බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවය පැවැත්වෙන අතරතුර , මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ LTTE කොටි සංවිධානයේ ආධාර කරුවන් පිරිසක් විරෝධතාවක නිරත විය.
"අවර් නේෂන් තමිල් ඊළාම් -අවර් ලීඩර් ප්‍රභාකරන්" ආදී ලෙස එම ස්ථානයට පැමිණි කොටි හිතවාදීන් කෑගසමින් උද්ඝෝෂණයේ නිරත වන විට එම අවස්ථාවේ ඒ දෙස බලා සිටි පිරිස අතර මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද වෙයි.
එහිදී ඔහු විරෝධතා කරුවන්ට “‘ගෙල සිඳ දමන’ ආකාරය අතින් නිරූපණය කිරීම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
මේ සිද්ධියත සමග බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගේ සේවය අත්හිටුවන්නැයි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි මන්දිකා විජේවර්ධන මහත්මියට දැනුම් දී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රතාතන්‍යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වු පසු යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.
බි‍්‍රතාන්‍ය ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ ප‍්‍රථිපලය අනුව යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි‍්‍රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා කීය.
කෙසේවෙතත්, මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් මෙසේ එක් සිදුවීමක් පමණක් සමාජ ජාලා වෙඩි අඩෙවි මගින් ප‍්‍රචාරය වී ඇති බව ත් උසස් හමුදා නිලධාරියකු පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මෙම බි‍්‍රගේඩියර්වරයා මුලින්ම කොටි හිතවාදී උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු ලැබුණ බව ත් එම උසස් නිලධාරියා සඳහන් කළ බව ලංකාදීප පුවත්පත වැඩි දුර වාර්තා කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

