ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් වන අබෝරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දුපත්වාසීන් ගේ ඉතිහාසය සහ සංස්කෘතිය සැමරීම සහ ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු වැසියන් දැනුවත් වෙනුවෙන් සෑම වසරකම ජූලි මස පළමුවන ඉරිදා සිට සතියක කාලයක් වෙන් කෙරේ. එය National Aborigines and Islanders Day Observance Committee හෙවත් (NAIDOC) කමිටුව මඟින් සංවිධානය කෙරෙන නිසා මෙම සතිය ඔස්ට්‍රේලියාව තුල හැඳින්වෙනුයේ NAIDOC සතිය යනුවෙනි.
මේ වසරේ කොරෝනා තර්ජනය හේතුවෙන් අතුවුණු විවිද සීමා කිරීම් නිසා සාමාන්‍යයෙන් සෑම වසරකම ජූලි මාසයේ සැමරෙන මෙම NAIDOC සතිය මෙම 2020 වසරේ සැමරෙනුයේ නොවැම්බර් මස 8 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුලයි.
ජාතික NAIDOC සතිය පාදක කරගනිමින් මෙම ලිපිය සකස් කොට ඇති අතර ඔබ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ප්‍රදේශයන්හි පවතින ආදිවාසී පුරාණ වැදගත්කම,ආදිවාසී භාෂා සහ "Aboriginal land" යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු මෙහි ඇතුලත් වේ.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් (Adelaide) අගනුවර - Kaurna (කොඕනා) ආදිවාසී භාෂාව කතාකරන ජනතාව විසූ ප්‍රදේශය
දකුණු ඕස්ට්‍රේලියාවේ භාෂා පාසලේ 11 සහ 12 වසර සඳහා Kaurna භාෂා පාඨමාලා මගින් සහ University of Adelaide හි Kaurna භාෂා පාඨමාලා මගින් ඇඩිලේඩ් හි Kaurna භාෂාව ඉගැන්වීම සඳහා දැඩි උත්සාහයක් ගෙන තිබේ.
දකුණු ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය පුස්තකාලය සහ ඇඩිලේඩ් උත්සව මධ්‍යස්ථානය ඇතුලුව Kaurna සංස්කෘතිය හා ඉතිහාසය ඇඩිලේඩ් හි වැඩි වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ.

නොදර්න් ටෙරටරියෙහි ඇලිස් ස්ප්‍රින්ග්ස් (Alice Springs) නගරය - Arrernte (අරන්ටර්) ආදිවාසී භාෂාව කතාකරන ජනතාව විසූ ප්‍රදේශය
Arrernte භාෂාවේ උප භාෂා 5ක් පවතී. ඒ ගිනිකොන, මධ්‍යම, උතුරු,නැගෙනහිර, නැගෙනහිර සහ ඊසානදිග ලෙසයි. නැගෙනහිර හා මධ්‍යම Arrernte භාෂාව භාවිත කරන්නන් 1,800 ක් පමණ සිටින අතර එය ඕස්ට්‍රේලියාවේ භාෂාවක් භාවිත කරන විශාලතම ජනගහන අතුරින් එකක් ලෙස වාර්තා වේ.
"rr" සහිත දේශීය වචන මධ්‍යම ඕස්ට්‍රේලියාව තුල භාෂාවන්හි සුලභ වන අතර Arrernte යන වචනය උච්චාරණය කිරීමේදී 'Aranda', 'Arrarnta' හෝ 'Arunda' යන වචන හා සමානව ශබ්ද කෙරේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් (Brisbane) අගනුවර - Yuggera (යගෙරා) ආදිවාසී භාෂාව කතාකරන ජනතාව විසූ ප්‍රදේශය
Yuggera භාෂාව කතා කරන ආදිවාසී ජන කොට්ටාසය අවට Turrbal, Noonucal, Goenpul සහ Yugembah වැනි ජන කොට්ටාස ජීවත්ව තිබේ.
සුප්‍රසිද්ධ Yuggera/Jagera යන භාෂාවේ 'Yakka' යන වචනයේ තේරුම වන්නේ "මහන්සි වී වැඩකිරීම" යන්නයි. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ Workwear සමාගමක වෙළඳ නාමය සඳහා මෙම වචනය යොදාගෙන තිබේ.
