට්‍රේලියාවෙන් ලබා ගත හැකි මානසික සෞඛ්‍ය ආධාරක සේවාවන් රාශියක් ලැයිස්තුගත කර ඇත.

මානසික සෞඛ්‍ය ගැටළු සඳහා සහය අපේක්ෂා කරන පුද්ගලයින් 13 11 14 අංකයෙන් Lifeline අමතන්න, 1300 659 467 අංකයෙන් Suicide Call Back සේවාව අමතන්න, 1800 55 1800 අංකයෙන් Kids Helpline අමතන්න (වයස අවුරුදු 5 ත් 25 ත් අතර) වැඩි විස්තර BeyondBlue.org.au සහ lifeline.org.au යන වෙබ් අඩවි වලින්.

විවිධ සංස්කෘතික හා භාෂා පසුබිමකින් පැමිණෙන පුද්ගලයින් ගේ මානසික සෞඛ්‍ය ගැටළු සඳහා Embrace Multicultural Mental Health ද සහය සපයයි.
how to where a mask
Source: SBS Sinhala



Share

Published

Updated

By Rashida Yosufzai, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service