SKIP TO MAIN CONTENT

අගෝස්තු 09, ඔස්ට්‍රේලියානු සංගණනය පිළිබඳ ඔබට තවමත් ගැටළු තිබේද? : SBS සිංහල වෙතින් ඒ සඳහා පිළිතුරු (SBS/වාර්තා)

සංගණන දත්ත සැපයීම ප්‍රමාද වුවහොත් ඔබට දඩ ගෙවීමට සිදුවන්නේ නැත. නමුත් ඔබගේ සංගණන දත්ත හැකි ඉක්මනින් සැපයීමට ඔබ වග බලාගත යුතුය. මෙවැනි අවස්ථාවක ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය මගින් ඔබට සිහි කැඳවීමේ ලිපියක් එවනු ඇත. ඔබ එයටද ප්‍රතිචාරයක් නොදැක් වුවහොත් සංගණන නිලධාරියෙකු ඔබේ නිවසට පැමිණෙනු ඇත.

Australian Census Night on August 9
Australian Census Night on August 9 Source: Flickr

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

එළඹෙන අගෝස්තු 09 වන දින පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු ජාතික සංගණනය පිළිබඳ මේ වන විට මහජනතාවට විවිධ ගැටළු මතුව ඇති බව වාර්තා වෙමින් පවතියි. එම ගැටළු වලින් ප්‍රධාන ගැටළු කිහිපයක් සඳහා නිවැරදි පිළිතුරු මෙම ලිපිය ඔස්සේ සාකච්ඡා කෙරෙනු ඇත.

1) අගෝස්තු 09 වන දිනට පෙරාතුව සංගණන දත්ත සැපයිය හැකිද?

ඔබගේ නිවසට අංක 12කින් යුක්ත කේතයක් (Code) සමග සංගණනය පිළිබඳ උපදෙස් ඇතුළත් ලිපිය ලැබුණු පසු අන්තර්ජාලය හරහා අගෝස්තු 09 වන දිනට පෙරාතුව ඔබට ඔබගේ සංගණන දත්ත සැපයිය හැකිය. නමුත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම කටයුත්ත අගෝස්තු 09 වන දිනම සිදු කරන ලෙසයි.

2) අගෝස්තු 09 වන දිනට පසුවත් අන්තර් ජාලය ඔස්සේ සංගණන දත්ත සැපයිය හැකිද? එසේ කළහොත් $180ක දඩයක් ගෙවීමට සිදු වෙයිද? ඇත්ත වශයෙන්ම සංගණනයේ අවසාන දිනය කවදාද?

සංගණන දත්ත සැපයීම ප්‍රමාද වුවහොත් ඔබට දඩ ගෙවීමට සිදුවන්නේ නැත. නමුත් ඔබගේ සංගණන දත්ත හැකි ඉක්මනින් සැපයීමට ඔබ වග බලාගත යුතුය. මෙවැනි අවස්ථාවක ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය මගින් ඔබට සිහි කැඳවීමේ ලිපියක් එවනු ඇත. ඔබ එයටද ප්‍රතිචාරයක් නොදැක් වුවහොත් සංගණන නිලධාරියෙකු ඔබේ නිවසට පැමිණෙනු ඇත.

3) සංගණන දත්ත සැපයීම සනහා ඔස්ට්‍රේලියාවේ ඇති බහුතරයක් අගෝස්තු 09 වන දින අන්තර් ජාලය භාවිත කිරීමට ඉඩ ඇති හෙයින් එදින අන්තර් ජාල පහසුකම් අවහිර වීමට ඉඩ තිබේද? එසේ වුවහොත් සංගණන දත්ත සපයන්නේ කෙසේද?

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි මිලයන 16කට ආසන්න පිරිසක් අන්තර් ජාලය ඔස්සේ සංගණන දත්ත සැපයීමට අගෝස්තු 09 වන දින සූදානමින් පසුවෙයි. මෙම ප්‍රමාණය සමස්ත නිවාස වලින් 65%ක ප්‍රතිශතයක්. කෙසේ නමුත්, 80%ක ප්‍රතිශතයකට පමණ වුවද කිසිඳු බාධාවකින් තොරව එදිනට අන්තර් ජාල පහසුකම් පවතින බව වාර්තා වෙයි.

4) සංගණන පත්‍රිකා පුරවා භාර දීමේ අවසාන දිනය කවදාද?

අන්තර් ජාලය ඔස්සේ නොව සංගණන පත්‍රිකා මගින් ඔබ සංගණන දත්ත සැපයීමට අපේක්ෂා කරනවානම් ඔබට 1300 820 275 යන දුරකතන අංකයෙන් ඒවා ලබාගැනීමට හැකියාව පවතියි. මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර එහිදී ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ නිවසට ලැබුණු සංගණන උපදෙස් සහිත ලිපියේ ඇති අංක 12කින් යුත් කේතය පමණි.  මෙම සේවාව අගෝස්තු 09 වන දිනට පසු දින පවා වීවෘතව පවතිනු ඇත.  

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය මගින් ඔබට සිහි කැඳවීමේ ලිපියක් ලැබුනහොත් හෝ සංගණන නිලධාරියෙකු ඔබේ නිවසට පැමිණියහොත් ඔබට ඉහත අංකයට කතා කර සංගණන පත්‍රිකාවක් ලබාගෙන දත්ත සැපයීමට හැකියාව තිබේ.

5) සංගණන පත්‍රිකා ලබ ගැනීමේ දුරකතන අංකය සෑම විටම කාර්ය බහුල බවට බොහෝ පිරිස් අතර චෝදනාවක් පවතියි. එම අංකයට අමතරව තවත් අංකයක් තිබේද?

සංගණන පත්‍රිකා ලබාගැනීම සහ තොරතුරු ලබාගැනීම හේතුවෙන් මෙම අංකයට විශාල ඇමතුම් ප්‍රමාණයක් ලැබෙමින් පවතින අතර ඇතැම් විට ඔබට සැලකිය යුතු වේලාවක් දුරකතනයේ රැදී සිටීමට සිදුවනු ඇත. ඔබට සිදුවන අපහසුතාවට ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය කණගාටුව පළ කරන අතර එසේ වුවහොත් වෙනත් වේලාවක නැවත උත්සාහ කරන මෙන් ඉල්ලීමක්ද කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now