ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය එළඹෙන අප්‍රේල් 01 වන දින සිට සම්පූර්ණයෙන් සංශෝධනය වන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
යෝජිත ඇතැම් සංශෝධන මේ වන විටත් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති අතර සෙසු සංශෝධන 2019 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

නව සංශෝධන වලට ඇතුළත් වන්නේ මොනවාද?
- ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයේ නව සංශෝධන යටතේ පහත වෙනස්කම් ප්‍රධාන වේ.
- පුද්ගලික රෝහල් ආවරණය Gold, Silver, Bronze සහ Basic යනාදී ඛාණ්ඩ 4 ක් යටතේ වර්ගීකරණය කිරීම.
- වයස අවුරදු 18 ත් 29 ත් අතර තරුණ පරපුරට වට්ටම් ලබා දිය හැකිවීම.
- අඩු මූලික තැන්පතු සඳහා ඉහළ excesses මුදලක් නිර්ණය කිරීම.
- රෝහල් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දීර්ග දුරක් ගමන් කරන පුද්ගලයින්ට ගමන් සහ නවාතැන් වියදම් සඳහා ප්‍රතිලාභ ලබා දීම.
- බලා සිටීමේ කාලයක් නොමැතිව මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා තමන්ගේ රෝහල් ආවරණය යාවත් කාලීන කරගැනීමට හැකිවීම.
- අමතර ප්‍රතිපත්ති යටතේ රක්ෂණ සමාගම් හට ඇතැම් ස්වභාවික චිකිත්සක ක්‍රම සඳහා ප්‍රතිලාභ ලබා නොදීම.
- පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ හා සම්බන්ධ ගැටළු විසඳීමට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයා හට නව බලතල ලබා දීම.
නව සංශෝධන ඉදිරිපත් කිරීමට හේතුව
මේ වන විට ඔස්ට්‍රේලියාවේ වාසය කරන හරි අඩකට වඩා වැඩි පිරිසකට එනම් මිලියන මිලියන 13.5 කට පමණ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ තිබෙන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් තමන්ගේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වන්නේ කුමන සේවාවන්ද යන්න ඉන් බහුතරයකට නිසි අවබෝධයක් නොමැති බව ඔවුන් පවසයි.
මේ අතර තමන්ගේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයන් ඉතා සංකීර්ණ බවත් ඒවා අවබෝධ කරගැනීම අපහසු බවත් බොහෝ ඔස්ට්‍රේලියානුවන් චෝදනා නගා තිබේ.
මේ හේතු නිසාම ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය අවබෝධ කරගැනීමට පහසු වන නමින් සරළ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සංශෝධන ඉදිරිපත් කෙරේ.

Gold, Silver, Bronze සහ Basic යන ඛාණ්ඩ වලින් ආවරණය වන සේවාවන්

සංශෝධන වලින් වැඩි වාසි අත්වන්නේ කාටද?
ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය සඳහා ඉදිරිපත් කර ඇති සංශෝධන හේතුවෙන් කාන්තාවන්ට සහ තරුණ පිරිස් වෙත විශාල වාසි රැසක් අත්වන බව වාර්තා වේ.
කාන්තාවන්ට
- Bronze ඛාණ්ඩය හෝ ඊට ඉහළ ඛාණ්ඩයක් හිමි කාන්තාවන්ට පහත ප්‍රතිලාභ තම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයෙන් ලබා ගත හැකිය.
- නාරීයවේදික සේවාවන්
- ඩිම්බ කෝෂ සහ පියයුරු පිළිකා ප්‍රතිකාර
- පියයුරු ප්‍රතිනිර්මාණය
- එමෙන්ම Gold ඛාණ්ඩයේ රක්ෂණයක් හිමි කාන්තාවන්ට IVF වැනි ප්‍රජනක සේවා සඳහා ද ප්‍රතිලාභ ලබාගත හැකිය.

තරුණ පිරිස් හට
- ඔබ වයස අවුරුදු 18 ත් 29 ත් අතර නම් ඔබේ රෝහල් මූලික ගාස්තු සඳහා ඔබට වට්ටමක් හිමිවෙයි.
- ඔබ වයස අවුරුදු 41 ට පත්වූ පසු එම වට්ටම ක්‍රමයෙන් අඩුවෙයි.
- ඔබේ වයස අනුව ඔබට හිමිවන වට්ටම පහත සඳහන් අයුරින් වෙනස් වෙයි.
වයස අවුරුදු 18 ත් 29 ත් අතර — 10%
වයස අවුරුදු 26 — 8%
වයස අවුරුදු 27 — 6%
වයස අවුරුදු 28 — 4%
වයස අවුරුදු 29 — 2%
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

