ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමට වත්මන් ඔස්ට්‍රේලියාවේ ලිබරල් සන්ධාන රජය පසුගිය සතියේ තීරණය කළේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඒ අනුව මේ වන විට 190,00 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමට තීරණය වී ඇත.

ඔස්ට්‍රේලියාවේ 2019 - 2020 සඳහා සංක්‍රමණික වැඩසටහනේ සැලැස්ම
2019 - 2020 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ සැලැස්මට අනුව ඔස්ට්‍රේලියාවට බාරගන්නා මුළු සංක්‍රමණික සංඛ්‍යාව 160,000 ක උපරිමයකට සීමාවේ.
එම සංක්‍රමණිකයින් පහත පරිදි ඛාණ්ඩ ත්‍රිත්වයකට බෙදා වෙන් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
Skill stream
ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොලේ පවතින ශ්‍රම හිඟය පිරවීම සඳහා Skill stream යටතේ සංක්‍රමණිකයින් බාරගැනීම සිදුවේ.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල පවතින ශ්‍රම හිඟය පිරවීම මෙහි මූලික අරමුණ වෙයි.
160,000 ක් වූ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් 108,682 ක්ම හිමිව ඇත්තේ Skill stream ඛාණ්ඩයටය.
එය මුළු කෝටාවෙන් 69.5% කි.
Skill stream යටතේ එක් එක් නිපුණතා වීසා ඛාණ්ඩය සඳහා වෙන් කර ඇති නව කෝටාව පහත පරිදි වේ.
- Employer Sponsored - 30,000
- Skilled Independent - 18,652
- Regional - 23,000
- Skilled Employer Sponsored - 9,000
- Skilled Work Regional - 14,000
- State/Territory Nominated - 24,968
- Business Innovation & Investment program - 6,862
- Global Talent - 5,000
- Distinguished Talent - 200
පෙර පැවති Skilled Independent ඛාණ්ඩයේ 43,990 ක වාර්ෂික කෝටාව 2019-20 නව සැලැස්මේදී 18,652 ක් දක්වා 25,338 කින් කප්පාදු කිරීම නිපුණතා සංක්‍රමණිකයින්ට දැවැන්ත ලෙස බලපාන බවද පෙනී යයි.

Family stream
ඔස්ට්‍රේලියාවේ වාසය කරන සංක්‍රමණිකයින් හට තම සහකරුවන් ඇතුළු පවුලේ උදවියව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම Family stream යටතේ සිදුකෙරේ.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියේ සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා මොවුන්ට ගමන් කළ හැකිය.
2019 - 2020 මුල්‍ය වර්ෂය සඳහා Family stream ඛාණ්ඩයට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් 47,732 ක් හිමිව තිබේ.
එය මුළු කෝටාවෙන් 30.5% කි.
Family stream යටතේ එක් එක් වීසා ඛාණ්ඩය සඳහා වෙන් කර ඇති නව කෝටාව පහත පරිදි වේ.
- Partner - 39,799
- Parent - 7,371
- Other Family - 562

Special Eligibility
විශේෂ තත්ත්ව යටතේ සලකා බැලෙන මෙම ඛාණ්ඩයට 2019 - 2020 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් 236 ක් වෙන් කර තිබේ.
එමෙන්ම 2019 - 2020 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් දරුවන්ට 3,350 ක්ද වෙන් කර තිබීම විශේෂත්වයකි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

