SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්වය දීර්ඝ කිරීමට Daniel Andrews තීරණය කරයි

Delta කොරෝනා වෛරස ප්‍රබේදය දැඩි අභියෝගයක් වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මුහුණ දී ඇති තත්වයට සිය ප්‍රන්තයද මුහුණ දෙනු දක්නට අකමැති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා පවසයි.

20210716001557641478-original.jpg

2 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: AAP, SBS



Skip to article content

අද පැවති මාධ්‍ය හමුවකදී වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කොට තිබේ.

මේ දක්වා පැවති lockdown තත්වය හෙට (20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව පැවතියද එය මේ වනවිට කල යුත්තක් නොවන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.

කෙසේ නමුත් මෙම lockdown තත්වය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන් වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කොට නොමැත.

ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මේ වනවිට පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා වික්ටෝරියා ප්‍රාන්තය සාර්ථකව මුහුණ දෙන නමුත් මෙය අඛණ්ඩ අභියෝගයක් වන බවයි. එමෙන්ම මෙම lockdown කිරීම මගින් ප්‍රාන්තයෙන් ඉහල ආසාදිතයින් පිරිසක් වාර්තා වීම මගහැරීමද සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් මෙම ආසාදිතයින් හමු බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙමගින් Mildura ප්‍රදේශයෙන් වාර්තා වූ එක් ආසාදිතයකු පිලිබඳ ඊයේ දිනයේදී ප්‍රකශයට පත්කල අතර සියලුම ආසාදිතයින් හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 කි.

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඊයේ දිනයේදී (18/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 54,839 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 14,758 ක් ලබා දී තිබේ.

එමෙන්ම මේ වනවිට ප්‍රාන්තය තුල හඳුනාගෙන ඇති කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සංක්‍යාව 250 ඉක්මවා තිබේ.

කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුව සහ සීමාවන් දැනගැනීමට පිවිසෙන්න 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now