SKIP TO MAIN CONTENT

ලංකාවේ ආරක්ෂක අංශ වල සහයට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය වැඩට බසී.

Australian Federal Police to provide assistance to Sri Lanka with their investigation into the Easter Sunday bombings.
Source: AAP, Facebook

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව සිදු කෙරෙන ආරක්ෂක කටුයුතු වලට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියද සහය දක්වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සහය ලබාගැනීම ශ්‍රී ලංකාව අනුමත කළ බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison, A-B-C පුවත් සේවයට පැවසීය.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා ඊයේ ප්‍රකාශ කළේය.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු මවක් වන මැණික් සුරිආරච්චි මහත්මිය සහ ඇගේ 10 හැවිරිදි දියණිය Alexandria බව සඳහන්.

සුරිආරච්චි මහත්මියගේ සැමියා එම පිපිරුම වන අවස්තාවේදී සිය මෝටර් රථය ගාල් කරමින් සිටි නිසා ඔහු එම පිපිරුමෙන් දිවි ගලවාගෙන තිබේ.

තම පවුලේ සාමාජිකයෙකු රැක බලා ගැනීම සදහා ඔවුන් මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ගොස් ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර වලින් තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 50 ක සහ 20 ක ඔස්ට්‍රේලියානු කාන්තාවන් දෙදෙනෙකු එලෙස තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද සඳහන්.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර වලින් මිය ගිය සහ තුවාල ලැබූ සියලු දෙනා හට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සිය කණගාටුව පළ කර සිටියේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now