ඔස්ට්‍රේලියාව තුළ රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතා කළහොත් රියදුරු බලපත්‍රය වසරකට තහනම්.

Tougher penalties are needed for new drivers who use their phones while at the wheel, the AMA says

Source: AAP

ඔස්ට්‍රේලියාව තුළ රිය ධාවනයේදී learner හෙවත් ආධුනික සහ provisional හෙවත් තාවකාලික රියදුරන් කෙටි පණිවිඩ යැවීම් ඇතුළු තම ජංගම දුරකථනය භාවිතා කිරීම හසුවුවහොත් ඔවුන්ගේ රියදුරු බලපත්‍රය වසරකට තහනම් කළ යුතු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය ඉල්ලා සිටියි.

ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂණය පිළිබඳ තම සංගමයේ නවතම වාර්තාව එළිදක්වමින් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය මේ බව පවසා තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවේ රියදුරන් හට පදිකයින් හට මෙන්ම පාපැදි කරුවන් හට නව නීති කිහිපයක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ.

වාහන ධාවනයේදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධ ඇති ඔස්ට්‍රේලියානු නීතිය දැඩිව බලාත්මක කළ යුතු බවත් P සහ L තහඩු සහිත රියදුරන් හට මේ සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබා නොදිය යුතු බවත් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

_____________________**%%$$##**^^______________________

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now