ඔස්ට්‍රේලියාවේ තීන්දුව ප්‍රමාද නිසා මව් රටින් පළා ආ සෞදි තරුණියට කැනඩාවේ රැකවරණය.

Rahaf Mohammed Alqunun

Rahaf Mohammed stands with Canadian Foreign Minister Chrystia Freeland (right) as she arrives at Toronto Pearson International Airport. Source: AAP

සෞදියෙන් පළාවිත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගමනේදී තායිලන්තයේ රඳවාගෙන සිටි Rahaf Mohammed Alqunun නැමති 18 හැවිරිදි සෞදි තරුණියට කැනඩාවේ සරණාගත භාවය ලබා දීමට එරට රජය තීරණය කළේය.

ඒ සමග ඇය පසුගිය සති අන්තයේදී තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ  සියෝල් අගනුවර හරහා කැනඩාවට ළඟා වුවාය.

සෞදියේ සිට ඔස්ට්‍රේලියාව බලා සංචාරක වීසා මත පැමිණි Alqunun නැමති මෙම තරුණිය පසුගිය ජනවාරි 05 වන දින තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපොළේදී සැකපිට රඳවා ප්‍රශ්න කරන්නට විය.

ඇගේ පවුල තුළින් පැමිණෙන පීඩනය දරාගත නොහැකිව ඇය පළා යන බවත් නැවතත් ඇගේ මව් රටට යාමට ඇය බියක් දක්වන  බවත් එහිදී ඇය පැවසුවාය.

ඇය ඔස්ට්‍රේලියාවේ සරනගතභාවය අපේක්ෂා කරන බවත් එහිදී පවසා ඇති අතර ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම ඇගේ ඉල්ලීම පිළිබඳ සලකා බලන ලෙස ඔස්ට්‍රේලියාවට නිර්දේශයක් නිකුත් කළේය.

නමුත් ඇය පිළිබඳ තීරණයක් ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දීර්ග කාලයක් ගත කරන බවක් පෙනුණු බැවින් ඔස්ට්‍රේලියාව වෙත යොමු කළ නිර්දේශය තමන් ඉල්ලා අස්කර ගත් බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පැවසුවේය.

මේ අතර Alqunun හට සරණාගත රැකවරණය ලබා දීමට කැනේඩියානු රජය තීරණය කළ අතර ඒ අනුව ඇයව කැනඩාවට පිටත් කර හැරීමට තායි බලධාරීන් පියවර ගත්තේය.

කැනඩාවට පිවිසි Alqunun හට කැනඩාවේ Toronto Pearson ගුවන් තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතරම ඇයව පිළිගැනීමට කැනේඩියානු විදේශ ඇමතිනීද පැමිණ සිටියාය.

Rahaf Mohammed Alqunun
Source: SBS

මේ අතර Rahaf Mohammed Alqunun නැමති 18 හැවිරිදි සෞදි තරුණියට රැකවරණය ලැබීම පිළිබඳ තමන් තෘප්තිමත් වන නමුත් ජාත්‍යන්තරයේ කාන්තාවන්ගේ නිදහස සහ ආරක්ෂාව සමබන්ධයෙන් ඔස්ට්‍රේලියාව මීට වඩා ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායක Bill Shorten පැවසීය.

සිද්ධිය සම්බන්ධ පෙර පුවත්


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News, SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now