SKIP TO MAIN CONTENT

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ නම් සහ ඡායාරුප මෙන්න : වත්කම් රාජසන්තක කිරීමටත් පියවර

ISIS showed 8 men purported to be the Sri Lankan attackers
ISIS showed 8 men purported to be the Sri Lankan attackers

2 min read

Published

Updated


Skip to article content

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේදී ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 09 න් ජිවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන් ඇතුළු ඊට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවද පොලිස් ආරංචි මාර්ග තහවුරු කොට සිටී.

මේ අතර මරාගෙන මැරෙන ප‍්‍රහාර 8 ක් එල්ල කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. පාස්කු ඉරිදා සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ද විමර්ශන සහ පසු වැටලීම් පිළිබඳව දැනුම් දීම සඳහා ඊයේ පැවති ප්‍රවෘති දැනුම්දීමේ අවස්ථාවට සහභාගී වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම දේපළ තහනම් කිරීමේ පරීක්ෂණ නෛතිය ප‍්‍රතිපාදන දෙකක් මත සිදුවන බවත් ත‍්‍රස්තවාදීන්ට මුදල් යැපයීම මැඩපැවත්වීම් සම්මුති පනත සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදුවන බවද රුවන් ගුණසේකර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ නම් සහ ඡායාරුප ලැයිස්තුව

Easter Sunday terror attackers
Source: SBS Sinhala
Easter Sunday terror attackers
Source: SBS Sinhala
Easter Sunday terror attackers
Source: SBS Sinhala

*********************************************************************

SBS සිංහල ගුවන්විදුලිවැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

(ඕස්ට්‍රේලියානුවේලාවෙන්)

සජීවීව සහ පසුවonline අහන්න www.sbs.com.au/sinhalese වෙබ්පිටුවෙන්  

සජීවීවරූපවාහිනියෙන්අසන්න - Channel 38(ඕස්ට්‍රේලියාවේපමණි )

සජීවීවහෝපසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීවගුවන්විදුලියෙන්

(ප්‍රාන්තසඳහාfm තරංගමාලා)

93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහලගුවන්විදුලිය - සමස්තඔස්ට්‍රේලියාවටමඇසෙන එකමසිංහලගුවන්විදුලිය”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now