SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය අද සිට මුළුමනින්ම සංශෝධනය වෙයි.

Private Health Insurance
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය අද (01/04) සිට සම්පූර්ණයෙන් සංශෝධනය වන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද සිට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ගාස්තු සාමාන්‍ය අගයක් වශයෙන් 3.25% ක වාර්ෂික ප්‍රතිශතයකින් වැඩි වීමටද නියමිතය.

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ හිමියන් එක් එක් පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ පිළිබඳ පළමුව මැනවින් විස්තර සොයා බලා ඉන් අනතුරුව මාස 12 කට එකවර ගාස්තු ගෙවා වත්මන් ගාස්තු ස්ථිර කරගන්නා ලෙසටද සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙයි.

පුද්ගලික රෝහල් ආවරණය Gold, Silver, Bronze සහ Basic යනාදී ඛාණ්ඩ 4 ක් යටතේ වර්ගීකරණය කිරීම මෙම සංශෝධන වල ප්‍රධානතම අංගය වන බවත් ඒ පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීමක් මේ සතියේදී සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරන බවත් පැවසෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now