ක්වීන්ස්ලන්ත රාජ්‍ය පුස්තකාලය මගින් තවත් Yuggera භාෂාවේ පැමිණෙන වචන දැනගත හැකිය.

ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියෙහි කැන්බරා (Canberra) අගනුවර - Ngunnawal (නනවොල්) ලෙසින් හඳුන්වනු ලැබූ ඕස්ට්‍රේලියානු ආදිවාසී ජන කොට්ටාසය විසූ ප්‍රදේශය
Ngunnawal ආදිවාසී ජන කොට්ටාසය අවට Ngambri ජන කොට්ටාසය ජීවත්ව තිබේ.
Ngunnawal ආදිවාසී ජන කොට්ටාසය කැන්බරා හි සිට ගොල්බර්න් දක්වා විහිද පැවතී තිබේ.
Canberra යනු Ngunnawal භාෂාවේ පැමිණෙන වචනයක් වන අතර එමගින් "රැස්වීම් ස්ථානය" යන අරුත ගෙන දේ. වර්තමාන කැන්බරා හි පිහිටා ඇති නිම්නය අතීතයේදී, Yuin, Wiradjuri, Gundungurra සහ Ngarigo යන පළමු ජාතීන් කණ්ඩායම් රැස්වීමේ ස්ථානයක් ලෙස භාවිත කොට තිබේ.
Ngunnawal ජනතාව සහ යුරෝපීයයන් අතර පැවති පළමු සම්බන්ධතාවය පිළිබඳව සාක්ෂි 1820 දී Limestone Plains හිදී සිදු කල ගවේෂණයකදී හෙළිව තිබේ.
Ngunawal යන වචනය උච්චාරණය කිරීමේදී "n" අක්ෂර දෙකක් වෙනුවට එක් "n" අක්ෂරයක් පමණක් භාවිත කෙරේ.

නොදර්න් ටෙරටරියෙහි ඩාවින් (Darwin) අගනුවර - Larrakia (ලරකියා) ලෙසින් හඳුන්වනු ලැබූ ඕස්ට්‍රේලියානු ආදිවාසී ජන කොට්ටාසය විසූ ප්‍රදේශය
Larrakia රට, බටහිරින් Cox අර්ධද්වීපයේ සිට උතුරේ Gunn Point දක්වාත්, නැගෙනහිරින් ඇඩිලේඩ් ගඟ දක්වාත්, දකුනු දෙසින් Manton වේල්ල දක්වාත් විහිද පැවතී තිබේ.
Larrakia ජනතාව මුහුද සමග දැඩි සම්බන්ධතාවයක් පවතින අතර Tiwi, Wagait සහ Wulna යන අසල්වැසි ජන කණ්ඩායම් සමග මුහුදු ගමන් සහ වෙළඳාම් සිදුකල බවට දීර්ඝ ඉතිහාසයක් පවතී.
Kenbi land claim ගිවිසුමට අනුව Northern Territory යේ වැඩිම කාලයක් වන ඉඩම් හිමිකම Larrakia ජනතාවට හිමිව තිබේ. කෙසේ නමුත් රට සමඟ අඛණ්ඩව සම්බන්ධතාවය පිළිබඳ නීතිමය පිළිගැනීම මෙම ජනතාවට ලැබී ඇත්තේ මීට 2016 වසරේදීයි.
Image
තස්මේනියා ප්‍රාන්තයේ හොබාට් (Hobart) අගනුවර - muwinina (මුවිනිනා) ලෙසින් හඳුන්වනු ලැබූ ඕස්ට්‍රේලියානු ආදිවාසී ජන කොට්ටාසය විසූ ප්‍රදේශය
muwinina යනු තස්මේනියාව තුල සිටින වංෂිකයින් ජාලයක් වන palawa ජනයාගේ කොටසක් වේ.
palawa kani ලෙස හැඳින්වෙන "සාම්ප්‍රදායික" භාෂාවට අනුව ප්‍රදේශ නම් කිරීමේදී capital letters භාවිත නොකෙරේ.
එමෙන්ම palawa kani භාෂාවෙන් හෝබාට් හි Mount Wellington, "kunanyi" ලෙස හැඳින්වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් (Melbourne) අගනුවර - Kulin Nation (කුලීන් ජාතිය) ට අයත් භූමිය.
