SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ඔබේ දරුවාත් පාසලට Smart දුරකතනය අරං යනවාද? එසේනම් මේ තහනම ගැනත් දැනගන්න (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern Territory පාසල්වල මෙන් මෙම තහනම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රජයේ ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට මෙන්ම රජයේ ප්‍රාථමික පාසල්වලට ද බලාත්මක කෙරෙනු ඇත.

Smart Phone 01 - Getty Images.jpg

3 min read

Published

By Sophie Bennett, Madhura Seneviratne

Source: SBS, AAP



Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ High school හෙවත් ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට පාසල් වේලාව තුළ ඔවුන්ගේ දුරකථන භාවිතා කිරීම තහනම් කෙරෙනු ඇත.

පසුගිය දා නිමාවට පත්වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් තේරී පත්වූ නව කම්කරු පක්ෂ රජයේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස මෙය හැඳින්වේ.

වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern Territory පාසල්වල මෙන් මෙම තහනම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රජයේ ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට මෙන්ම රජයේ ප්‍රාථමික පාසල්වලට ද බලාත්මක කෙරෙනු ඇත.

මෙම තහනම සාමාන්‍ය බුද්ධියෙන් සහ විශේෂඥයින් සමඟ සාකච්ඡා කර දරුවන්ගේ ඉගෙනුම් ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ක්‍රියා කරන බව සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව ප්‍රාන්ත අගමැති Chris Minns පැවසුවේය.

මෙම තහනම සැමටම ඵලදායී වෙයිද?

සම්පූර්ණ තහනමක් සමතුලිත පරිසරයක් නිර්මාණය කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමතිනි Prue Car පැවසුවාය.

මෙම ජංගම දුරකතන තහනම් කිරීම පන්ති කාමරවලදී සිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම අඩු කරන බවත් සයිබර් හිරිහැර කිරීමේ ගැටළු විසඳීමට සහ සිසුන්ගේ ඉගෙනුම් ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවත් ඇය පැවසුවාය.

“Smart ජංගම දුරකතන වැනි උපාංග තම දරුවන්ගේ ඉගෙනීමට සහ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳව ප්‍රාන්තය පුරා සිටින දෙමාපියන් සැලකිලිමත් වන බව අපි දන්නවා." යනුවෙන්ද ඇය පැහැදිලි කළාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Chris Minnsගේ වෙබ් අඩවිය දක්වන පරිදි විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා මෙම තහනමෙන් නිදහස් කිරීම් සිදු කෙරේ.

දුරකථන තහනම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සිඩ්නි නිරිතදිග Condell Park උසස් පාසලේ සිදු වන පරිදි, සෑම පාසල් දිනයක් ආරම්භයේදීම සිසුන් ට්‍රොලිවල දුරකථන තැන්පත් කර අවසන් සීනුව නාද වූ පසු ඒවා ලබා ගැනීම එක් විකල්පයක් වෙයි.

ගුරුවරුන් සහ සිසුන් කිසිදු බාධාවකින් තොරව ඉගැන්වීම සහ ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කිරීමට එය ඉවහල් වන බව එම විද්‍යාලයේ විදුහල්පතිනි Susie Mobayed නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

පාසල් කාලය තුළ සයිබර් හිරිහැර කිරීම්, සමාජ මාධ්‍ය හෝ ඡායාරූප සහ වීඩියෝගත කිරීම්වලට ඒ අනුව ඉඩක් නැති බව ඇය ප්‍රකාශ කළාය.

වෙනත් පාසල්වල අගුලු දැමිය හැකි බෑග්, ලොකර්, හෝ පාසල් දිනය ආරම්භයේදී සිසුන්ට ඔවුන්ගේ දුරකථන පාසලට බාර දීමට ක්‍රමයක් සලස්වන බව රජය පවසයි.

දුරකථන තහනම ආරම්භ වන්නේ කවදාද?

මෙම තහනම බලාත්මක කිරීම සඳහා පවතින විකල්ප පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුව අප්‍රේල් 03 සිට පාසල් සමඟ උපදේශනය ආරම්භ කර තිබේ.

මෙම වසරේ සිව්වන වාරයේ සිට සෑම නිව් සවුත් වේල්ස් රජයේ උසස් පාසලකම දුරකථන තහනම බලාත්මක කරන බව ප්‍රාන්ත අගමැති Chris Minns පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now