Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අවධානයෙන් : මේ දීර්ග පාස්කු නිවාඩුවේදීත් ඔස්ට්‍රේලියානු මාර්ග වල රියදුරු වැරදි සඳහා Double demerits (SBS සිංහල/වාර්තා)

අදින් (02/04) ඇරඹුණු දීර්ග පාස්කු නිවාඩු සමයේදී ඔස්ට්‍රේලියානු මහා මාර්ග වල විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදීමට ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි පොලීසි කටයුතු යොදා තිබේ.

NSW Police Force in Action
Easter Operation 2021 started at 12.01am (Thursday, 1 April 2021) and run until 11:59pm (Monday, 5 April 2021) Source: WILLIAM WEST/AFP via Getty Images

Highlights

  • Double demerits ක්‍රමයට අදාළ ප්‍රධාන රියදුරු වැරදි
  • ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වලට අනුව ලැබෙන දඩ සහ හිමිවන demerits ලකුණු
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වැඩපිළිවෙල  

මාර්ග ආරක්ෂණය වැඩි කිරීම සහ මාර්ග සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් අප්‍රේල් 01 සිට අප්‍රේල් 05 මධ්‍යම රාත්‍රී 12 දක්වා ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත හා ටෙරිටරි වල double demerits ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

පාස්කු නිවාඩුවේදී නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියාව සහ Australian Capital Territory (ACT) හි මෙම double demerits ක්‍රමය බලාත්මක කෙරේ.

වික්ටෝරියානු සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වල මෙන්ම Northern Territory, ක්වීන්ස්ලන්ත හා ටස්මේනියා ප්‍රාන්ත වලද මෙවර පාස්කු නිවාඩුවේ දී double demerits ක්‍රමය බලාත්මක නොකෙරේ.

Double demerits ක්‍රමයට අදාළ ප්‍රධාන රියදුරු වැරදි

  • වේග සීමාවන් ඉක්මවා අවදානම් සහිත ලෙස රිය පැදවීම.
  • රිය ධාවනය කරන විට නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය.
  • ආසන පටි පැළඳ නොසිටීම.
  • හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීම.
  • බීමත්ව රිය ධාවනය කිරීම.

Image

ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වලට අනුව ලැබෙන දඩ සහ හිමිවන demerits ලකුණු.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝ මීටර් 45 ට වැඩි වේගයකින් ධාවනය කිරීම - demerits ලකුණු 12 ක් සහ $3821 දඩයක්.

රිය ධාවනයේදී නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය - demerits ලකුණු 10 ක් සහ $349 දඩයක්.

ආසන පටි පැළඳ නොසිටීම - demerits ලකුණු 6 ක් සහ $349 දඩයක්.

බටහිර ඔස්ට්‍රේලියාව

නියමිත වේග සීමාව ඉක්මවා රිය ධාවනය, රිය ධාවනයේදී නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය, ආසන පටි පැළඳ නොසිටීම සහ දරුවන්ගේ ආසන සඳහා ආරක්ෂාකාරී අසන පටි නොතිබීම වැනි නීති විරෝධී ක්‍රියා සඳහා double demerits ක්‍රමය බලාත්මක කෙරේ.

අධිවේගී කැමරා සඳහා හසු නොවන ලෙස විවිධ උපකරණ රථවාහන තුල සවි කොට තිබීම සහ අධිවේගී කැමරා සඳහා හසු නොවන ලෙස රිය කූට ලෙස රිය පැදවීම යන වැරදි මත demerits ලකුණු 14 ක් අහිමි කිරීම සිදු වේ.

NSW Police Force in Action
The NSW Police has launched a state-wide operation and officers are targeting drink, drug, dangerous and distracted driving. Source: Lisa Maree Williams/Getty Images

Australian Capital Territory (ACT)

නියමිත වේග සීමාව ඉක්මවා රිය ධාවනය, රිය ධාවනයේදී නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතය, ආසන පටි පැළඳ නොසිටීම සහ දරුවන්ගේ ආසන සඳහා ආරක්ෂාකාරී අසන පටි නොතිබීම වැනි නීති විරෝධී ක්‍රියා සඳහා double demerits ක්‍රමය බලාත්මක කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වැඩපිළිවෙල

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රථවාහන හා මහාමාර්ග මුර සංචාරයේ සහකාර කොමසාරිස් Karen Webb ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී. ඇය සඳහන් කොට සිටින්නේ පසුගිය වසරේ පැවති කොරෝනා තත්වය මත ජනතාවට සංචාරය කිරීමට නොහැකිවූ අතර මේ හේතුවෙන් මෙවර ජනතාව එය හොඳින් භුක්තිවිඳිනු ඇති බවයි.

කෙසේ නමුත් ඇතැම් මාර්ග පිළිබඳව රියදුරන්ට අඩු දැනුමක් පැවතීම මත ප්‍රවේශමෙන් රිය පදවන ලෙසද Karen Webb ඉල්ලා සිටී.

A driver has lost 28 demerit points in one incident after her Holden Captiva was stopped at Ourimbah as a part of Operation Tortoise.
Source: NSW Police

නිව් සවුත් වේල්ස් පොලිස් හා හදිසි සේවා අමාත්‍ය David Elliott සඳහන් කොට සිටින්නේ පසුගිය ගංවතුරෙන් ප්‍රාන්තය තවමත් යථා තත්වයට පත්වෙමින් සිටින අතර මේ හේතුවෙන් තවත් ගැටළු මතු කිරීමට කිසිවෙකුත් දායක නොවන ලෙසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රවාහන හා මාර්ග අමාත්‍ය Andrew Constance පෙන්වා දෙන්නේ පසුගිය වසරේ සිදු වූ මාර්ග අනතුරු වලින් අඩකටත් වඩා අධික වේගයෙන් රිය පැදවීම මත සිදුව ඇති බවයි. මේ හේතුවෙන් තමන් යම් ගමනක් සිදු කිරීමේදී හදිසියකින් තොරව ඒ සඳහා අවශ්‍ය කාලය ලබා දීම අත්‍යවශ්‍ය වන බවද ඔහු පෙන්වා දේ.

එමෙන්ම නිසි විවේකයක් ලැබීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටී.

නිව් සවුත් වේල්ස් කලාපීය ප්‍රවාහන හා මාර්ග අමාත්‍ය Paul Toole ජනතාවට සඳහන් කොට සිටින්නේ මේ වනවිටත් පසුගිය ගංවතුර තත්වය හේතුවෙන් පිරිසිදු කිරීම් කටයුතු රැසක් සිදු කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් ගමන් කරන ලෙසයි.

 

ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්, 

මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට මෙතනින් පිවිසෙන්න


3 min read

Published

Updated

By Sahil Makkar, Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now