අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා සහ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභයා වූ පිලිප් කුමරුගේ පළමු මෝටර් රථය තවමත් ශ්‍රී ලංකාවේ තිබෙන බව වාර්තා වේ.
අප්‍රේල් 17 වන දින අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සය එංගලන්තයේ Windsor බලකොටුවේදී සිදු කෙරිණි.
ඔහුගේ අභාවයත් සමග මෙම මෝටර් රථය පිළිබඳ කතා බහ සහ එහි මතකයන් යළි මතුවන්නට විය.
Highlights
- මෙම මෝටර් රථය 1935 වර්ෂයේ නිෂ්පාදිත Standard Nine වර්ගයේ රථයකි.
- මෙම මෝටර් රථය පිලිප් කුමරු විසින් ධාවනයට ගනු ලැබුවේ 1940 වසරේදී බව සඳහන්.
- පිලිප් කුමරු කුලී ක්‍රමයක් මත මෙම දොරවල් දෙකේ ස්ටෑන්ඩර්ඩ් නයින් මෝටර් රථය එවකට රුපියල් 450 කට (එවකට ඩොලර් 7.50) මිල දී ගෙන ඇත.
පිලිප් කුමරුගේ පළමු මෝටර් රථය
පිලිප් කුමරුගේ පළමු මෝටර් රථය ලෙස සැලකෙන මෝටර් රථය තවමත් ශ්‍රී ලංකාවේ පවතින බව AFP පුවත් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී සහ SBS සිංහල ගුවන් විදුලියේ ශ්‍රී ලංකාවේ වාර්තාකරු මාධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.
එය 1935 වර්ෂයේ නිෂ්පාදිත Standard Nine වර්ගයේ මෝටර් රථයකි.
රාජකීය නාවුක හමුදාවේ සාමාන්‍ය ශ්‍රේණියේ සිට ශ්‍රී ලංකාව තුළ රාජකාරී කරන විටදී පිලිප් කුමරු මෙය මිලටගෙන ඇති බව වාර්තා වේ.
එවකට මෙම මෝටර් රථයට අලුතින් කළු පැහැති තීන්ත ගල්වා ඇතුළත පිහිටි අප්හොස්ටරයට රතු පැහැති වෙල්වට් අල්වා තිබුණි.
මෙම මෝටර් රථය පිලිප් කුමරු විසින් ධාවනයට ගනු ලැබුවේ 1940 වසරේදී බව ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙහි වත්මන් හිමිකරු වන සංජීව් ගාඩිනර් වාහනයේ පෙනුම ඔප නැංවීම සඳහා එවකට රුපියල් 50,000 ක් (ඩොලර් 833 ක්) වියදම් කළේය.
1950 දශකයේ මුල් භාගයේ දී ඔහුගේ පියා වන සිරිල් ගාඩිනර් මෙය මිලට ගැනීමට ගෙවූ මුදලටත් වඩා එය 50 ගුණයකින් වැඩිය.

පිලිප් කුමරු කුලී ක්‍රමයක් මත මෙම දොරවල් දෙකේ ස්ටෑන්ඩර්ඩ් නයින් මෝටර් රථය එවකට රුපියල් 450 කට (එවකට ඩොලර් 7.50) මිල දී ගෙන ඇත.
cod liver තෙල් බෝතලයක පියන තෙල් ටැංකියේ පියන ලෙස භාවිතා කළ මෙම මෝටර් රථයට එවකට රුපියල් 450 ක් ලැබුණා යනු එය රාජකීය මුදලකි.
එහි ඇති ස්මිත්ස් වේගමාපකයට අනුව එම මෝටර් රථය එතැන් සිට සැතපුම් 58,150 ක් ගමන් කර තිබේ.

පිලිප් කුමරු ලංකාවට පැමිණි විට මෝටර් රථය බැලීමට යයි
වසර 1956 දී පිලිප් කුමරු තුන්වන වරට ශ්‍රී ලංකාවට පමිණි අවස්ථාවේදී මෙම මෝටර් රථය නැරඹීමට ගොස් ඇත.
තමන් 1940 වසරේ මුල් වරට ධාවනය කළ මෝටර් රථය තවමත් උසස් තත්ත්වයෙන් පැවතීම පිළිබඳ ඔහු එහිදී බොහෝ සන්තෝෂ විය.
1950 දශකයේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය රැජිණ සහ පිලිප් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි විට ගමන් කළ වායු සමීකරණය කළ 1954 නිෂ්පාදිත Cadillac වර්ගයේ ලිමොසින් මෝටර් රථය ද ගාඩිනර් පවුල සතුව පවතී.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එහි තැටි වාදන යන්ත්‍රයක්ද ඉලෙක්ට්‍රික් ජනේල ද තිබුණි.
නමුත් 1982 දී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී බ්‍රිතාන්‍ය රැජින විසින් භාවිතා කරන ලද මෙරූන් පැහැති Daimler මෝටර් රථය මීට වසර කිහිපයකට පෙර වෙන්දේසිය සඳහා වෙළඳපොළට දැමූ විට ඒ සඳහා එතරම් උනන්දුවක් ඇති නොවුණු බව වාර්තා විය.

