බෝම්බ බිය ඇතිකොට මැලේසියානු ගුවන් යානය ආපසු හැරවූ ලාංකිකයාට මෙල්බන් උසාවියෙන් වසර 12 ක සිර දඬුවම්.

Man gets 12 years' jail over bomb threat on Melbourne flight

Source: AAP

පසුගිය වසරේ මැයි 31 වන දින මෙල්බර්න් නුවර tullamarine ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මැලේසියාවේ Kula Lampur බලා ගමන් ඇරඹු MH 128 ගුවන් යානය තුලදී බෝම්බයක් පුපුරවා හරින බවට තර්ජනය කරමින් ගුවන් නියමු කුටියට ඇතුල් වීමට උත්සාහ දරා පොලිස් අත්අඩංගුවට පත් Manodh Marks නැමති ශ්‍රී ලාංකිකයා හට අදාළ වරද හේතුවෙන් වසර 12ක සිර දඬුවමක් අද (07/05) නියම විය.

2017 වසරේ මැයි 31 වන දින මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය බලා පිටත්වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 128 නැමති ගුවන් යානයේ ගමන් කළ Manodh Marks නැමති ශ්‍රී ලාංකිකයා තමන් සතුව පුපුරණ ද්‍රව්‍ය තිබෙන බවට බිය ගන්වමින් තමාට ගුවන් නියමු කුටියට ඇතුල් වීමට අවශ්‍ය පවසමින් කලබල කිරීමත් සමග ගුවන් යානය තුළ උණුසුම් සහගත තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ සමග ක්‍රියාත්මක වූ ගුවන් යානා කාර්ය මණ්ඩලය සහ මගීන් කිහිප දෙනෙකු ඔහුව ග්‍රහණයට නතු කරගනිමින් දමනය කරගැනීමට සමත් විය.
Man gets 12 years' jail over bomb threat on Melbourne flight
Source: SBS
ඒ අතර වාරයේ ගුවන් යානයේ නියමුවා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගුවන් යානය නැවතත් මෙල්බන් ගුවන් තොටුපොල වෙත ගොඩ බැස්සවීය.

කෙසේවෙතත්, යානය මෙල්බන් ගුවන් තොටුපොල වෙත ගොඩබැස්ස වීමත් සමග වික්ටෝරියානු පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.

26 වන වියෙහි පසුවන මෙම පුද්ගලයා මෙම කලබලය සිදු කිරීමට  පෙර Ice නැමති මත්ද්‍රව්‍ය රැගෙන තිබු බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

කෙසේවෙතත්, මෙම පුද්ගලයා සතුව පුපුරණ ද්‍රව්‍ය නොතිබුණු බවත් ඔහු පොලීසිය විසින් සොයන පුද්ගලයෙකු බවත් වික්ටෝරියානු පොලීසිය විසින් පවසා තිබුණි.



--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
බෝම්බ බිය ඇතිකොට මැලේසියානු ගුවන් යානය ආපසු හැරවූ ලාංකිකයාට මෙල්බන් උසාවියෙන් වසර 12 ක සිර දඬුවම්. | SBS Sinhala