කොරෝනා අතරතුර ඕස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණික ප්‍රජාව තුල ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහලට (SBS සිංහල / වාර්තා)

Domestic Violence

Domestic Violence Source: Getty

ඕස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික සංක්‍රමණිකයින්ගෙන් 75%ක් පමණ කොරෝනා සමයේදී ගෘහස්ත සහ පවුල් හිංසන සහාය පතා ඇති බව හෙළිව තිබේ. මොවුන් බොහෝ දෙනා තම ජීවිතයට බියක් දක්වන බව සඳහන් කොට ඇතැයිද වික්ටෝරියා ප්‍රාන්තයේ සේවා සැපයුම්කරුවකු විසින් සකස් කල විෂය ලිපිගොනු තුල සටහන්ව තිබේ.
 
Monash විශ්ව විද්‍යාලයේ නවතම වාර්තාවක් පෙන්වා දී ඇත්තේ, මෙය කොරෝනා සමයේදී ගෘහස්ත සහ පවුල් හිංසන සහාය පැතු තාවකාලික සංක්‍රමණිකයින් පිලිබඳ සකස් කල පළමු විෂය ලිපිගොනු වාර්තාව වන බවයි. රජය මගින් ලබාදෙන JobKeeper සහ JobSeeker දීමනා තාවකාලික සංක්‍රමණිකයින් නොලැබීම මත ඔවුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ දැඩි අවධානමක් මතුව තිබේ.නමුත් මෙලෙස ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන තාවකාලික සංක්‍රමණිකයින් බොහෝ විට ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකරන අතර තම සහකරු හැර ගිය හොත් තමා ඕස්ට්‍රේලියාවෙන් නෙරපනු ඇතැයි පවතින බිය ඊට හේතුව වී තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 


නමුත් 2020 වසරේ මාර්තු මස 16 වැනි දින සිට මැයි මස 31 වැනි දින දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන් සෑම 100කගෙන් 60 දෙනෙකුම ,වික්ටෝරියහි වික්ටෝරියානු බහු සංස්කෘතික පවුල් ප්‍රචණ්ඩත්ව සේවාවක් වන InTouch වෙත ප්‍රවේශ වී තිබේ. තමා පිටුවහල් කිරීමට කටයුතු කරන බවට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන් හෝ පුරවැසියන් වන තම සහකරුගෙන් තර්ජන එල්ල වන බවද බොහෝ කාන්තාවන් InTouch වෙත සඳහන් කොට තිබේ. 
 
අපරාධ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක සහ study හි සම කර්තෘ Marie Segraves සඳහන් කරන්නේ 2017 වසරේ කාන්තාවන් 300 දෙනෙකු යොදාගනිමින් විශාල අධ්‍යයනයක් සිදුකල අතර සංක්‍රමණ තත්ත්වය පාලන මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම ස්ථාවරව පවතින්නක් වන බවයි. නමුත් මේ වන විට උද්ගතව ඇති තත්වයට මූල්‍ය ආධාර සහ සුභසාධන ආධාර වල සෘජු බලපෑමක් පවතින බවද ඇය පෙන්වා දී තිබේ.
 
InTouch බහු සංස්කෘතික පවුල් ප්‍රචණ්ඩත්ව සේවාවේ සහාය පතන කාන්තාවන්ගෙන් 95%කට පමණ දෙනා හට මේ වනවිට සිය රැකියා වල වෙනස්කම් සිදුව ඇති අතර 70% පමණ දෙනා හට කොරෝනා වසංගතය හේතුවෙන් සම්පුර්ණයෙන්ම සිය රැකියා අහිමි වී තිබේ.
 
කොරෝනා වසංගතය පවතින කාලසීමාව තුල තම ආයතනයේ සහාය ලබාගැනීම 20%කින් පමණ ඉහල ගිය අතර එමගින් 50%ක් පමණ තාවකාලික සංක්‍රමණිකයින් වන බව InTouch බහු සංස්කෘතික පවුල් ප්‍රචණ්ඩත්ව සේවා ප්‍රධාන විධායක නිලධාරී Michal Morris පෙන්වා දේ.
Busy streets
Source: Pixabay
නිසි අදායමක් නොලැබීම , අහාර සඳහා මුදල් නොමැතිවීම ,බිල්පත් ගෙවීම සහ සෙසු වියදම් සඳහා මුදල් නොමැති වීම වැනි හේතුන් මත කොරෝනා වසංගතය අතරතුර තාවකාලික වීසා හිමියන් දැඩි පීඩනයකට පත්ව තිබේ.
 
කොරෝනා වසංගත සමය අතරතුර තම ආයතනයෙහි සහාය පැතීමද ඉහල ගොස් ඇති බව සෙසු ප්‍රාන්තයන්හි පවුල් හිංසනය පිළිබඳව වන සේවාවන් සඳහන් කරයි.
 
මධ්‍යම රජයේ COVID-19 ප්‍රතිචාරය පිළිබඳ සෙනෙට් කමිටුව හමුවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ "කාන්තා නීති සේවාව" සඳහන් කොට ඇත්තේ මැයි මාසයේ දී සීමාවන් ඉවත් කිරීමෙන් පසුව ඔවුන්ට සහාය ලබාගැනීම සඳහා වන ඇමතුම් 50% කින් වැඩි වී ඇති බවයි. 
 
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Domestic Violence NSW ආයතනය සඳහන් කොට ඇත්තේ, මැයි මස සිට තාවකාලික වීසා මත සිටින පුද්ගලයින් 369 දෙනෙකු තම ආයතන සහාය පතා ඇති බවයි. එමෙන්ම 45%ක් පමණ දෙනා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සහ 64% දෙනා මුදල්, අහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා සහාය පතා ඇති බවද එම ආයතනය සිදු කල සමීක්ෂණයකින් හෙළිව තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


 



වික්ටෝරිය ප්‍රාන්තය තුල ක්‍රමයෙන් සීමා ලිහිල් කිරීමේදී තවත් කාන්තාවන් තම ආයතනයේ සහාය පැතීම සිදුකරනු ඇතැයි විශ්වාස කරන බව InTouch බහු සංස්කෘතික පවුල් ප්‍රචණ්ඩත්ව සේවා ප්‍රධාන විධායක නිලධාරී Michal Morris පවසයි. 
 
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් මෙම වසර මුලදී ඩොලර් මිලියන150 ක ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව හදිසි ප්‍රතිචාර පැකේජයක් ප්‍රකාශයට පත් කෙරින. පවුල් හා සමාජ සේවා අමාත්‍ය Anne Ruston ජූලි මාසයේදී සඳහන් කලේ වසංගතය හේතුවෙන් වඩාත් සංකීර්ණ වී ඇති සහ වෙනස්වන ගැටලු ස්වභාවය සමඟ කටයුතු කිරීමේ හැකියාව සේවාවන්ට පවතින බවට සහතික කිරීමට කැපවී සිටින බවයි.
info
Source: SBS Radio


Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා අතරතුර ඕස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණික ප්‍රජාව තුල ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහලට (SBS සිංහල / වාර්තා) | SBS Sinhala