Dating app operators හෙවත් Dating app ක්‍රියාකරුවන් තම apps වල ආරක්ෂක පියවර සහ සංශෝධනය විය යුතු නීති ප්‍රතිසංස්කරණ සඳහා අදාළ ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හමුවනු ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය Michelle Rowland නව වසරේදී අදාළ නියෝජිතයින් හමුවනු ඇත.
Dating app ක්‍රියාකරුවන් සහ මධ්‍යම රජය අතර සාකච්ඡා
Online safety හෙවත් අන්තර්ජාලය භාවිත කරන අතරේ එහි පරිශීලකයින්ට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රජාවේ අවධානය මේ වකවානුවේදී දැඩි ලෙස වර්ධනය වී තිබෙන බව සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය Michelle Rowland පැවසුවාය.
"Dating apps භාවිතා කරන අය ඇතුළුව සෑම ඔස්ට්‍රේලියානුවෙක්ම හිරිහැරවලින් සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් වීමට හිමිකම් කියනවා," යනුවෙන් ඇය පැවසුවාය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් පසු ලිංගික ප්‍රචණ්ඩත්වය, ලුහුබැඳීම, පහරදීම් සහ අනවශ්‍ය ලෙස online dating සේවාවල නොමනා ඡායාරුප බෙදාගැනීම් පිළිබඳව හෙළිදරව් වීමෙන් පසුව අමාත්‍ය Michelle Rowland ප්‍රථම වරට අදාළ නියෝජිතයන් පසුගිය නොවැම්බර් මාසයේදී හමු වූවාය.
සමීක්ෂණ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් තුනක්ම පසුගිය වසර පහ තුළ කිසියම් ආකාරයක online ලිංගික හිංසනයකට ගොදුරු වී ඇති බව අනාවරණය විය.
එමෙන්ම තුනෙන් එකක් ඔවුන් Dating app එකක් හරහා මුණගැසුණු කෙනෙකුගෙන් පුද්ගල අපයෝජනයන් අත්විඳ ඇති අතර, ඔවුන්ගෙන් 27% ක් මත්පැන් පානය කිරීම වැනි බලහත්කාර සිදුවීම් වාර්තා කර තිබේ.
ආසන්නතම සිදුවීම්
ගෘහස්ථ හිංසනය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති බවට පොලිසිය චෝදනා කරන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුරුෂයෙකුට අන්තර්ජාලය හරහා මුණගැසුණු කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම මාසයේදී චෝදනා එල්ල විය.
ප්‍රචණ්ඩකාරී පසුබිමක් ඇති පුද්ගලයින් dating apps වල ලියාපදිංචි වීම නැවැත්වීම පිණිස නීති ප්‍රතිසංස්කරණ සඳහා මෙම සිදුවීම බලපා ඇත.
පොලීසියේ, ගෘහස්ථ හිංසනය පිළිබඳ විශේෂඥයින්ගේ සහ වින්දිතයන්ගෙන් දිවි ගලවා ගත් අයගේ දැනුම භාවිතා කරමින් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා dating apps වල සහ online dating සේවාවන් සමඟ කටයුතු කිරීමට රජය සූදානම් වේ.
Dating apps සහ Dating වෙබ් අඩවිවලට පහසුවෙන් පැමිණිලි කිරීමේ ක්‍රියාවලීන්, අපයෝජන වින්දිතයින් සඳහා සහය සහ අපරාධකරුවන්ට වගවීමේ ප්‍රතිපත්ති තිබීම මගින් පරිශීලකයින් ආරක්ෂිතව තබා ගැනීමට වැඩි යමක් කිරීම කෙරෙහි මේ වන විට දැඩි පීඩනයක් යොමු කෙරෙමින් ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම නිසාද ඔස්ට්‍රේලියාවේ Dating apps පිළිබඳ පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක කතා බහක් ඇතිවුණි.