කුලීන් ජාතිය යනු ආදිවාසී ජාතීන් 5 කින් සමන්විත වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු මධ්‍යම ප්‍රදේශ වල ජීවත්වුණු ආදිවාසී කොට්ටාසයකි
Kulin ආදිවාසී ජන කොට්ටාසය තුල සහ එම ජන කොට්ඨාශය අවට Woiworung සහ Boonwurrung වැනි ජන කොට්ටාස ජීවත්ව තිබේ.
William Barak, Woiworung ජාතියේ Wurunderjeri වංශයේ අවසාන 'ලේ' ගෝත්‍රික ජාතිකයා යැයි පැවසේ. William Barak හට උපහාරයක් වශයෙන් මොහුගේ මුහුණ සහිත Barak Building ලෙස හඳුන්වන ගොඩනැගිල්ලක් මෙල්බර්න් නගරයේ Swanston Street හි ඉදිකොට තිබේ.
William Barak ප්‍රමුඛ නායකයෙකු , ක්‍රියාකාරියෙකු , චිත්‍ර ශිල්පියෙකු වූ අතර ඔහුගේ වැදගත්ම කාර්යය වූයේ සැඟවී සිටි, බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරීන්ගෙන් මිදී ඕස්ට්‍රේලියාව තුල විවිධ අපරාධ ක්‍රියා සිදු කල Ned Kelly සහ ඔහුගේ කල්ලිය ලුහුබැඳ යාමයි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් (Perth) අගනුවර - Whadjuk (යැගන්) ආදිවාසී භාෂාව කතාකරන ජනතාව විසූ ප්‍රදේශය
Whadjuk ජාතිය නිරිතදිග බටහිර ඕස්ට්‍රේලියාව ආවරණය වන ජාලයක් වන Noongar ජන සමූහයේ කොටසක් වේ.
බ්‍රිතාන්‍යයන් ජනාවාස බිහි කිරීමට පෙර මෙම Whadjuk ජාතිය ලන්දේසි ගවේශකයින් සමඟ සමීප ඇසුරක් පවත්වන්නට ඇති බවට විශ්වාස කෙරේ.
එමෙන්ම ඇතැම් අවස්ථාවන් වලදී තල්මසුන්ගේ පැමිනීමද ඔවුන් අත්දකින්නට ඇති බවට විශ්වාස කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
Whadjuk හි Guildford නගරය Noongar ජනයා හට වැදගත් ස්ථානයක් වන අතර එහි කඳවුරු සහ අධ්‍යාත්මික ස්ථාන පවතී. නමුත් මේ වන විට දේශීය ජනතාව එම ප්‍රදේශ භාවිත කිරීම සිදු කරයි.
Rottnest Island හි දක්නට ලැබෙන සත්වයකු වන 'Quokka' සත්වයාගේ නම සඳහා යොදාගෙන ඇත්තේද Whadjuk භාෂාවේ එන වචනයකි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි (Sydney) අගනුවර - Eora Nation (ඉඕරා) සිඩ්නි අගනගරයේ ආදිවාසී ජන කණ්ඩායම් 29 ක් පමණ සාමූහිකව තැනු ජාතිය Eora Nation ලෙස හැඳින්වේ
Eora ආදිවාසී ජන කොට්ඨාශය තුල සහ එම ජන කොට්ඨාශය අවට Cammeraygal, Gadigal සහ Bidjigal වැනි ජන කොට්ඨාශ ජීවත්ව තිබේ.
Eora ජාතිය තුල වංශ සැලකිය යුතු ගණනක් පවතී. St George's ගංගාව, Hawkesbury ගංගාව සහ Parramatta ගංගාව මායිම් කරගනිමින් මෙම ප්‍රදේශය ස්ථාපිතව තිබේ. Gadigal ජනතාව සිඩ්නි නගරවංශිකයින් ලෙස හැඳින්වේ.
Gadigal Land හි වර්තමානයේ සිඩ්නි වරාය පාලමට දකුණින් පිහිටි ප්‍රදේශය Barangaroo ලෙස හඳුන්වා ඇත්තේ වර්තමානයේ Manly ලෙස හැඳින්වෙන උතුරු වරායට අසන්න ප්‍රදේශයේ ජීවත් වූ ආදිවාසී නායිකාවක සිහිකිරීම සඳහා වේ.

ඕස්ට්‍රේලියානු ආදිවාසී භූගෝලීය පසුබිම පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා AIATSIS map of Indigenous Australia වෙත පිවිසෙන්න.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


