ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර වලට එරෙහිව මෙල්බර්න් නුවර සාමකාමී විරෝධතාවක්. (වීඩියෝ සහිතයි)

Peaceful protest at Melbourne against Terror Attacks happened in Sri Lanka.

Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වලින් මිය ගිය හා තුවාල ලැබූ පිරිස් වෙත කණගාටුව පළ කරමින් ත්‍රස්තවාදයට සහ වර්ගවාදයට එරෙහිව සාමකාමී විරෝධතාවක් මෙල්බර්න් නුවර Federation Square හිදී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

මෙල්බර්න් නුවර වෙසෙන ජාත්‍යන්තර සිසුන් සහ ශ්‍රී ලාංකේය සංක්‍රමණික ප්‍රජාව මෙම විරෝධතාවට සහභාගී වූ අතර ඉතා කෙටි දැනුම් දීමකින් ඔවුන් මෙසේ සංවිධානය වූ බව එහි කැඳවුම්කරු රවී හර්ෂණ SBS සිංහල සේවයට පැවසුවේය.

එමෙන්ම එහිදී අදහස් දැක්වූ රයන් ප්‍රනාන්දු පවසා සිටියේ යුද්ධයෙන් 30 වසරක් පුරා පීඩා විඳි ශ්‍රී ලාංකිකයින් දස වසරකට පසුව මෙසේ නැවතත් ත්‍රස්ත ක්‍රියා වලින් පීඩා විඳීම බරපතල ඛේදවාචකයක් බවය.

ත්‍රස්තවාදයට සහ වර්ගවාදයට එරෙහිව මෙල්බර්න් නුවර Federation Square හිදී පැවති සාමකාමී විරෝධතාව SBS සිංහල සේවයේ කැමරා කාචයට හසුවූයේ පහත අයුරිනි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now